Thursday, August 2, 2012

Windows XP වලින් Computer එක Format කරමු 3...........

Partition Create කරන හැටි දැන් දන්නවානේ .......... දැන් කරන්න ඕනේ OS XP Files තියාගන්න ඕන Partition එක තෝරන එක.... හරි අපි සාමාන්‍යයෙන් OS එක දාන්නේ C එකටනේ. C තෝරලා Enter press කරන්න.



මීළගට පැමිණෙන Window එකේ දී Format වෙනඩ ඕනේ Files Format එක තොරන්ඩ ඕනේ.. ඒ හින්දා Format the Partition using the NTFS file system යන විධානය තෝරන්න...
හරි දැන් ටිකක් ඉන්ඩ වෙනවා... මොකද දන්නවාද... දැන් තමයි XP.. එකේ Files ටික Partition එකට දාගන්නේ... එතකොට පහත පරිදි Window එකක් එනවා...
 මීළගට පරිගණකය Restart වේවි.....
හරි ආපහු මේ Window එක එනවා එතකොට කිසි Key එකක් Press කරන්න එපා....... ඉබේම On වෙන්න ඉඩදෙන්න..... මම මීළග ටික රූප වලින් දානවා...
 ටික වේලාවක් යද්දී මෙන්න මේ වගේ තිරයක් එනවා... 

ඒක පිරීගෙන යද්දී මෙන්න මේ වගේ සංවාද කොටුවක් එනවා.. ඒක  Next කරන්න.
මින්පසු මෙම Window එක පැමිණෙනවා මෙහි නමක් සදහන් කරන්න.... ඒක  Next කරන්න.
මින්පසු මෙම Window එක පැමිණෙනවා මෙහිදී CDඑකේ Product Key එක සදහන් කරන්න.එම Product Key එකක් නැතිනම් අන්තර්ජාලයෙන් ඔබට Product Key ලබාගත හැකි.... ඉන්පසු Next කරන්න. 
මෙහි පරිගණකයට නමක් ලබා දෙන්න......මෙහිදී රහස් පදය ලබා නොදීම වාසි දායක ලෙසත් අවාසි දායක ලෙසත් බලපානවා.. මම ඒක පසුවට කියන්නම්.....මේ රහස් පදය ලබා නොදී ඉන්ඩකෝ හේතුව කියන්නම්........ පසුව පළවන ලිපියකින්...... 
මෙහි ශ්‍රි ජයවර්ධනපුර තෝරන්න...... 
ඉන්පසු පහත ඇති එක Window දිස්වෙනවා... එකෙන් පසුව Network Settings Install වීම ඇරඹෙනවා.... 
හරි ඉතිරි ලිපියෙන් මේ ගැන කථා කරමු......

No comments:

Post a Comment