Saturday, September 1, 2012

පරිගණක ඉතිහාසයෙන් බිදක්... (1)


අප අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණක ඉතිහාසය පිළිබදවයි.. අපටද වසර දහස් ගණනකට එහා විහිදී ගිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇත.අතීතයේ ජීවත් වූ විවිධ වු පුද්ගලයන්ගේ කැපකිරීම් මත වර්තමානය පෝෂණය වී පවතී..ඒ වු විශිෂ්ඨ පුද්ගලයන් අතින් නිමවු පරිගණකය අද වන විට ඉතා දියුණු තත්වයක පවතී.

පරිගණකය වනාහි වර්තමානයේ අත්‍යවශ්‍ය මෙවලමක් වී ඇත. වර්තමානය විශ්ව ගම්මානයක් ලෙස හදුන්වන්නේද මේ පරිගණකයත් සමග බැදුණු තාක්ෂණික දියුණුව නිසාය.ලෝකයේ කොතනක වුවදු සිදුවන සිදුවීමක් තත්පර කිපයකින් ලෝකයේ අනෙක් පස සිටින පුද්ගලයකුට සියසින්ම දැක ගැනීමට හැකියාව ලැබී ඇත්තේද, ඕනෑම දෙයක් ගෙදරටම ගෙන්වා ගැනීමද.,වෙනත් රටක සිටින විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම දක්වා වූ එකී මෙකී නොකී හැම අවශ්‍යතාවයක්ම සපුරා ගැනීමට මෙම තාක්ෂණය මහත් පිටිවහලක් වී තිබේ.වර්තමාණයෙහි පරිගණකය භාවිතා නොවන ක්ෂේත්‍රයක් සොයා ගැනීමට අපහසුය. එය එතරම්ම දියුණුවට හේතු කාරණා රාශියකි.අපි එය ඉදිරි ලිපි ඔස්සේ සොයා බලමු. අද මේ ලිපිය පෙළි ඔස්සේ සාකච්ඡාවට බදුන් කරෙනුයේ පරිගණකයේ ඉතිහාසය පිළිබදවයි.. 

මිනිසා වනාහි අළුත් අළුත් දෑ නිතර නිතර සොයා යන සත්ත්ව කොට්ඨාසයකි. ඒ හේතුව නිසාම මිනිසා අනෙකුත් සතුන් මෙන් නොව සීඝ්‍ර පරිණාමයක  පත්වී ඇත. ඒ වූ මිනිසුන් විශාල පිරිසක් තම ශ්‍රමය කැප කරමින් මේ වන විටත් අළුත් සොයා ගැනීම් බොහෝමයක් ලෝවට ඉදිරිපත් කරමින් පවති. අතීතයේ පටන් මිනිසාට පැවතී අමාරු කාර්යයන් පහසු කර ගැනීම සදහා විවිධ වූ නිපැයුම් තනන ලදී. ඒ අමාරු කාර්යයන් අතර ගණිත ගැටළු විසදීම වනාහි මිනිසාට බරපතල ගැටළුවක් විය.අංක ක්‍රමයත් සමග මිනිසා විශාල පරිමාණයේ ගණිත කර්ම (Mathematical Operations) කිරීම ආරම්භ කරණලදි. එය ජය ගැනීම සදහා විවිධ වු උපකරණ බිහිවිය.මේ උපකරණ මගින් විවිධ වූ සංකීර්ණ වු ගණිත ගැටළු ඉතා ඉක්මනින් විසදා ගැනීමට හැකිවිය.මේ ගණිත කර්මයේ දියුණු විමත් සමගම ක්‍රමක්‍රමයෙන් යන්ත්‍රද දියණු විය.ඒහි ප්‍රතිඵලයක් වන්නේ පරිගණකය බිහි වීමයි. 

ඇබකසය (ABACUS)


 මෙහි ප්‍රතිඵලයක් වන්නේ  අවුරුදු 5000 පමණ ඈත අතීතයේ දී එනම් ක්‍රි.පූ. 3000 දී පමණ චිනයේ ඇබකසය (ABACUS) නම් උපකරණය නිපදවිමයි. මෙහි Beads නමින් හදුන්වන කුඩා බෝල සිරස් කූරු මත සවිකර ඇති අතර යම් ක්‍රමවේදයක් අනුගමණය කරමින් ඉතා ඉක්මනින් ගණනය කිරීම් කරගත හැකියා‍ව සැළසේ . මෙම උපකරණය භාවිතය මගින් වර්තමානයේ පවතින ගණක යන්ත්‍රයන්ට වඩා වේගයෙන් ගණිත ගැටළු විසදීමට හැකිය.මෙහි සමකාලිනව ඇබකස් වර්ග 3ක් පවති.ඒවා නම්,
 
  1. ජපන ඇබකසය
  2. රුසියන් ඇබකසය
  3. චීන ඇබකසය


ඇබකසය නිපදවූයේ කවුරුන්ද  යන වග සොයා ගැනීමට අපහසුය....
වැඩි දුර විස්තර අවශ්‍ය නම් පහල වීඩියෝ  බලන්නකෝ.




නැපියර් බෝන්ස් 

ක්‍රි.ව 1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් නම් ගණිතඥයා විසින් ලඝුගණකයක් නිපදවිය.මෙහි තනා ඇත්තේ කුඩා ඇත්දළ තීරු 22කිනි. මෙම තීරු තිරස් අතට සම්බන්ධ කොට සාදා ඇත.මෙමගින් අංක එකිනෙකට පහසුවෙන් වැඩි කර ගැනීමට හැකියාව පවතී.මෙය නම් කර ඇත්තේ නැපියර්ගේ ඇත් දළ තීරු නමිනි.Napier Bones කියාය.තවද මේය සමහර ග්‍රන්ථ වල නැපියර රොඩ්ස් කියාද හදුන්වා දී මෙම තාක්ෂණය උපයොගි කරගෙන පසුව 1632 දී පමණ එංගලන්තයේ දී සර්පණ රූල (Slide Rule) නිර්මාණය කරන ලදී.


වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහල වීඩියෝව බලන්න..


තවදුරටත් කොහොමද මෙය භාවිතයෙන් ගණන්  හදන්නේ කියලා දැන් ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න
 
පැස්කලායින්.

 
ක්‍රි. ව. 1642 දී බ්ලේස් පැස්කල් නම් ප්‍රංශ ජාතික ගණිතඥයා විසින් සොයා ගන්නා ලද ගණක යන්ත්‍රය පැස්කලායින් ලෙස හදුන්වයි.මෙය ලොව මුල්ම ගණක යන්ත්‍රයයි.අංක අනුව පිළිවෙලකට සකස් කරනු ලබා ඇති මෙම යන්ත්‍රය දැති හා දම්වැල් භාවිතය තුලින්  ක්‍රියාත්මක වේ.මෙය හරහා පහසුවෙන් සංඛ්‍යා එකතු කිරීම හා අඩුකිරීම සිදුකර ගත හැකිවිය.

පසුව 1673 දි මෙම යන්ත්‍රය ජර්මන් ජාතික ගණිතඥයකු වූ ගොට්‍ෆරඩ් විල්හෙම් (Gottfried Wilhelm Von Leibniz) විසින් වැඩිදියුණු කරන ලදී...එය හේතුකොටගෙන මෙම යන්ත්‍රය මගින් සංඛ්‍යා බෙදීම සහ ගුණ කිරීම සදහාද පහසුකම් සැලසිණ.මෙම වැඩිදියුණු කිරීමෙන් පසුව මෙයට Step Reckoner ලෙස නම් පටබැදිණ.

 
මීලග ලිපියෙන් තවත් ඉදිරියට පරිගණකයේ විකාශය පිළිබද සාකච්ඡා කරමු...

1 comment:

  1. Sakuna MadushankaMay 19, 2013 at 5:30 PM

    බොහොම වටිනවා, ස්තුතියි යාලුවා

    ReplyDelete