Sunday, September 16, 2012

'''''''''''''''''අපි නොදන්න Processor''''''''''''


පොරොන්දුවක් උණාම ඒක ඉටු කරන්න ඔනේ කියලා පොඩි කාලේ ඉදලාම ගුරුවරු, දෙමාපියන් කියලා දුන්නා. ඉතින් අද ලිපියෙන් යන්නේ මේ පොරොන්දුවක් ඉටු කරන්න.මම කලින් දවසක ලිපියකින් කිව්වා පරිගණකයේ කොටස් පිළිබදව.. කතා කරනවා කියලා.. පරිගණකයක් යනු කුමක්ද? කියන ලිපියෙදි තමයි මම පොරොන්දු උනේ.සමාවෙන්න ටිකක් කල් ගියාට....

ඉතින් අපි දැනට  කතා කරලා තියෙනවා.මොනවාද ආදාන, සැකසුම්, ප්‍රතිදාන උපාංගයන් කියාලා. (මොකා මොකා...... එහෙම එකක් කතා කළේ නෑනේ ඒ ලිපියේ..) ඇයි අපි කතා කලා අනේ....... ආදාන උපාංග - Input Device , සැකසුම් - processing Device , ප්‍රතිදාන - output Device,….කියලා....( හරි හරි කතා කරානේ.)


ඉතින් එදා මම කිවුවා මේ උපාංග පිළිබදව වැඩි දුර කතා කරනවා කියලා.පරිගණකයේ වැඩ කරන කොට අපි ප්‍රධාන කොටස් 3කින් එකකට අයත් වෙනවා. මොනවාද මේ ප්‍රධාන කොටස්.

1. Hardware
         පරිගණකයේ යම්කිසි බරක් තිබෙන අතට හසුවන සියළුම දෑ මේ ගණයට අයත්වේ.. 

2. Software
         ඉහත සදහන් කළ Hardware වැඩ කිරීමට අවශ්‍ය උපදෙස් අඩංගු වැඩසටහන්ය..

3. Liveware
        ජීවාංගයි.. ඒ කියන්නේ අපි.. අපි නැතිව පරිගණකයේ ක්‍රියාකරවීමට නොහැක .. පරිගණකය පණගැන්වෙන නමුත් තවම පරිගණකයට උපදෙස් ලබා දෙන්නේ මිනිසුන්ය...මේ ක්ෂෙත්‍රයේදී එහි සිටින සජීවි චරිත සියල්ලම අපි හදුන්වන්නේ මෙනමිනි.
  • පරිගණක ක්‍රියාකරවන්නන් (Computer Operator)
  • පරිගණක ඉංජිනේරුවන් (Computer Engineers)
  • මෘදුකාංග ඉංජිනේරුවන් (Software Engineers)

ඉතින් මම මේ ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණකයේ දෘඩාංග පිළිබද වැඩිදුර කරුණු ..

චාර්ලිස් බාබේජ්ගේ සංකල්පය යටතේ බිහිවු පරිගණකය වර්ථමානය වන විට ඉහළ වර්ධනයකට පත්වී ඇත. ආරම්භයේදී මේ පරිගණක ඉතා විෂාල වූ අතර  ක්‍රමක්‍රමයෙන් උපාංග වල දියුණුවත් සමග මෙම පරිගණක කුඩා වන්නට විය... (මම මේ ගැන කතා කළා පරිගණක ඉතිහාසයෙන් බිදක්... කියන ලිපි පෙළින්.හරි ඒක කියවුවේ නැත්තම් මෙතනින් යන්නකෝ)...

දැන් ඔයා දන්නවා පරිගණක ඉතිහාසය පිළිබදව.... හරි මම මේ ලිපිපෙළ ආරම්භයේදීම කියන්නම් මේ පරිගණකයේ මොළය පිළිබදව...... ඒ කියන්නේ Processor එක පිළිබද. මේ Processor පරිගණකයේ මොළය කීවොත් එක වරදක් නෑ.. මේ සියළුම ගණිත කර්ම සිදු කරන්නේ මේ Processor ඇතුලේ.. ලෝකයේ මුලින්ම Processor නිපද වූයේ Intel සමාගමයි. ඊට පස්සේ විවිධ වු ආයතන මේ Processor නිෂ්පාදනය කරා. ඒ අතර AMD ,Motrola, ආයතන ප්‍රසිද්ධයි. ඒ උනාට අද වෙළදපොළේ මේ Intel සමාගම මගින් නිපද වන Processor වලට හොද ඉල්ලුමක් තිබෙනවා.. බලන්න ඔයාගේ පරිගණකයේ  තියෙන්නේ මොන Processor වර්ගයද කියලා.. 

ඉතින් අපි ලබා දෙන උපදෙස් මත පරිගණකයට ලැබෙන දත්ත සැකසීමටකට භාජනය වෙනවා.. ඉතින් මේ සියල්ල සිදුවන්නේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය (Central Processing Unit-CPU) තුළයි. ඉන්පසු මේ තොරතුරු අපට විවිධ අයුරින් පිටතට ලබා දේ.. ඉතින් මේ ක්‍රියාවලියට සම්බන්ද උපාංග  අපි හදුන්වන්නේ output Device ලෙසයි. අපි ඒ පිළිබද ලිපියකින් සවිස්තරව කතා කරා(ඒ ලිපියත් කියවනවාගෙනම එන්නකෝ මෙතනින් යන්න)...

මම කතා කරන්න යන්නේ මේ Processor එක පිළිබදවනේ ඉතින් මම කිවුවා සියළුම ගණිතමය ගැටළු විසදීම සිදුවන්නේ මේ තුළ කියලා... ඉතින් මෙ Processor වල වේගය විවිධ වෙනවා.. මේ වේගය තීරණය කරන්නේ Clock Speed මතයි. (මොකක්ද අයිචෝ මේ Clock Speed කියන්නේ.) හරි හරි මම කියන්නම් .. මේ Clock Speed කියන්නේ තත්පරයකදී සිදුවන ස්පන්ද ප්‍රමාණය (කඩ්ඩෙන් කිවුවාමනේ තේරෙන්නේ Pulse).. ඉතින් මේවා මනින්නේ මෙගා හර්ට්ස් (MHz) වලින් .. දැන් දැන් මේවා ගිගා හර්ට්ස් (GHz)  වර්ධනය වී තියෙනවා...

තවම තේරුනේ නෑනේ. හරි අහගන්නකෝ. මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය ඒ කියන්නේ Speed එක වැදගත් සාධකයක්.. සමහර පරිගණකයේ වේගය ඝටිකා වේගය කියලා හදුන්වනවා.(ඔය ඝටිකා කියන්නේ Clock  කියන එකටනේ.) ඉතින් මේ වේගය මණින්නේ අර ඉහත කීවා වගේ (MHz) වලින් හා  (GHz)  වලින්.

1 Hz       = 1kHz
1000 kHz = 1 MHz
1000MHz = 1 GHz 

ඔයාලාගේ පරිගණකයේ Processor එකේ Clock Speed කීයද? ............. (අනේ ඒක කොහොමද බලන්නේ...... කියලා ගැටළුව ආව අයට කියන්නේ....... My Computer Icon එක Right Click  කරලා Properties එක මගින් / 7 පාවිච්චි කරනවානම් Start menu Computer එක Right Click  කරලා Properties එක මගින්) හරි බැලුවාද...

ඉතින් අපි කතා කර Processor එක ඇතුළේ Memory Location කියලාත් තියෙනවා. (ඉතින් මේකෙන් මොකද වෙන්නේ.) ඒකෙන් වෙන්නේ Processor එක ඇතුළේ  නිපදවන ගණිතමය සංඥා  පිටතට ලබා දෙන තෙක්ම රදවා තබා ගැනීමයි .. මේ ස්ථාන අපි හදුන්වන්නේ Registers කියලා... ඉතින් මේවා හරබර වචන නැතිව කීවොත් කියන්න වෙන්නේ Memory Location කියලා..

ඉතින් මේ Processor පිළිබද අපි මෙහෙම කතා කරමු..මේ Processor එක ඇතුළේ තියෙන දේවල්.. දැක්කම පිස්සු හැදෙනවා..

1. Execution Unit (සම්පාදන ඒකකය)
මෙය Processorඑකෙ ප්‍රධාන ඒකකයයි. මෙයින් සිදුවන්නේ උපදෙස් සකස් කරන්නේ මේ ඒකකය තුළයි..

2. Branch Predictor (පුරෝකථන කොටස)
Processor එකට අවශ්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථාවේ සැපයීම සදහා එකතුකර තබා ගන්නේ මේ කොටස තුළයි..

3. Floating Point Unit (FPU)
මම කලින් කීව විදිහට Processor තුළ වෙන්නේ ගණිත කර්ම විසදීමයි.ඉතින් මේ සාමාන්‍ය ගණතකර්ම වලින් විසදීමට අමාරු ගැටළු ඉතා වේගයෙන් සහ නිවැරදිව විසදීම සදහා මෙන්න මේ කොටස තමයි උපකාරි වෙන්නේ.

4. Primary cache
LI cache කියලත් මේක හදුන්වනවා.මේ කොටස ලොකු කොටසක් නෙවේ.ඉතා කුඩා කොටසක්.ඒත් වැඩනම් පොඩි නෑ.(පුංචි උණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ... ආ සින්දු කෑල්ලක් මතක් උණා). මේ කොටසේ කාර්යය ඉතා විෂාලයි.මේක ඉතා වේගවත්වූ Memory කොටසක්...වේගය අඩු ප්‍රධාන RAM එකෙන් තොරතුරු පැමිණෙනකන් ඉන්ඩ මෙයාට බෑ.මෙයා කරන්නේ CPU එකට අධිවේගයේන් දත්ත ලබාදෙන එකයි..ඉතින් මේ cache Memory එක වැඩ වෙන තරමට Processor වේගය වැඩී කියලා අපි කියනවා....ඒ කියන්නේ තීරණය වෙනවා.

5. Bus Interface
Processor සිදු කරන ගණිත ගැටළු විසදීමෙන් ඇතිවන විසදුම් ප්‍රතිදානය උපාංග වලට ලබාදෙන්නතේ.. Main Memory එකෙන් අවශ්‍ය දත්ත ලබා ගැනීමත් මේ Processor ඇතුළේ තියන Bus Interface මගින් සිදු කරන කාර්යයන් අතර වෙනවා.
ඉතින් මේ Processor හා වැඩ කිරීමේදී අපිට නිතර නිතර අසන්නට ලැබෙන්නේ මේ Bus  එකක්  වන්නේ FSB(Frout Side Bus/HOST Bus)


මේවායින් අන්තරගතවෙලා තියෙන Processor එක මුලින්ම නිපදවූයේ Intel සමාගමයි. 

  • The 4-bit processors විදිහට  Intel 4004 ත්  Intel 4040 ත්  
  • The 8-bit processors ඛාණ්ඩය ‍ යටතේ Intel 8008 ත් Intel 8080 ත් නිපද වූවා.. මේවා ඉතා දුර්වල වේගයෙන් හා අඩු කාර්යක්ෂමතාවයෙන් යුක්ත වුණා.

මීළගට විවිධ වූ Processor වර්ග නිපද වූවා.. (ඒවා ගොඩක් තියෙනවා වැදගත් ඒවා විතරක් දාන්නම්.) ඒ අතර  

  • Pentium 1 Processor  වැදගත් වේ.නමුත් මේවායේද වේගවත් බව දුර්වල තත්වයක පැවතුණි.මිළගට පිළිවෙළින්  
  • Pentium II   
  • Pentium III නිපද විය.මේවායේ වේගය තරමක් හොද මට්ටමක පැවතුණා. 
  • Pentium IV Processor වර්ගය ඉතා හොද වේගයකින් හා කාර්යක්ෂම තාවය අතින් ඉහළ මට්ටමක පැවතුණා.සාමාන්‍ය ලෙස මෙවාගේ Clock Speed එක. 1.2 GHz සිට 3.0 GHz දක්වා විය.Cache  Memory මට්මම 256 kb හා 512kb වලින් යුක්ත විය.මීට සමගාමිව වේගයෙන් හා මිළෙන් අඩු Celeron Processor Intel සමාගම  නිපද විය..

මීළගට  
  • Dual Core,  
  • Core 2duo,  
  • Quad Core,  
  • Core i3,  
  • Core I 5,  
  • Core i7 ආදී තාක්ෂණයන්ගෙන් සමන්විත processor නිපද විය.

ඔයාලට හිතෙනවා ඇති ඉතින් Processor එකක් අරන් ගැහුවානම් පරිගණකයේ වේගය වැඩිවෙයි කියලා. එහෙම නේ..... ඒත් එහෙම වෙන්නේ නෑ මේ Processor  අළුතින් අළුතින් නිපද වන්න නිපද වන්න මීට සමගාමි ලෙස මවු පුවරු Mother Board ද නිපද වූවා. ඒකට හේතුව කොච්චර වේගයෙන් දත්ත සැකසුමකට භාජනය කරත් ඒ දත්ත එහා මෙහා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් නැත්නම් වැඩක් නෑ. ඉතින් ඒක තමයි හේතුව.දත්ත එහා මෙහා ගෙනයාමට අවශ්‍ය Speed එකත් අවශ්‍යයයි..
ඊළග ලිපියෙන් කතා කරමු කොහොමද මේ processor පරිගණකයට සවි කරන්නේ කියලා.. ඒකට අවශ්‍ය උපාංග මොනවාද කියලා..

ඔයාලා දැන් දන්නවා කොහොමද පරිගණකයේ processor පිළිබද විස්තර  බලන්නේ කියලා.. ඔයාලාගේ පරිගණකයේ ඇති processor නම, එහි ඝටිකා වේගය.. පිළිබදව සදහන් කරලා යන්න.. ඔයාලා මේ ලිපියෙන් යම් කිසි දැනුමක්  ගත්තා කියලා..... ඒ පොඩි දෙයින් මට සතුටු වෙත හැකි.

ඉක්මනින් ඊළග ලිපියෙන් හමුවෙමු.............  එහෙනම් ඔක්කෝටම සුභ දවසක් වේවා..

3 comments:

  1. Processor එක ගැන නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.ගොඩක් පින්.

    ReplyDelete