add

Showing posts with label මනෝ විද්‍යාව. Show all posts
Showing posts with label මනෝ විද්‍යාව. Show all posts

Tuesday, January 6, 2015

මේ අවුරුද්දේ.... මොනවාද කරන්නේ.........


සුභ අලුත් අවුරුද්දක් වේවා.. හැමෝටම .. 2015 අවුරුද්දට පළවෙනි ලිපිය දාන්න තමයි බැලුවේ....මේ අවුරුද්ද ආරම්භයේදීම සිදුවූ යම් යම් සිද්ධි නිසා... මේ ලිපිය කොහොම හරි දාන්න ඕනේ කියලා හිතුවා..  අළුත් අවුරුද්දේ අපේ යාළුවන්ට දෙන හොදම තෑග්ග කියලා හිතල නමෝ විත්තියෙන් හැමදේනාටම සෙතක් වෙන්න කියලා ලිපිය මේ විදිහට පොස්ට් කරනවා.....


අපට ආගමික ජීවිතයේදී උගන්වන දෙයක් තමයි.. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා දුෂ්කර දෙයක් කියලා... හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්....  අපි මනුෂ්‍යයන් ලෙස ඉපදෙන්න කොපමණ පින් දහම් කරන්න ඕනේද?.. ඇයි අපි මේ වටින මනෂ්‍ය ජීවිතය නිකරුනේ විනාශ කරගන්නේ...
මෙහෙම කියද්දි හිතෙනවා ඇති මූ අවුරුද්ද පටන් ගද්දීම බණක් අහල මේ පෝස්ට් එක ලියනවා ඇති කියලා... නෑ මේක වෙන සිද්ධියක්...  මම අද කියන්නේ යාළුවනේ මත්ද්‍රව්‍ය භාවිතයේ ආධිනව ගැන.... ඔබත් නැත්නම් ඔබගේ යහළුවන් මේ මත්ද්‍රව්‍යයට පෙළඹිලා ඉන්නවානම් මේ අවුරුද්දේ අධිෂ්ඨාන කර ගන්න කොහොම හරි මේ මත් රකුසා පරාජය කරනවා කියලා ..  ඒක ඔයාලාගේ ජීවිත වලට නව එළියක් ගෙනදෙයි...  ඇත්තටම මත් ද්‍රව්‍ය භාවිතා කිරීම වර්තමානය වන විට සාමාන්‍යකරණය වෙලා තියෙනවා.. පොඩී වයස් වල ඉදලාම මේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහී වෙලා තියෙනවා..  මත් ද්‍රව්‍ය භාවිතා කරනවා කියන්නේ ලොකු කමක් නෙවෙයි.. සමාජයේ හොද තැනක් ලැබෙන්නේ නෑ,.. සිදුවන්නේ පාඩුම තමයි.. තමන්ටත් සමාජයටත් සිදුවන්නේ පාඩුවක්ම තමයි..

මත් වෙනවා කියන්නේ මොකක්ද?  

මත්වීමෙන් තාවකාලිකව ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වෙනවා... එවිට පුද්ගලයා පාලනයකින් තොරවෙනවා.... ව්‍යාජ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා ... මේ නිසා සිතෙහි පාලනයෙන් පුද්ගලයා ඈත් වෙනවා.....

ගිහියන්ගේ නිත්‍ය ශීලය වන පංචශීල ප්‍රතිපදාවෙත් බුද්ධ  ධර්මයේ බොහෝ තැන්වලදී අපට දක්නට ලැබෙන දෙයක් තමයි.. මත්ද්‍රව්‍ය භාවිතය පිරිහීමට හේතුවෙනවා කියන එක.... ඒත් කණගාටුව ලංකාවේ වැඩි පුරම මත්ද්‍රව්‍ය වලට යොමුවෙලා තියෙන්නේ බෞද්ධ ජනතාව ...

ඇයි බොන්නේ කියලා බොන අයගෙන ඇහුවොත් විවිධ  මොනවද හම්බවෙන පිළිතුරු...
  
  •   අද ගොඩක් මහන්සි වුණා....
  •   අරූට දෙකක් කතා කරන්න  ෂොට් එකක් දානවා...
  •  කාලෙකින් සෙට් වුණේ ඉතින් මෙහෙම නොකර පුළුවන්ද?
  •   යකෝ කොල්ලෙක් වුණාම බොන්න එපැයි....
  •  මට අද ලොකු ප්‍රශ්නයක්.. ඒක නැති කරගන්න බොනවා...


ඔන්න ඔය වගේ ඒ අයට සාධාරණ හේතු නිසා මත්ද්‍රව්‍ය භාවිත කරනවා....  වැඩිහිටි අයත් තරුණ අයත් පුරුදු වෙලා ඉන්නවා මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න....  ඇත්තටම මේ අය බොන්නේ ඇයි... මේකට විවිධ වු හේතූන් තියෙනවා.. ඒ අතර ප්‍රධාන වු හේතූන් ටිකක් හදුනගන්න පුළුවන්...

  • තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති වීම ....
  • ගැටළු වලට මුහුණ දීමට ආත්ම ශක්තියක් නැති වීම..
  • සමාජයෙන් එල්ලවන බලපෑම මත (යහළු යෙහෙළියන් නිසා) මත්පැන් මත්ද්‍රව්‍ය වලට පෙළඹීම....
  • පවුල් පරිසරය , ආගමික පරිසරය, මත මත්ද්‍රව්‍ය වලට පෙළඹීම
  • මත්පැන් පානය මත් ද්‍රව්‍ය පිළිබදව රූපවාහිනී  වැනි ජනමාධ්‍ය ඔස්සේ මවා ඇති ප්‍රතිරූපය නිසා....
තවත් විවිධ වු කාරනා තියෙන්න පුළුවන්...  

මත්පැන් භාවිතයෙන් මොනවද අපිට හම්බවෙන්නේ... බොන අය නම් කියන්නේ බිව්වහම මාර ෆන් කියලානේ... ඒ අයට නොපෙනෙන අපට පෙනෙන දේ මොනවද?

  • ·         ධනය හානි වීම..
  • ·         ගැටළු අධික වීම...
  • ·         ශරීර සෞඛ්‍ය පිරිහීම...
  • ·         සමාජයෙන් විවිධ වූ නින්දා උපහාස අපහාස වලට ලක්වීම..
  • ·         විවිධ වූ විෂම චර්යාවන් සිදු කිරීම..
  • ·         සිතීමේ ශක්තිය දුර්වල වීම...
මේ කියන කරුණු කාරනා සියල්ල මත් වතුර භාවිතය නිසා හමුවන දේවල්....

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අනිෂ්ඨ විපාක කොටස් තුනක් යටතේ කතා කරන්න පුළුවන්..  
  • ·         ශාරීරික බලපෑම
  • ·         මානසික බලපෑම
  • ·         සමාජයීය බලපෑම
දුම් පානයෙන් සිදුවන විපාක ගැන මම කියන්න යන්නේ නෑ.. දැන් සිගරට් පෙට්ටි වල රූපමය අවවාද ඇතුලත් කරලා තියෙනවා.. මේවා දැම්මයි කියලා අපේ අය මේවා නොබී ඉදීද.. මම අවවාද දෙන්නේ නෑ.. මේ විඩියෝ එක බලලා හිතන්න කොහොමද මේ සිගරට් භාවිතයෙන් අපේ පෙනහළු වලට ඇතිවන අහිතකර බලපෑම කියලා....

 

මේ ලිපිය දැකලා එක්කෙනෙක් හරි මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙනවා නම් ඒක මට වටිනවා...
මත් වතුර බීවාමත් මේ ටිකම තමයි...  වටිනා මනුෂ්‍ය ජීවිතය නිකරුනේ විනාශ කරගන්නේ ඇයි... මත් වතුර පානය නිසා මුඛ පිළිකා, අක්මාවේ පිළිකා.. ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා , වකුගඩු පිලිකා....  ලිංගික බෙලහීනතා රෝග , මානසික ව්‍යාධි වගේ නොසිතූ තරම් කරදර රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා....


වර්තමානයේ බොහෝ අපරාධ වලට මුල මේ මත් ද්‍රව්‍ය භාවිතා විමයි.. 

මිනිසුන් විදිහට අපිට හිතන්න පුළුවන්.. මේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් සිතීමේ ශක්තිය දුර්වල වෙනවා .. ඒ වෙලාවට තමාගේ අම්මා තාත්තා දුව පුතා අදුනා ගන්න බැරිවෙනවා.. දූෂණ, මිනී මැරීම්.. වගේ දේවල් සිදු කරන්න මේ ටික ඇති.. 

එදා මෙදා තුර ජීවිත කීයක් බිලි ගන්නවාද? මත් උවදුර නැති කරමු.. ලස්සනට ජීවිතය ගෙවමු.. මත් ද්‍රව්‍ය වලට යන මුදල අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න.. හොද දේවල් වලට යොදවන්න.. පවුලේ සමගිය ඇති කරගන්න.. දරුවන් සමග විනෝද වෙන්න.. එවිටයි සැබෑ මනුෂ්‍යකු වන්නේ.. 

මොහොතක් සිතන්න ... පිළිකාවක් සෑදුනොත් මොනවා වෙයිද? එකක් තමාට එය මානසික වදයක්.. තමාගේ බිරිදට දරුවන්ට , නෑදෑ හිත මිතුරන්ට මේක ලොකූ බලපෑමක්.. ඇයි මේ දේ හිතන්නේ නැත්තේ.. තාවකාලික සතුටකට වහවැටිලා මුළු ජීවිතයේම විනාශ කර ගන්නේ ඇයි...?

මගේ යාළුවන්ගෙන් එකම ඉල්ලීමක් කරන්න කැමති.. තමන්ගේ යාළුවන් ඉන්නවා නම් මත්ද්‍රව්‍ය භාවිත කරන කොහොම හරි ඒ උගුලෙන් ගලව උත්සහ ගන්න සැබෑ යාළුවෙක් නම් මත් ද්‍රව්‍ය වලට යාළුවන් පොළඹ ගන්නේ නැතිව ඉන්න එක වැදගත්.. මොකද හොදම යාළුවා මත් ද්‍රව්‍ය වලට පොළඹවා ගන්නේ යාළුවාගේ හොදකට නම් නෙවෙයි.. මීට වැඩිය ලිපිය දික් කරන්නේ නෑ,. . 

හැමෝටම ජය වේවා....

Monday, July 28, 2014

විවාහය..... (4 වන ලිපිය...)


අපි දැන් කතා කරගෙන ආවා අතීතයේ තිබ්බ විවාහ මොනවාද? එතකොට විවාහ ක්‍රම 8 ක් ගැන.. අයේ නෑන මස්සිනා විවාහ පිලිබද...ඉතින් අද අපි කතා කරමු..මම ජෝතිෂ්‍ය ගැන කතා කරන්නේ නෑ.. මොකද මම ඒ ගැන වැඩිය උනන්දුවක් නෑ,. අතීතයේ මේ ජෝතිෂ්‍ය කටයුතු විවාහයට පෙර දැඩි ලෙස ඉටුකර තිබෙනවා.. මෙයින් ඔවුන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න අදහස් කරලා තියෙනවා...

කපු මහත්තයා කියන චරිතය අපිට අතීතයේ විවාහ ගැන කතා කරද්දී නැතිවම බැරි චරිතයක්.. ඒ චරිතයට තියෙන භූමිකාව තමයි.. දෙදෙනාගේ හදහන් ගැළපවීම.. කුලමළ ...සමාජ තත්ත්වය.... වගේ දේවල් හොයන එක.. ඒ විතරක් නෙවෙයි.. අතීතයේ මනමාලිය විසින් මනමාල පාර්ශවය වෙත දෑවැද්දක් ලබා දෙනවා.. ඒ ගැන තීරණයකට එළඹිමේදී මේ කපු මහත්තයාගේම කාර්යයක්... සමහර වෙලාවට මේ දෑවැද්ද කියන එක බලාපොරොත්තු වෙන්නේත් නෑ... ඒත් තම දියණිය වෙනුවෙන් කුමන අන්දමින් හෝ පරිත්‍යාගයක් කිරීමටම මනාලියගේ දෙමාව්පියන් ඉදිරිපත් වෙනවා..

පොරොන්දම් එහෙම බලලා ඊට පස්සේ ඒවා ගැලපෙනවා නම්.. මීලග අවස්ථාව තමයි ගෙවල් දොරවල් සහ වගතුග සොයන්න යෑම.. ඉස්සෙල්ලාම කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන තරුණයා යනවා තරූණියගේ ගෙදරට... මේකට කියන්නේ ‘මනාලියක් බලන්න යනවා‘ හෝ ‘කරකාරයක් බලන්න යනවා‘ කියලා. ඒ දවසේ මනාලිය ලස්සනට අන්දලා හැඩ වැඩ කොරලා බුලත් හෙප්පුවක් දීලා එවනවා මනමාලයා ළගට....මනමාලිය කරන්නේ ඒ බුලත් හෙප්පුව මනමාලයාට පිළිගන්වනවා... ඉතින් මනමාලයා මනමාලිය.. එකිනෙකා දකින්නේ ඒ වෙලාවේ තමයි.. ඒත් එදා ලැජ්ජාව නිසා එකිනෙකා දකින්නේ නෑ හරියට.... ඒත් ඥාතින් වැඩිහිටියන් ඇයගේ ශාරීරික ලක්ෂණ හා ඉරියව් ගැන සැලකිල්ලෙන් බලනවා...

මොනවාද ඉතින් ඔය බලන ඉරියව්.. අහන ප්‍රශ්නයක් නේ.. මම ටිකක් කියන්නම්..

ඝන තොල් ඇත්තීයක් කාමාතුර කාන්තාවක් ලෙස හදුන්වනවා.. ඉදිරි දත් අතර හිඩැසක් තියෙනවානම් ඇය පර හිමයන් සොයා යන බවත්, පයේ දෙවැනි ඇගිල්ල මහපටැගිල්ලට වඩා දිගින් වැඩි වූයේ නම් ඇය තම ස්වාමියා කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ..නිකට කෙළවරෙහි උපන් ලපයක් තිබේනම් ඇය චපල ගති ලක්ෂණ සහිත බවත් වගේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව කියවෙනවා.. තව ඇය ඒ අවස්ථාවේ පැමිණෙන විට ඇගේ ගමන, ඉරියව් නිරීක්ෂණය කරන වැඩිහිටියෝ තමන්ගේ අදහස් මනමාලයාට කියනවා..

ඉතින් බුලත් හෙප්පුවේ චාරිත්‍රයෙන් පසුව .. මනාල මහතා ඇතුළු පිරිස තේ මේසයට හෝ බත් මේසයට කැදවා ගෙන යාමයි.... සමහර ප්‍රදේශ වල තේ මේසයට කැදවාගෙන ගොස් පසුව චාරිත්‍රයද සිදු කරනවා... තේ පැනි සංග්‍රහයෙන් පසු ඒ විවාහයට සතුටු නම් මනාලියගේ පාර්ශවයට මනාලයාගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරවා.. ඒ වෙලාවේ තමයි දෙපිරිස අතර කතා බහ සිදුකොට විවාහය සිදු කරන හැටි කතා කරන්නේ...  

දැන් විවාහයට කැමැත්ත හම්බ උණානේ.. පස්සේ මොකද වෙන්නේ කියලා බලමු... අපි ඊළග ලිපියෙන්....

Friday, July 25, 2014

කසාදෙට ලෑස්තිද? (3 වන ලිපිය)




කලින් ලිපියේ අපි කතා කරා ලංකාවේ අතීතයේ තිබ්බ විවාහ ක්‍රම පිළිබදව..බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් කියවලා එන්න... අපි කතාකරපු මේ විවාහයන් අතරින් සිංහල ජනයා විවාහ ක්‍රමය වූයේ කපු මහතෙක් ලවා  පවුලට පෙළපතට තරාතිරමට ගැලපෙනවාද කියලා බලලා සහකාරයෙක් හෝ සහකාරියක් හොයන්න කියනවා.. ඉතින් මේ මගුල් කපුමහතා තමයි ඉතිරි ටික කරන්නේ .. ගැලපෙන යැයි සිතන අයගේ ජන්ම පත්‍රය සමග විවාහ අපේක්ෂිත පුද්ගලයාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා පොරොන්දම් ගැලපෙනවාද කියලා බලනවා.... දැන් කාලේ මේ මගුල් කපු මහත්වරු අඩුයි .. මේ වෙනුවට දැන් කොම්පැණි හැදිලා තියෙනවා.. අනික දැන්කාලේ සමාජ වෙබ් අඩවි... වලින් එහෙම හොයා ගන්නවානේ....

පොරොන්දම් 20ක් තියෙනවා...

 මේ එක එක පොාරොන්දමේ එක එක ගති ස්භාවයන් කියවෙනවා.. මම එච්චර ජ්‍යෝතිෂය පිළිබද හසල දැනුමක් තියෙන අයෙක් නොවේ...  ඒක හින්දා මම මේ ලිපිය උපුටාගත් එකක්.. මොකද හැමදේම කතා කරනවා කීවනේ....මම ලිපියක් කියෙව්වා ඒ ලිපිය ඔයාලාටත් කියවන්න දානවා.. පුළුවන් නම් මේ ලිපිය ලියපු කෙනාට උපකාරයක් කරන්න.. අදහසක් දාලා දිරිමත් කරන්න.. ඒක වටිනවා... ලින්ක් එක පහතිත් දාලා ඇති...



 ............ගෙදර අය බලන්න කලින් පොරොන්දම් බලන්න අසද?..........

01) නැකැත් පොරොන්දම
02) වෘක්‍ෂ පොරොන්දම
03) ගණ පොරොන්දම
04) ආයුෂ පොරොන්දම
05) මහේන්ද්‍ර පොරොන්දම
06) පක්‍ෂි පොරොන්දම
07) ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම
08) භූත පොරොන්දම
09) යෝනි පොරොන්දම
10) ගෝත‍්‍ර පොරොන්දම
11) රාශි පොරොන්දම
12)වර්ණ පොරොන්දම
13) රාශ්‍යාධිපති පොරොන්දම
14) ලිංග පොරොන්දම
15) වශ්‍ය පොරොන්දම
16) නාඩි පොරොන්දම
17) රජ්ජු පොරොන්දම
18) දින පොරොන්දම
19) වේධ පොරොන්දම
20) ග‍්‍රහ පොරොන්දම


 __මේ ගැන වැඩි විස්තර ඕනේ නම් අපේ බ්ලෝග් අවකාශයේ සිටින වයලීනෝ සහෝදරයා ලියු පෝස්ට් එකක් තියෙනවා.. එතනට ගිහින් බලන්න.. මෙන්න ලින්ක් එක... _______

ඔන්න පොරොන්දම් ගැන .. තවමත් ඒවගේ ටික ටික ඉතිරි වෙලා තියෙනවා.. දැන්නම් මේවා කොම්පියුටර් වලින් එහෙමත් හදලා දෙනවානේ ඕන්.. මම ඔය ගැන ඊට වඩා කියන්න යන්නේ නෑ....  

ඊයේ දිනයේ මම කසාදේ කසාදේ ලිපිය පළ කලාට පස්සේ මහේෂ් රත්නායක  සහෝදරයා
(h) කොමෙන්ට් එකක් දාලා තිබ්බා විවාහ වර්ග අටක් තියෙනවා නේද කියලා.. දැන් ඒ  ගැන තමයි මේ සදහන් කරන්නේ.. ස්තූතියි හැමදෙනාගෙම අදහස් වලට.. 

පැරණි පොත්පත් වල තියෙනවා විවාහ ක්‍රම 8ක්... 


1. බ්‍රහ්ම විවාහය

2 දේව විවාහය

3 සෘෂි විවාහය

4 ප්‍රජාපත්‍ය විවාහය

5. අසුර විවාහය

6. ගාන්ධර්ව විවාහය

7 රාක්ෂ්‍ය විවාහය

8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වේ.

මේ ගැන වැඩි විස්තර ඊළග ලිපියෙන් දැනගනිමු.. මොකද ලිපිය දිග්ගැස්සෙන්නත් හොදනෑනේ...

එහෙනම් ඊළග ලිපියට ආරම්භයක් තියලාම මෙසේ අවසන්කරනවා.. 


කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ නම්.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

Thursday, July 24, 2014

කසාදේ ... කසාදේ....... (2 වන ලිපිය)

 
හරි ඔක්කොටෝම සුභ උදෑසනක් වේවා කියලා පතනවා...  :) මම මෙම ලිපි පෙළ ආරම්භ කරන්න හිතන් කලින් ලිපියක් දැම්මා.. මම හිතුවටත් වඩා ඒකට ප්‍රතිචාර තිබ්බා.. මොකද මෙච්චරම කසාදේ කියන වචනයට ආකර්ෂණයක් තියෙන්නේ කියලා හොයලා බලන්න ම වටිනවා.. එහෙනම්... අද ඉදන් ඕන් හැම දෙනාටම වැදගත් ලිපි පෙළක ආරම්භයක් වෙයි එහෙනම්....

ඒ ලිපියෙහි නම “කසාදේ නම් කසාය හරි තිත්ත බෙහෙතකී“ කියන ලිපියෙහි මාතෘකාව ටිකක් ඝෘණාත්මක උනත් එයට ආකර්ශනය වෙන ප්‍රමාණය වැඩී වගේ... x-) නෑ නෑ එහෙම නොවෙන්ඩත් පුළුවන්. [-( හිතන්න මෙහෙම මේ ලිපිය පෝස්ට් කරාට පස්සේ ඕන් එක එක සින්ඩි වලින් මේ පෝසට් එක පෙන්නවා.. 

** මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනේ.. ඔය හත්මාළුව.. මාතලන්ගේ සින්ඩි... වලට එහෙම**  හිතලා බලන්න දවසකට ලිපි 100, 200 ඒ සින්ඩි වලට එකතු වෙනවා... කවුරු හරි ඔතනට ගිහිල්ලා ඒකේ තියෙන ලිපි ටිකේ මාතෘකා ටික කියවනවා.. එතකොට ඒ ඒ පුද්ගලයා විවධ වූ තමුන්ගේ කැමත්තට අනුව එක එක මාතෘකා වලට යනවා... හිතලා බලන්න එහෙම නෙවේද කියලා.. අද මේ ආපු පෝස්ට් එකත් ඔයා තෝරගත්තේ ඔයාගේ කැමැත්ත අනුව... එක්කෝ ඔයා කසාද බදින්න ඉන්න කෙනෙක්.. එක්කෝ කසාද බැදපු කෙනෙක්..කොතන හරි කොනක ඔයා කසාදෙට කැමැත්තක් තියෙනවා....

හරි අපි පටන් ගමු...  ඉස්සෙල්ලාම අපි විවාහය කියන වචනය මොකක්ද කියලා බලමු.. ඒ වචනයේ අර්ථය මොකක්ද කියලා..  

                                    වි - විශ්වාසය
                                    වා- වාසනාව 
                                    හ - හෘද සාක්ෂිය
                                    ය - යහපත් ගමන

ඔබ මේ විවාහය කියන වචනයෙන් හරියටම අර්ථ දැක්වෙන දේ ගැන හිතලා බැලුවද.. මේ කියන කාරණාවන් හැම එකක්ම විවාහ ජීවිතයේ ශක්තිමත් කරනවා.. අපිට විශ්වාසය නැත්නම් .. ඒ පවුල් ජීවිතය අවුල් වෙනවා.. වාසනාව කියන දේත් එහෙමයි.. ඒ හැම එකකටම වඩා හෘද සාක්ෂිය අත්‍යවශ්‍ය වෙනවා..  බලන්න මේ වචනයෙන්ම ඒ දේ හදුන්වලා තියෙන විදිහ..

ඒ නිසා අපි  මේදේවල්  දැනගෙනම ඉදිරියට කතා කරමු... මුලින්ම කියන්න ඕනේ  විවාහය කියන දේ දෙවන උපත කියලා හදුන්වනවා.. මොකද මෙයින් පස්සේ ජීවිතයේ සාර්ථක හෝ අසාර්ථක බව තීරණය වෙන නිසා...හිතලා බලන්න ඇත්තද කියලා...

කිසියම් සමාජයක පැවැත්ම උදෙසා මෙම විවාහය කියන දේ බලපානවා...කියන එක. ඒ කියන්නේ පරපුරක් බිහි කිරීමට අපිට කාන්තා පුරුෂ  දෙදෙනෙක් එක්වීම තිබෙන්න ඕනේ..  

ඔබ එවිට කියයි ඉතින් ඒකට විවාහ වෙන්න ඕනේයෑ කියලා.ඒත්  අපේ  රටේ මේ විවාහ කියන්නේ මේ විතරක්ම නෙවේ.. ඊට වඩා ශක්තිමත් බැදීමක්.. අනාගත පරපුර පවත්වාගෙන යන එකයි (ඒ කියන්නේ දරුවන් සෑදීම) , ඔවුන් රැක බලා ගැනීම, පෝෂණ්‍ය කිරීම, හොද නරක කියා දීම.. හොදින් ඉගැන්වීම යහපත් ලෙස සමාජයේ ස්ථාවර ලෙස සිටීමට පුලුවන් පුරවැසියෙක් ලෙස බිහිකීරීම කියන මේ කාරණා සියල්ලම අයත් වෙනවා...

වෙන රටවල් වල තිබෙන්නේ මීට වඩා වෙනස් ක්‍රමයක්.. හැබැයි අපේ ආසියාතික රටවල බොහෝවිට මේ දේවල් තියෙනවා.. 

අපි අද කතා කරමු පළමුවෙන් ලංකාවේ අතීතයේ තිබූ විවාහ පිළිබද..මේ දේ ඔබ අසා නොතිබෙන්න පුළුවන්..

ඉස්සෙල්ලා කියන්න ඕනේ ලංකාවේ කලින් නම් මේ රෙජිස්ටර් කරනවා කියන එක තිබ්බේ නෑ.. ඒක වෙනුවට තිබ්බේ දෙන්නාගේ කැමැත්ත මත එකගෙයි අඹුසැමියන් විදිහට ඉන්න එක.. බ්‍රිතාන්‍ය ජාතීන් විසින් තමයි මේ මේ නීති විවාහය කියන එක ඇති කරන්නේ.. 

ලංකාවේ පෙර තිබ්බ විදිහට කිසිම බලහත්කාර බැදීමක් නොදමා.. දෙදෙනාගේ විශ්වාසය මත දිවි තිබෙන තුරා මේ විවාහය පවත්වාගෙන යෑමයි.. කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් විසින් මේ දේ පිළිනොගෙන නීති විවාහය කියන දේ හදුන්වා දුන්නා.. පහත රට ප්‍රදේශයේ පැවතුනේ නීති විවාහය මොකද පහත රට ප්‍රදේශය බොහෝකල් බ්‍රිතාන්‍ය ජාතීන්ට අයත් වෙලා තිබුණ නිසා .. ඒත් උඩරට ප්‍රදේශයේ නම් බොහෝ කාලයක් යනකම් තිබුණේ මේ අපි කලින් සදහන් කල විශ්වාසය මත ගොඩ නගාගත් විවාහයයි..


ලංකාවේ විවාහ ක්‍රම කිහිපයක් තිබ්බා.. මතකද පොඩිකාලේ සමාජ අධ්‍යයනය විෂය තුල තිබ්බා.. ඉතිහාස විෂයෙත් තිබ්බා.. ඒ පාඩම් කරද්දි අපි හරි ජොලියෙන් අහනවා.. ඒත් එක්කම දාර්ශනික ටෝක් දෙනවා..


මොනවාද ඒ විවාහ...
               1) දීග විවාහ
               2) බින්න විවාහ
              3) එකගෙයි කෑම
              4) අන්ත:පුර
              5) හුවමාරු විවාහ
              6) ඇවැස්ස විවාහ(නෑනා මස්සිනා විවාහ)

මතකද මේදේවල්.. කමක් නෑ අමතක නම් මතක් කර ගන්නකෝ...

දීග විවාහ කියන්නේ මනමාලයා විසින් මනමාලිය කැන්දාගෙන එන එක...  බින්න විවාහ කියන්නේ මනමාලියගේ ගෙදරට මනමාලයා ගොස් පදිංචි වීම.. මෙහෙම ඉදිද්දි නම් කියනවා කොළපතයි හුලු අත්තයි අතේ තියන එහෙට යන්න ඕනේ කියලා. මොකද ගෙදර භාර්යාව හෝ නැන්දම්මා පළයං කිව්ව දාට මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියලා.. මේදේ ගැන දැන්නම් මොඩ් කරලා ගන්න ඕනේ... ටෝච් එකයි කාර්පට් එකයි කියලා කියමුකෝ..    :d 

 එකගෙයි කෑම කියන්නේ සහෝදරයන් කීප දෙනෙක් එක් භාර්යාවක් කැන්දාගෙන ඒම... ඒ සහෝදරයෝ හැම දෙනාම මේ භාර්යාවත් සමග ලිංගිකව හැසිරෙන අතර ඔවුන් අතර කිසිම ඊර්ෂියාවක් නොතිබීමයි.. මේහිදී මොවුන්ට දාව උපදින දරුවන්ට හැම කෙනාම තමාගේ දරුවෙක් ලෙස සැලකීමයි.. මෙහිදී මෙය සිදුකරනට හේතුව ලෙස දකින්නේ දේපළ බෙදීම වැළැක්වීමයි.. මෙහිදී භාර්යාවට කිසිම සැමියෙක් ප්‍රතික්ෂේප කරන්න බැ.. එතකොට කොහොමද බොල මේ එක එකා එක වැරම...නෑ නෑ  b-(  මේකටත් ක්‍රමයක් තිබ්බා.. ඒ කියන්නේ භාර්යාවත් එක්ක සැමියෙක් ඉන්නා විට ඔහුගේ අමුඩ ලේන්සුව දොරේ එලිලනවා.. 
ඒක සංකේතයක්.. 

අන්ත:පුර කියන්නේ රජවරුන්විසින් භාර්යාවන් බොහෝ දෙනා තබා ගැනීමයි.. මෙයින් වංශවත් බව නිරූපණය වෙලා තියෙනවා.. ඒත් එක්කම  මේ දේ කරන්නේනම් හේතු කිහිපයක් තියෙනවා.. මේ හැම කෙනා එක්කම අඹුසැමි සබදතා පැවැත්වීම නිසාම නෙවෙයි. එක් දෙයක් නම් රාජ්‍යයට තර්ජනයක් ඇති නොවෙන්න.ඒ කියන්නේ තර්ජනාත්මක ප්‍රදේශයක සිටි කෙනෙක්ගේ දුවෙක් විවාහ කර ගැනීම නිසා එම තර්ජනය මග හැරෙනවා.. ඒ කියන්නේ රාජ්‍යත්වය ස්ථාවර කර ගැනීමට...


ගැමියන් අතර තිබ්බ හුවමාරු විවාහ ක්‍රමයෙන් වෙන්නේ තමාගේ සහෝදරියක් වෙනත් කෙනෙකුට පාවා දී ඒ පුද්ගලයාගේ සහෝදරියක් කසාද බැදීමයි.. මේ විවාහය හුවමාරුවක් නේ වෙන්නේ නේද...

අනෙක් එක තමයි කතා කරන්න ඕනේම .. නෑන මස්සිනා විවාහ... මේකනම් අපේ සාහිත්‍යයේත් සදහන් වෙලා තියෙන දෙයක්.. අහලා ඇතිනේ වර්තමානයෙත් ජනප්‍රිය විරිදුවක් තියෙනවා.. 



හැබැයි වර්තමානයේනම් මේ විවාහය පිළිගන්නේ නෑ, මොකද එක ලේ ඥාතී කම් විවාහ වලදී උපදින දරුවන්ට නිලීන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙන නිසා..  

හරි මතුවට කතා කරමු ඇති නේ. කියවන්නත් එපා වෙනවානේ.. ඊළග තව කතා කරමු.. 

කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

Wednesday, July 23, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? ..... අවසාන (9) කොටස....

පිඩනය ඔස්සේ ගොඩනැගෙන ස්වීයත්වය



මෙම ලිපි පෙල සම්පූර්ණයෙන්ම කියවූ කල ඔබ සියළු දෙනාට නියමාකාරයෙන් සමාජය ගැන අප ජීවත් වන පරිසරය ගැන අප ගැන යම් අවබෝධයක් ලැබුනාට සැක නැත.. මෙම අවසාන ලිපියෙන් අප දැන ගනිමු කුමක්ද මේ පීඩනය හමුවේ.. එක් එක් පුද්ගල වයස් ඛාණ්ඩ යටතේ ස්වීයත්වය හෙවත් පෞරුෂත්වය  ගොඩ නැගෙන්නේ කියා.. අපි  තවත් දවසක අළුත් ලිපි පෙළකින් එක් වෙමු .. දිගටම රැදී ඉන්න.. අද ලිපියෙන් අර අප කළින් කතා කළ හැම ලිපියකටම සම්බන්ධ ලින්ක් එකක් දානවා.. ගිමන් නිවන නිම්තෙරත් එක්ක රෑදී ඉන්න ඔබට දැනුමින් විනෝදයෙන් දැනුවත් කිරීම තමයි අරමුණ.. එහෙනම් මෙන්න කලින් කියවපු නැති අය.. කියවන්න ලිපි..



මා පෙර පෙර පරිච්ඡ්‍ෙදයේ ස`දහන් කලේ සමාජ පීඩනය ගොඩ නැගෙන අන්දමයි. මෙම පරිච්ඡ්‍ෙදය ඔස්සේ සාකච්ඡා කිරීමට යන්නේ මේ උක්ත දැක්වූ සමාජ පීඩනයට පුද්ගලයන් දක්වන ස්වීයත්වයන් විමසා බැලීමටය.පහසුව ස`දහා මෙය කාණ්ඩයන්ට බෙදා ගැනීමට අදහස් කලෙමි.


ළමුන්


නීතියෙන් ළමුන් ලෙස පිළිගන්නේ අවුරුදු 18ට වඩා වයසින් අඩු පිරිමි හෝ ගැහැනුන්ය. මෙහිදී ළමුන්ගේ ප‍්‍රධාන කාර්යය වන්නේ අධ්‍යාපනය ලැබීමය. මෙහිදී පාසලක් ගත් කල විවිධාකාරයේ ස්වීයත්ව හිමි ළමුන් සිටි.

බහුතරයක් ළමුන් හැසිරීමේදී නිතරම ප‍්‍රශ්න මගින් තම දැනුම වර්ධනය කර ගැනීමට උත්සහ දරයි. එනම් 1 සිට 4 දක්වා මෙම ප‍්‍රවනතාව දැකගත හැකිය.නමුත් ඇතැම් ළමුන් මෙම චර්යාව සිදු නොකරයි.

ඇතැම් ළමුයි ප‍්‍රවේගකාරි චරිතයන් හිමි අය වෙති. මොවුන් නිතරම සිදුකරනුයේ අනෙක් ළමයිනට හිරිහැර කිරීමටත් අසභ්‍ය වචන භාවිතයත් , ගුරුවරුන් දෙන අවවාද නොපිලිගැනීමත්. පන්තියේ කිරීමට දෙන වැඩ නොකිරීමත් පාඩම ඉගැන්වෙන අතර තුර විවිධාකාර වල වැඩ නිරත වීමත්ය. මෙයට බොහෝ දුරට සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා බැලිය යුතුය. මෙම ළමයින් ඉපදුනේ මේ ආකාරයට නොවේ. මොවුන් බලාපොරොත්තු වු පරිදි ආදරය කරුණාව නොලැබීමත්. පවුල් පරිසරයත් සමාජයෙන් මෙම දරුවා කොන් වීමත් නිසා මෙම දරුවන් තව තවත් ප‍්‍රචන්ඩකාරීවේ. ෆොයිඞ්ගේ න්‍යායට අනුව මොවුන්ගේ අවධි 5 සම්පූර්ණ වීමේදී යම් ගැටළුවක් මතුවී ඇති බවට සැක නැත.

මා දන්නා කුඩා දරුවකුගේද මෙවැනි චරිත ලක්ෂණද පවති. ඔහුගේ පවුල් පරිසරය ගත් කල මව කුඩා කල සිට නොමැත. පියා ද පිටරටට ගොස් ඇත. තම අත්තම්මා සම`ග සිටින මෙම කුඩා දරුවා ප‍්‍රචන්ඩකාරි ලෙස හැසිරෙයි. අප සැමවිටම හොදින් කතා කිරීමේදී ප‍්‍රකෝපකාරි ස්භාවය අඩුවන අතර ටික වේලාවකට පසු නැවතත් පුරුදු පරිදි පසුවේ. මොහුගේ මෙම ස්වීයත්ව ලක්ෂණයට මා දකිනා ආකාරයට හේතු දෙකක් ඉදිරපත් කළ හැක. එක් හේතුවක් ලෙස මොහු කුඩා කල දෙමාපියන්ගේ ආදරය අනුකම්පාව නොලැබීම නිසා ප‍්‍රචන්ඩකාරී ලෙස හැසීරීමත් එක්කෝ අන් අයගේ අවධානය මොහුවෙත ඇදගැනීම ස`දහාද මෙලෙස හැසිරීමට පෙලඹීමට හේතවුක් ලෙස දැක්විය හැක. මොහුට ලැබෙන සමාජ පීඩනය නම් අන් ළමුන්ට දෙමාපියන්ගේ රැුකවරණය තිබීමත් මොහුට එම ආදරය අඩුපාඩු නිසා ඇතිවන මානසික පීඩනයත් නිසා මෙලෙස හැසිරීමට හේතු ලෙස දැක්විය හැකිය.

ළමුන් සමහර අය ප‍්‍රචන්ඩකාරීවන්නේ කුඩා කල සිට ඔහු පවුලේ දෙමාපියන්ගේ ප‍්‍රචන්ඩ වුවද සිදුවේ. නමුුත් තවත් දේ ඇත. වර්තමානයේ පවතින කුඩා ළමුන් ස`දහා ප‍්‍රචාරය වන කාටුන් මගින් චරිත මනසෙහි දෝන්කාර දේ. මෙම නිසාද ළමුන් එකිනෙකා ප‍්‍රචන්ඩ කාරී වේ.

ළමුන් අතර විවධ වු ස්වියත්වයන් පවති. ඒ අතර  නිශ්ශබ්ද චරිත මොවුන් ලැජ්ජාවෙන් ඇඹරෙමින් කිසිදු උත්තරයක් නොදී සිටීමට උත්සහ දරයි. අනෙක් ළමුන් අතරේද මේවැනි අය කොන් වී සිටි. මොවුන්ගේ සිත් තුල නිතැතින්ම සිතිවිලි දෝරේ ගලයි. සෑම විටම කල්පනාවක පෙලෙමින් සිටි. මෙයට හේතුවන්නට ඇත්තේ මොවුන් යම් මානසික පීඩනයක් මත සිටිනා බවයි.  පවුල් පරිසරය තුල දෙමාපියන්ගේ අනිසි බලපෑම් මත හෝ සමාජය දෙස ඔහු හෝ ඇය දරනා අදහස නිසා මෙලෙස වන්නට ඇත. කෙසේ නමුත් අප දැනගත යුතු කරුණක් නම් මෙවැනි දරුවන්ගේ ස්වීයත්වය ගොඩනැගී ඇත්තේ බාහිරින් කුඩා කල ලැබුනු අත්දැකීම් මත බවයි.

තවත් ළමුන් ශාරීරිකව දුර්වලතාවයන්ද මෙයට බලපානු ලබයි. සමහර ළමුන්ට අකුරු හ`දුනාගැනීමට පවා අපහසුය. මොවුන්ට ලියන්නට කියවන්නට අපහසුය. මොවුන් නිතැතින්ම උත්සහ දරන්නේ බාහිර දෑ ස`දහා යොමු වීමටය. අනෙක් ළමුන් මෙවැනි ළමුන්ට විහිළු තහළුවට හසුකර ගනී. මොවුන් මානසිකව පහතට ඇද දමති. සමාජයට මෙවැනි ළමුන්ට සළකන්නේ පහත් මට්ටමකිනි. එනම් තමාගේ විනෝදය ස`දහා විවිධාකාර වු විහිළු තහළු මගිනි. මොවුන් මානසිකව ඇද වැටේ. මෙය මානසික වර්ධනය දුර්වල අයටය.

සමහර ළමුන් බාහිර පෙනුම යම් යම් විකෘතියනට හසුවී සිටි. ඔවුන්ට නිතැතින්ම සමාජයෙන් හොද මෙන්ම නරකද සිදුවේ. එනම් මොවුන් ගැන විවිධාකාර නම්වනම් පවසා මොවුන් අපහසුතාවයට පත් කරයි. තවද මොවුන්ට මානසිකව ඇදවැටීමට විවිදාකාර වු කි‍්‍රයාදාමයන්ට යොමුකර ගනිති. මෙම නිසා මොවුන් සියළු දෙන හැසිරෙන්නේ සමාජයට බියෙනි.

තවද වැඩිහිටියන් ඇසුරු කරන කුඩා දරුවන් පවසන වදන්ද ඔවන්ගේ හැසිරීමද සමවයස් ළමුන් මෙන් නොව. මොවුන්ගේ වදන් මගින් අනෙක් ළමුන්ද මෙවැනි දෑ වලට පෙළඹේ. දැනට මත්ද්‍රව්‍ය යන්ට පෙළඹිමත් සිදුවේ. පාසල් වල පවතින තූල් වැනි මත් වෙන දෑ ළමුන් අතර බෙදා ගැනීමට මෙවැනි ළමුන් පෙළඹේ. මත්වන පෙති , මත් ද්‍රව්‍ය යනට පෙළඹුණු දරුවන් තම වටා රොක්වන යහළුවන්ද මෙයට පොළඹවා ගනිති. මොවුන්ටද සමාජයේ පීඩනයන්ට යොමු වීමටද සිදුවේ එනම් මොවුන් සමාජයෙන් කොන්වීමත් සම`ග මොවුන් තව තවත් මෙවැනි කි‍්‍රයාවන්ට පෙළඹේ. එක් පාරක් පොලිස් කූඩුවට ගිය ළමයාගේ බිය හා සැකය නැතිවි යන්නේය. නැවතත් මොවුන් පෙළඹෙන්නේ පෙරපරිදිම කි‍්‍රයාත්මක වීමටය.

තවත් ළමුන් කුඩා කළ ලිංගිකව ආකර්ෂණය වේ. මෙම නිසාද ළමයා මානසිකව අපහසුතාවයනට පත්වේ. වර්තමානයේ ගැහැණු පිරිමි භේදයක් නොමැතිව ලිංගිකව ආකර්ෂණයන්ට පත්වේ. මෙය සිදුවන්නේ ළමුන් කුඩා කල සිට දන්නා අදුනන අය අතිනි. එනම් නෑදෑයන් හිත මිතුරන් අතරිනි. මෙයින් ළමයා මානසිකව ඇද වැටේ. මොවුන් සමාජ ඇසුරට බිය වෙති. වර්තමානයේ මෙවැනි සිද්ධියක් සිදු උවහොත් නීතියේ උපකාරය ඇතත් එහිදී මෙම ළමයාගෙන් නිතර නිතර ප‍්‍රශ්න කිරීමත් මෙම සිද්ධිය රටේ ප‍්‍රසිද්ධ වීමත් මොවුන්ට සමාජයෙන් දකින ඇස නිසා මානසික ඇද වැටෙති.

තවද මෙලෙස ආකර්ෂණය වීම නිසා මානසික පීඩනයන් ඇතිවේ. මෙලෙසින් දරුවා හීන උන්මාදයක් ඇතිවේ. ළමයා සමාජයෙන් කොන්වීමද සිදුවේ. මෙම දරුවාට දෙමාපියන්ගෙන් ද යහළු යෙහෙළියන්ගෙන්ද පාසලෙන්ද කොන්වීම මානසික ඇ`දවැටීමක්  සිදුවේ. මෙයින් ළමයා සමාජයට බියවීමද සිදුවේ. සමාජයෙන් ඈත්වීමද සිදුවේ. මෙයින් ළමයාගේ ස්වීයත්වයද දැඩි ලෙස බලපෑම් ඇතිවේ.

 තවද වත්මන් ළමුන් පෙර සිටි ළමුන් මෙන් නොව බුද්ධිමත් බවින් වැඩි පිරිසක් බව වැඩහීයයි.මෙයට හො`දම උදාහරණ ලෙස  දක්ෂ ගායකයන්, වාදකයන්,  රංගන ශිල්පීන් ,චිත‍්‍ර ශිල්පීන් , නර්තන අංශයෙන්, පරිගණක අංශයෙන් නිවේදන කථික භාෂාව හැසිරවිම යන මේ හැම අතින්ම ඉදිරියට පැමිණ ඇත. මෙයට ජනමාධ්‍යය ආගමනය සිදුවි ඇත. මෙම නිසා කුඩා කල සිටම ජනප‍්‍රිය වීම නිසා එක් අතකින් සමහර ළමුන් අධ්‍යාපනයද අඩාල කර ගනි. නමුත් මොවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ඉදිරියට යෑම හැකියාව ලැබී ඇත.

තවද විභාගයට බියත් සමාජයෙව් විභාග අසමත් වූවන් දක්නා කෝනයත් සමාජ පීඩනයෙහි එක් අංගයකි. විභාගයෙන් අසමත් ළමයා සලකන්නේ මෝඩයකු ලෙසය. සෑම තැනකදීම එනම් රැුකියාවකදී පවා විභාගය බලපායි.කෙසේ හෝ මෙයද ප‍්‍රබල සමාජ පීඩනයක් වී ඇත. සමස්ථානික ලෙස ගත් කල සමාජයෙහි කොතරම් දක්ෂ වුවද අධ්‍යාපන සහතිකය මත සිට පුද්ගලයන්ට ගරු කිරීමට පෙළඹෙයි.
යෞවනයන් හා යෞවනියන්

මෙකල සිදුවන මානසික හා කායික වෙනස් වීම් නිසාත් හෝමෝන කි‍්‍රයාකාරීත්වයත් නිසා මොවුන් යම්තාක් දුරට ප‍්‍රවේගකාරී ලක්ෂණ මතුවේ. මෙකල විරුද්ධ ලිංගික ආකර්ෂණය නිසා දෙමාපියන්ගෙන් හා සමාජයේ වැඩිහිටි පුද්ගලයන්ගේ දැඩි පීඩනයක් හා වාරණයන්ට හසුවේ. මෙම නිසා මොවුන් මානසික අතින් මෙන්ම කායික අතින්ද පීඩනය පිටකර ගනී. අසම්මත පේ‍්‍රමයන් මත එල්බ සිය දිවි නසා ගැනීමටත් පෙළඹේ.

මෙම කාලයේ ආදර සම්බන්ධතා වලට පෙළඹීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැකි හේතූන් කිහිපයක් ඇත.

1.    හෝමොන කි‍්‍රයාකාරීත්වය නිසා විරුද්ධ ලිංගික ආකර්ෂණය

2.    නිවාසින් (දෙමාපියන්ගෙන් , සහෝදර සහෝදරයින්ගෙන් ) නොලැඹෙන ආදරය පෙම්වතකුගෙල් ලබා 
       ගැනීම

3.    සමාජයෙන් ලැබෙන පීඩනය (සමවයස් යහළුවන්ගේ පෙළඹවීම මත)

4.    ටෙලිනාට්‍යයන්ගෙන් හා චිත‍්‍රපට ගීත යන්ගෙන් පෙන්වන සුන්දර ලොවක් ලෙස ආදර සම්බන්ධතා 
       හැදින්වීම

5.    සමාජයෙහි සෑමතැනම දක්නට ලැබෙන සිද්ධියක් ලෙස  දැකීම

6.    ආර්ථික දුෂ්කරතා නිසා පෙම්වතකුගෙන් හෝ පෙම්වතියකගෙන් මුදල් ස`දහා

මෙවැනි කරුණු නිසා තරුණයන් මෙන්ම කුඩා දරුවන්ද මෙයට පෙළඹෙන්නේ උක්ත කරුණු නිසා බව මාගේ මතයයි..

තවද මෙකල පවතින දුර්මතයන් හා සමාජයෙන් මොවුන්ගේ මනසෙහි ඇතිකරන සිතිවිලි විවිධය. මා දන්නා පරිදි බහුතරයකගේ අදහස නම් කෙසේ හෝ මොවුන් ආදර සම්බන්ධතා ආරම්භ කර තම සහකාරිය පිට යෑම වැලැක්වීමට දරුණ ලෙස නීති රීති දමති. ඇතැම් අය තම සහකාරීයගේ කන්‍යාභාවයද නැති කරති. මොවුන් සිතන්නේ එලෙස සිදුකලහොත් පිට යෑම වැළැක්වෙන බවයි. කොතෙකුත් උත්සහ දැරුවද මොවුන්ගේ අදහස් වෙනස් කිරීමට අපහසුය. මක්නිසාද යත් මොවුන්ගේ යහළුවන් සම`ග සිටිමේදී සමවයස් ඇසුරෙන් ලැබෙන අදහස් බහුලව පිළිගන්නා බැවිනි.

තවද සමහර පුද්ගලයන් පෙම්වතියන් දෙතුන්දෙනා ඇසුරු කරති.එයට හේතුව මොවුගේ මනසට සමාජයෙන් වැටි අත්තේ පෙම්වතියන් දෙදෙනෙක් ඇසුරු කිරීම ජයග‍්‍රාහී පුද්ගලයන් ලෙසය. (පොරක් යන සංකල්පය) සමාජයේ යථා ස්වරූපය මෙයයි. මෙලෙසින් සිතන පෙම්වතුන් අසරණ ගැහැණු ළමුන්ගේ ජීවත විනාශ කර දමති.

තවමත් අප සිටින්නේ පැරණි සංස්කෘතිය බදාගෙන බැවින් කන්‍යාභාවය පිලිබ`ද විශ්වාසය තබති. මෙම නිසා මෙවැනි පෙම්වතියන් කවදා හෝ වෙනත් විවාහා වීමකට යෑමේදී මානසික ආතතියටත් සමාජයට මුහුණ දීමටත් නොහැකි වීම නිසා විවිධ වු ප‍්‍රයෝගයන් ඇති කර ගනිති. එයින් සමහරක් නම් තමාට යකුන් වැහීම. මානසික රෝගයන් ඇති බව පෙන්වීම වැනි දෑ වලට යොමු වෙති.

තවත් ගැහැනු ළමුන් එලෙසින්ම පිරිමි ළමුන් දැලේ දා ගැනීමට උත්සහ දරති. මොවුන්ද පෙර කී පරිදි පෙම්වතා පොළඹවා ගනු ලැබෙති. මෙයට කෙසේ හෝ මෙහි කොතැන හෝ වැරැුද්දක් ඇත. එනම් මොවුන්ට සමාජයේන ලැබුණු පෙළඹවීමක් හෝ අත්දැකීමක් උපයෝගී වන්නට ඇත. මෙය ඔවුන්ගේ ස්වීයත්වයට ප‍්‍රබල ලෙස බලපා ඇත.

මෙයට සිදුකළ යුත්තේ කුමක්ද? අප එම ගැහැණු ළමයාට බැන වැදීම සාධාරනද? මෙයට පෙම්වතුන්ට බැන වැදිය හැකිද? සිතා බැලීමට ඇති හා පිළියම් ලබා දීමට ඇති ගැටළුවකි.

තවද සමහර යෞවනයන් විවාහයට බියවෙති. මෙයට හේතුව විරැුකියාව සමාජයෙන් ලැබුණු වැරදි ආදර්ශයන් නිසාය. තවද නිසි වයසෙන් විවාහ වීමට නොහැකි වීමද සමාජ පීඩනයට හසුවේ.

තවත් තරුණයන් විවිධ වු දේශපාලනික අදහස් නිසා පෞරුෂය වෙනස් කර ගනිති.

මැදිවියෙහි පසුවන්නන්.


මේ කාලය සමාජයෙන් ලැබෙන්නට අවශ්‍ය ගෞරවයයි. මොවුන් බොහෝ දෙනා  බලාපොරොත්තු වන්නේ අන් අයගේ අවධානය සමාජයේන් ලැබෙන ගෞරවයයි.

මොවුන්ට සමහර අවස්ථාවන්හීදි තමා කරනා රැකියාවද බලපායි. නගරයේ කුණු එක් කිරීම සිදුකරන්නාට සමාජයෙන් ලැබෙන්නේ පහත් ස්ථානයකි. නමුත් ඔහු සමාජ පීඩනය නිසා එම රැුකියාව නොකිරීමෙන් නගරයම අපිරිසිදු වේ.

මෙම පුද්ගලයන්ගේ පීඩනයන්ට රැුකියාවද බලපායි. ගුරුවරයකුට දක්වන සැලකිල්ලත් ඔහුගේ පෞරුෂයත් සමාජයේ පිළිගත් න්‍යායක් අනුව තිබිය යුතුය. නැතහොත් සමාජයෙන් කොන්කිරීම සිදුවේ. තම රැකියාවට සාපේක්ෂව මිල මුදල් වලට සාපේක්ෂණ සමාජය විසින් විවිධ පෞරුෂයන්ට මිනිසුන් පොළවයි.

ගණිකා වෘත්තියට පෙළඹීමත් විවිධ වු මත්ද්‍රව්‍යනට විකිනීමත් පෙළඹ වීමත් නිසා මස් මාංශ විකිණිමත් පුද්ගල චර්යාව හා පෞරුෂය වෙනස් ලෙසකට හසු කර ගනිති. මොවුන් කිසිදු දෙයකට බය නොමැති ලැජ්ජවක් නොමැති සමාජ වචනයෙන්ම කියතොත් තෙන්පරාදු වු අය වෙති.

රැකිවයාවද එක් අතකින් පෞරුෂය ස`දහා බලපානු ලබයි.

මහල්ලන් 



මොවුන්ට ගැටළුව නම් මොවුන්ගේ පෞරුෂත්වයට හේතුවු කරුණු අතර මරණයට බිය වීමත් සමාජයෙන් මරණය පිලිබ`ද ඇති කර ඇති සංකල්පත් ආගමික පරිසරය තුල මරණින් මතු ජීවිතය පිලිබ`දවත් ඇති කර ඇති දෘෂ්ටීන් නිසා මොවුන් විවිධ වු  මානසික දුර්වලතාවයන්ට පෙළඹේ.

ලිංගික වශයෙන්ද දුබල වීම නිසාත් සමාජයෙන් පීඩනයන්ට හසුවෙති. තනිකම පාළුව නිසාත් මොවුන් විවිධ වු මානසික දුබලතාවයන්ට මෙන්ම කායික දුබලතාවයන්ට හසුවෙති.

මේ කාලය බහුතරයක් යොදා ගන්නේ පෙර කී වැරදි දෑ මැකීමට පින්දහම් වලට යොමුවීමය. මෙයට ප‍්‍රබල හේතුව වන්නේ ආගමික පෙළඹවීමත් (වේද ග‍්‍රන්ථ වලට අනුව), නැතිනම් තමා කර කී දෑ මතු භවයෙහි ප‍්‍රතිසන්දි වන බව (බුදු දහම) , හෘද සාක්ෂියෙන් ගැලවීම වැනි කරුණු නිසාය.

තතු එසේ හෙයින් මොවුන් සිල් රැුකීමටත් ශාන්ත ගති ඇත්තවුන් ලෙස පෙන්වීමටත් උත්සහ දරති. බොහෝ මහළු මිනිසුන් ශාන්ත ගති ඇත්තවුන් ලෙස සමාජ ගත වේ. නැතිනම් මොවුන් සමාජය විසින් විවිධ වු පීඩනයන්ට හසු කරති.

දරුවන්ගෙන් ඈත් වීමත් තම බිරි`දගේ හෝ සැමියාගේ වියෝවත් නිසා මොවුන් තනිකම නිසාත් මානසික දුබලතාවයන්ට හසුවෙති.

වැඩිහිටි නිවාසයන්ට ගෙන ගොස් දැමීමත් නිසා මොවුන් මානසිකව දුබල වේ. සමාජයේ තම දූ දරුවන්ගේ උදව්වෙන් ජීවත් වන්නවුන් සේ තමාට නොමැතිකම නිසාද දුක් වෙති.



 සැමට ජය වේවා.....

*අළුත් ලිපිය ගැන කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
අපි කතා කරමු .. මේ දේ ගැන ඉදිරි ලිපි වලින්.... හෙට සිට....