add

Showing posts with label ධර්ම දේශනා.... Show all posts
Showing posts with label ධර්ම දේශනා.... Show all posts

Saturday, March 29, 2014

අවසන් බුද්ධ වචනය

මට කවියක් හම්බ වුනා.... මට හිතුනා මේ කවියටම මාත් කවි ටිකක් එකතු කරොත් හොදයි කියලා....


ඇයි ආනන්ද ඔබ ඔය හැටි         අඩන්නේ

හැඩුවට කවුද ලොව නොමැරී      සිටින්නේ

මරණය සමගමය මිනිසා             උපන්නේ

බුදු වුන දා ඉදන් මම මෙය           කියන්නේ

 ---------------------------------------------------------------------------------------------------------------------------

අප්පමාදෝ අමත පදන්
පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තානමීයන්ති
යේ පමත්තා යතා මතා

සසරේ නිසරු බව ඔබ හොද හැටි        උගත්ත
තේරම ලොවේ පවතින සැම දේ       ඇත්ත
පැවසුවේ මම තුන් ලොව පවතින      සත්ත
ආනන්දයනි සිතන්න මේ දේ            මත්ත


ඇතිවන සැමදේම නැතිවී             යන්නේය
උපදින විටම මරනය පසු             එන්නේය
ඉක්මන් වෙන තරමට සුව            එන්නේය
සසරෙන් එතරට යා හැකි             වන්නේය.

දුක් කරදර පොදි බැදගෙන අපි       සැවොම
සසරේ සැරි සරන හේතුව              දන්නේද
එක හේතුවයි මා කිවුවේ               සැමදාම
තණ්හාවය එය මතකෙට           එන්නේද

මගේ පිරිනිවන දුක ගෙන        එන්නේනම්
ඔබ එය අවබෝධ කර ගත       හැක්කේනම්
ඔබ හට දුක දැන ගන්නට             පුළුවන්නම්
අවබෝධය කර ගන්න ආනන්ද       දැන්නම්

ආනන්දයනි ඔබ මතකේ           පවතින්නේ
ධර්මය හොදින් අවබෝධය       කරගන්නේ
කිව්වට වැඩක් නෑ එය සැම        විට දන්නේ
අවබෝධය තමයි මම  වැඩදායී        වන්නේ

                                                                                                                ගිමන් නිවන නම්තෙර

Monday, March 24, 2014

මනෝ පුබ්බංගමා ධම්මා




මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්තේන
භාසතිවා කරෝතිවා
තතෝ නං සුඛමන්චේති
චයාව අනපායිනී
                                යමක වග්ගය 2 ගාථාව

කෙනෙකුගේ සෙවනැල්ල මෙන් පසු පස එන්නේ
කුලසය පමණි මහණෙනි එය දැන ගන්නේ
අප කල පිනත් එලෙසයි අප හමු වන්නේ
කුසලය අපේ ජීවිතයම බබලන්නේ

මනසෙන් සිතා අප කරනා හොද සැමදේම
අයත් වෙනවා මේ කුසලෙට සැමදාම
සසරෙහි ගමන කෙටි කරනා අප සැවොම
කරනට ඕනේ පින් පමණක් සැමදාම

මට්ටකුන්ඩලිය දෙව්ලොව ඉපදෙන්ට
චුතිසිත තමයි මුල් වුනේ එහි ඉපදෙන්ට
මිනිසුන් කරන කියනා දෙය අන්තිමට
සිහියට නැගෙනවා මහණෙනි දැනගන්ට
                           
                                       ගිමන් නිවන නිම්තෙර

Sunday, March 23, 2014

අක්කොච්ඡි මං අවධි මං


අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති
වේරං තේසං න සම්මති
                           ෴යමක වග්ගය 3 ගාථාව෴

වෛරය සංසිදුවනා බෙහෙතයි කියන්නේ
මහණෙනි සියළු දෙය අතහැර අප යන්නේ
අල්ලාගෙන සිටිනා විට දුක් බෝ වන්නේ
කවදාවත් සසරේ ගැලවීමක් නොම දන්නේ

මට බැන්නේය ගැසුවේයැයි කියමිනනේ
වෛරය පසුපසින් ඇයි ඔබ එළවන්නේ
අනෙකා එක්ක වෛරය බැදුනොත් වන්නේ
ආපසු සසරේ සැරිසරන්නමයි වන්නේ

මෙත් සිත පතුරුවා ලෝතලයටම සිතින්
කලයුතු දේ ඒකයි අප සැවොම අතින්
වෛරය අතහැරලා සහයෝගයෙන් නිතින්
සසරෙහි සැපත අත්කරගනු මහණ සොදින්

                         ගිමන් නිවන නිම්තෙර



මනෝ පුබ්බංගමා ධම්මා


මනෝ පුබ්බංගමා ධම්මා 
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං දුක්ඛමංවේතී
චක්කංච වහතෝ පදං
                                   යමක වග්ගය 1 ගාථාව

අපමණ දුකකි ගොනකුට විදිනට වන්නේ
උගේ වේදනාවෙන් ගත වේහෙසී දියවන්නේ
බර වැඩි කියා අත් හරින්න බැරි වන්නේ
බැරිබර තියන් කසයෙන් ගුටි කෑමට වන්නේ

ගොනෙකුගේ පසුපසින් එන්නා රිය සක මෙන්
අප කරනා පවු පලදේ නොමසු ලෙසින්
දුක් විපාක ලැබ සසරෙහි සරන ලෙසින්
ඉන්නට වේය මහණෙනි දුක් මිසු විලසින්

මහණෙනි මේ වචනය ගැන සිතමින්නේ
පව් කරමින් සසරෙහි නොම සරන්නේ
පමා නොවී  සසරින් එතරට යන්නේ
මාවත මෙයයි ඔබටත් එය හැකිවන්නේ...

                                                              ගිමන් නිවන නිම්තෙර

Saturday, March 1, 2014

මාවරලේ භද්දිය හිමි... Ven Mawaralle Baddiya Thero

මීට මාස දෙක තුනකට කලින් මට යාළුවෙක් මෙහෙම කිව්වයි කියන්නකෝ... මේ උඹේ ගිමන් නිවන නිම්තෙර බ්ලෝග් එක නිවන් කිව්වට ඒක බැලුවාම පත්තුවෙනවානේ බං කියලා... හි හි.. මට පස්සේ තමයි මීටර් උනේ යාළුවා කිව්වේ මොකක්ද කියලා... 

සබ්බ දානං ධම්ම දානං ජිනාති..
සියළු දාන වලට වඩා ධර්ම දානය උතුම්...

හරි කමක් නෑ.. බලමුකෝ ඉදිරියට ලිපි ටිකක් නිවෙන්න දාන්න... හරි... අද මම ආවා බණ ටිකක් අරං බණ කිව්වාම කස්ටිය ඔළුවේ අත ගහගයිද දන්නේ නෑ, ඇයි  ලංකාවේ තරම් බණ අහන, බණ කියන, බණ කියවන... රටක් මේ ලෝකයේ කොහේවත් නැතිව ඇති.. උදේ ඉදන් හවස් වෙනකම්.. නැ නෑ... රෑ එළි වෙනකම්ම අපේ රටේ බණ පිරිත් .... ප්‍රචාරය වෙනවානේ... ඒත් මේ හැම එකම වෙලාවකට අර මුනින් අතට හරවපු කලේකට වතුර වක්කරනවා වගේ තමයි ... මොකද ලංකාවේ සිදුවෙන දේවල් දැක්කම එහෙම නොහිතුනොත් පුදුමයි.. කොහොමෙන් කොහොම වෙතත්... අද මම ප්‍රථම වතාවට මේ බොලග් එකට මාවරැල්ලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනා මාලාවක් ගෙනවා... එහෙනම් හොදට මේ කියන කරුණු අහගන්න.. ඇහැව්වට විතරක් මදී.. මේ හැම දෙයක්ම ක්‍රියාවට නංවන්න ඕනේ.. එතකොටයි අපිට  ඒ බණවලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ...

අනික තව දෙයක්... නිකන් ගිරව් වගේ පිරිත් අණං මණං කිව්වට වැඩක් නෑ... ඒ පිරිත් වල අර්ථය තේරුම් අරන් ජීවිතයට යමක් එකතු කර ගන්න ඒකයි මම දකින ... පිරිත් වලින් ඉටුවන... සෙත

මෙහෙම කිව්වයි කියලා බොලව් පිරිත් කියන එකේ සෙතක් නෑ කියලා වරදවා හිතනවා නෙවෙයි...  පිරිත් කීමෙන් ජල අංශු වෙනස් වන බව විද්‍යාවෙන් සනාථ කරලා තියෙනවානේ.. මෙතනින් ගිහින් බලන කෙනෙක් බලලා.. ඒ ගැනත් අවබෝධයක් ගන්නකෝ.. එහෙනම්... බුදු සරණයි .. බණ අහලා ජීවිතයට යම් දෙයක් එකතු කර ගන්නකෝ....

  • බෞද්ධයා නාලිකාවේ ප්‍රචාරය වු ධර්ම දේශනයක්

  • ග්‍රිසියේ ඇතැන්ස් නුවර දී දේශනා කල ධර්ම දේශනයක්...
  • ටි එන් එල් රෑපවාහිනියේ ප්‍රචාරය වු ධර්ම දේශනයක්...

  • නිර්වාණ සමාධි කියන යු ටියුබ් චැනලයේ ප්‍රචාරය කල ධර්ම දේශනයක්..


  •  වොෂින්ටන් හී දේශනා කල ධර්ම දේශනයක්....
  •  2014 01 31 නිර්වාණ සමාධි හි ප්‍රචාරය කල ධර්ම දේශණයක්.

  • සිරස රෑපවාහිනි සේවයේ ප්‍රචාරය කළ ධර්ම දේශනා


 

  •  2012 අවුරුද්දෙහි දේශනා කල ධර්ම දේශනයක්....

  •  නිර්වාණ සමාධි යු ටියුබ් චැනලයේ ප්‍රචාරය කරන ලද ධර්ම දේශනයක්...


  • බෞද්ධයා රෑපවාහිනි සේවයේ ප්‍රචාරය කරන ලද ධර්ම දේශනයක්..

 


බුදු සරණයි සැමටම......