add

Showing posts with label විවාහය. Show all posts
Showing posts with label විවාහය. Show all posts

Monday, July 28, 2014

විවාහය..... (4 වන ලිපිය...)


අපි දැන් කතා කරගෙන ආවා අතීතයේ තිබ්බ විවාහ මොනවාද? එතකොට විවාහ ක්‍රම 8 ක් ගැන.. අයේ නෑන මස්සිනා විවාහ පිලිබද...ඉතින් අද අපි කතා කරමු..මම ජෝතිෂ්‍ය ගැන කතා කරන්නේ නෑ.. මොකද මම ඒ ගැන වැඩිය උනන්දුවක් නෑ,. අතීතයේ මේ ජෝතිෂ්‍ය කටයුතු විවාහයට පෙර දැඩි ලෙස ඉටුකර තිබෙනවා.. මෙයින් ඔවුන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න අදහස් කරලා තියෙනවා...

කපු මහත්තයා කියන චරිතය අපිට අතීතයේ විවාහ ගැන කතා කරද්දී නැතිවම බැරි චරිතයක්.. ඒ චරිතයට තියෙන භූමිකාව තමයි.. දෙදෙනාගේ හදහන් ගැළපවීම.. කුලමළ ...සමාජ තත්ත්වය.... වගේ දේවල් හොයන එක.. ඒ විතරක් නෙවෙයි.. අතීතයේ මනමාලිය විසින් මනමාල පාර්ශවය වෙත දෑවැද්දක් ලබා දෙනවා.. ඒ ගැන තීරණයකට එළඹිමේදී මේ කපු මහත්තයාගේම කාර්යයක්... සමහර වෙලාවට මේ දෑවැද්ද කියන එක බලාපොරොත්තු වෙන්නේත් නෑ... ඒත් තම දියණිය වෙනුවෙන් කුමන අන්දමින් හෝ පරිත්‍යාගයක් කිරීමටම මනාලියගේ දෙමාව්පියන් ඉදිරිපත් වෙනවා..

පොරොන්දම් එහෙම බලලා ඊට පස්සේ ඒවා ගැලපෙනවා නම්.. මීලග අවස්ථාව තමයි ගෙවල් දොරවල් සහ වගතුග සොයන්න යෑම.. ඉස්සෙල්ලාම කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන තරුණයා යනවා තරූණියගේ ගෙදරට... මේකට කියන්නේ ‘මනාලියක් බලන්න යනවා‘ හෝ ‘කරකාරයක් බලන්න යනවා‘ කියලා. ඒ දවසේ මනාලිය ලස්සනට අන්දලා හැඩ වැඩ කොරලා බුලත් හෙප්පුවක් දීලා එවනවා මනමාලයා ළගට....මනමාලිය කරන්නේ ඒ බුලත් හෙප්පුව මනමාලයාට පිළිගන්වනවා... ඉතින් මනමාලයා මනමාලිය.. එකිනෙකා දකින්නේ ඒ වෙලාවේ තමයි.. ඒත් එදා ලැජ්ජාව නිසා එකිනෙකා දකින්නේ නෑ හරියට.... ඒත් ඥාතින් වැඩිහිටියන් ඇයගේ ශාරීරික ලක්ෂණ හා ඉරියව් ගැන සැලකිල්ලෙන් බලනවා...

මොනවාද ඉතින් ඔය බලන ඉරියව්.. අහන ප්‍රශ්නයක් නේ.. මම ටිකක් කියන්නම්..

ඝන තොල් ඇත්තීයක් කාමාතුර කාන්තාවක් ලෙස හදුන්වනවා.. ඉදිරි දත් අතර හිඩැසක් තියෙනවානම් ඇය පර හිමයන් සොයා යන බවත්, පයේ දෙවැනි ඇගිල්ල මහපටැගිල්ලට වඩා දිගින් වැඩි වූයේ නම් ඇය තම ස්වාමියා කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ..නිකට කෙළවරෙහි උපන් ලපයක් තිබේනම් ඇය චපල ගති ලක්ෂණ සහිත බවත් වගේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව කියවෙනවා.. තව ඇය ඒ අවස්ථාවේ පැමිණෙන විට ඇගේ ගමන, ඉරියව් නිරීක්ෂණය කරන වැඩිහිටියෝ තමන්ගේ අදහස් මනමාලයාට කියනවා..

ඉතින් බුලත් හෙප්පුවේ චාරිත්‍රයෙන් පසුව .. මනාල මහතා ඇතුළු පිරිස තේ මේසයට හෝ බත් මේසයට කැදවා ගෙන යාමයි.... සමහර ප්‍රදේශ වල තේ මේසයට කැදවාගෙන ගොස් පසුව චාරිත්‍රයද සිදු කරනවා... තේ පැනි සංග්‍රහයෙන් පසු ඒ විවාහයට සතුටු නම් මනාලියගේ පාර්ශවයට මනාලයාගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරවා.. ඒ වෙලාවේ තමයි දෙපිරිස අතර කතා බහ සිදුකොට විවාහය සිදු කරන හැටි කතා කරන්නේ...  

දැන් විවාහයට කැමැත්ත හම්බ උණානේ.. පස්සේ මොකද වෙන්නේ කියලා බලමු... අපි ඊළග ලිපියෙන්....

Saturday, July 26, 2014

මගුලක් කතා කරනවානම්........ ලෑස්තිද? (කසාදේ කසාදේ... 2වන ලිපිය)





පැරණි පොත්පත් වල තියෙනවා විවාහ ක්‍රම 8ක්... 


1. බ්‍රහ්ම විවාහය

2 දේව විවාහය

3 සෘෂි විවාහය

4 ප්‍රජාපත්‍ය විවාහය

5. අසුර විවාහය

6. ගාන්ධර්ව විවාහය

7 රාක්ෂ්‍ය විවාහය

8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වෙනවා.
ඊයේ ලිපිය නතර කලේ මෙතනින්නේ.. මොකක්ද මේ විවාහ ක්‍රම 8... ඉස්සෙල්ලා කියන්න ඕනේ මේක “පැරණි පොත් පත්“ වචනාර්ථයෙන්ම මේක පරණයි.. ඕන් එහෙනම් අද කතා කරමු.. 

මේ විවාහ වලින් පළමුවෙනි විවාහ ක්‍රම 3 අද වෙන්නේ නෑ... බ්‍රහ්මණයන්, යෝගීන්, තාපසයන්, පූජකයන් අය පාවා දීමෙන් කරන විවාහ නිසා... 

හතරවන  විවාහ ක්‍රමය තමයි දෙමාපියන් හෝ වැඩිහිටි අයෙක්ගේ අනුමැතියක් ඇතිව  කුල සිරිත් ඉටු කරලා සිදුකරන විවාහ... මේවාට කියන්නේ විවාහය ප්‍රජාපත්‍ය කියලා  කියන්නේ...

අසුර විවාහ කියන්නේ ණය එහෙම තිබිලා... ගනුදෙනු පොරොන්දු  මත විවාහයක් කරනවානම්... 

එතකොට ජම්පිං ගොයින්.. ඒ කියන්නේ දෙමාපියන්ට හොරෙන් සිදු කරන විවාහවලට කියන්නේ ගාන්ධර්ව විවාහ කියලා.. (ඔන්න දැන් ඉදන් පැනලා යං කියන්නේ නැතිව... අපි ගාන්ධර්ව විවාහයක් කරමු කියලා යොජනා කරන්න පුළුවන්... සමහරු පොල්තෙල් ඔළුවේ ගාන්නේ නැති වුණාට නෙරළු තෙල් ගානවානේ... නේද?  =)) )

එතකොට ඔය හින්දි ෆිල්ම් වල  ටැමිල් ෆිල්ම් වල වගේ කොල්ලාට කෙල්ලට එක එක තර්ජන, ගර්ජන, කෝලහල එක්ක පැහැරගෙන ගිහින් සිදු කරන විවාහ තමයි රාක්ෂ්‍ය විවාහ කියන්නේ...

එතකොට නූල් පන්නලා, වශී කොරලා , ඔය අනම් මනම් මන්ත්‍ර ශාස්ත්‍ර කොරලා සිදු කරන විවාහ වලට තමයි පෛශාච විවාහ කියන්නේ...  (ඔන්න මහේෂ් සහෝදරයාට ඕනේයි කිව්ව දේ..)

නෑනා මස්සිනා විවාහ වලට අතීතයේ තහංචි දැම්මේ නෑ.. මොකද ඒක සම්මතයක්.. සහෝදර සහෝදරියන්ගේ දරුවන් සමග මේ විවාහ සිදු කරලා තියෙනවා. අපේ කවි සාහිත්‍යයෙත් මේ නෑන මස්සිනාගේ ආදරය පිළිබද රසවත් වගේම දුක්බර මතකයන් රාශියක් තිබිලා තියෙනවා.. කසාදයට ඔබ සූදානම්ද කියන ලිපි පෙළේ දෙවන ලිපියෙන් කතා කරන්නේ අපේ අතීතයේ තිබ්බ නෑනා මස්සිනා විවාහය පිළිබදව...

ඔන්න මම පටන් ගන්නේ අයිති වාසිකම් වලින්.. කවියෙන්ම නෑනට තියෙන අයිති වාසිකම් කීවේ මෙහෙමයි..

“වැසි දිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
 මල් පැණි අයිති වට ගුමු දෙන බඹරුන්ටයි
 මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
 නෑනා අයිති කාටද මස්සිනාටයි “ 

හිතන්න නෑනා කෙනෙක් නැත්තම මොකද කරන්නේ .... අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නේ... එහෙම මස්සිනා කෙනෙක් කියන කවියක්...

සාගතේ මොටද මිනිහෙක්‌ සතය නැති
මාවතේ මොටද තමනට ඉඩක්‌ නැති
රාමතේ මොටද මහ පෙරළුමක්‌ නැති
ජීවිතේ මොටද නෑනා කෙනෙක්‌ නැතී...

ඉතින් මෙහෙම දෙයක් නැති උණාම ඉතින් නැන්දලාගෙන් එහෙම හොයනවා දූවරු ඉන්නවාද කියලා... එහෙම හොයන්නෙත් අමුතු විදිහට.. ලස්සන නැන්දා කෙනෙක් ගාවට ගිහින් අනේ නැන්දේ ඔයා ඔච්චර ලස්සන නම් ඔයාගේ දුව කොච්චර ලස්සන වෙන්න ඕනේද කියලා අහනවා... මෙන්න මේ විදිහට


ගින්දේ සඳුන් පිනිදිය ගිණි සිළු විලස

 සන්දේ කොවුල් සවනට රකු හඬසෙ 
විස බැන්දේ මමන මද යුදයට හැම දවස
නැන්දේ ඉතිං කොහොමද මට කල දවස

ඉතින් නැන්දා මෙහෙම උත්තර දෙනවා.. මම කිව්වේ පුවක් ගහෙත් දෙබලක් කියලා.. නැන්දට දූවරු නෑ,

අමයුත් රස වදන දී සිඹ සිඹ මූණ  
රම පුත් යුද දිනති විසි සියො සහ යාන  
මම ලත් දුවක්‌ නැත දෙන්නට එසමාන  
මම වත් එමි ඉඳින් දුක නැතුවම බෑන..."

ඉතින් මොනවා කරන්නද..  
 
හරි දැන් නෑනා කෙනෙක් ඉන්නවා කියන්නකේ.. හැබැයි ගෙදරින් මාමා නැන්දා කැමති නෑ.. ඉතින් මෙහෙම අයිතිවාසිකම් කියනකොට ඒ අයිති වාසිකම බුක්ති විදින්න බැරි උනොත් මොකද කරන්නේ.. ඒ කියන්නේ නෑන හම්බ උනේ නැත්තම්... 

මස්සිනා කියන කවියක් තමයි මේ.. නෑනා දෙන්න කැමති නෑ.. 

“කුටු කුටු ගාන උගුරේ ගෙඩි හැදීයන්
වට පිට බලන ඇස් දෙක පොල හැදීයන්
වමතට බදින කොන්ඩේ ගිනි වැදීයන්
මට දුව නොදෙන නැන්දගේ ළය පැළියන්..“

දැන් ඉතින් මෙහෙම ඉන්නත් බෑරිනම් මස්සිනා මෙහෙම ප්ලෑන් කරනවා..


"අප්පත් මහප්පත් මඟුලට හරස්‌ වෙතේ
 
රෑ තනි රැයක්‌ තනි යහනේ නින්ද නැතේ  
මගෙ නෑනා මා සමඟම දීග යතේ
 කාටත් නොකියාම අපි යමු පහළකෙතේ..."

ඔහොම තමයි ඉතින් අයිති වාසිකම් නොලැබුණාම.. ඒත් සමහර අය කරන්නේ ඔහොම ඉන්න කොට නෑනට සීන්.. කරන අය කරන්නේ

ඉරට පුලුවන්ද ගිරවුන් අල්ලන්ට
සඳට පුලුවන්ද සාවුන් අල්ලන්ට
මලට පුලුවන්ද බඹරුන් අල්ලන්ට
නෑනට පුලුවන්ද මට තනියට ඉන්ට

.ඉතින් කොහොමෙන් කොහොම හරි නෑනා මස්සිනා සෙට් වෙනවා.. එතකොට නෑනලා සමහර වෙලාවට එක එක ගැටළු වලින් බේරෙන්නත් මස්සිනා උකස් කරනවා..

ඉස්සර අම්බලම් හදන්නේ සැතපුම් 22 න් 22කට.. එතකොට ගොඩාක් දුර කතර ගෙවාගෙන තමයි යන්න වෙන්නේ.. ජන කවි සාහිත්‍යයේ  ලස්සන සිදුවීමක් තියෙනවා. (මේක අපිට කීවේ අපේ සිංහල උගන්නපු ගුරුතුමා.... ආර්. රාජපක්ෂ ගුරුතුමා.. එතුමව මතක් කරනවා මේ වෙලාවේ...)

ඉතින් අම්බලමේ ඉන්නවා තරුණයෙක්... තරුණියක් මේ අම්බලම ලගින් යනවා.. ටිකක් ඇහැට කනට පේන තරුණියක්.. තරුණයා මෙහෙම කියනවා.. පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉග... නෑ නෑ දැන් කාලේ කොල්ලෝ ටිකාාාක සංවරයි.. ... 

“ අල්ලාගෙන නෙරිය අතකින් කින්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කින්ද නගෝ
සැමියෙකු නැති මගක තනියම කින්ද නගෝ
අම්බලමේ මදක් නැවතීයන්ද නගෝ....“

ඉතින් මේ කෙල්ල හා අයියා කීවේ නෑ මේ කෙල්ල බෑ කිව්වෙත් නෑ... මොකක්ද කිව්වේ... ආඩම්බරයි බැලුවම නම් ..  හොර..   නෑ නෑ.. ඒ කාලේ කෙල්ලෝ දැන් කාලේ කෙල්ලන්ට වඩාාා ගොඩාාාාක් සංවරයි... 

අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හන්දා
වසාගෙන දෙතන බිලිදුගේ කිරි හන්දා 
බාල මස්සිනා පස්සෙන් එන එන්දා
යන්නම් අයියන්ඩි ගම රට මගේ දුර හන්දා...

ඉතින් මෙතන බාල මස්සිනා කියලානේ කියලා තියෙන්නේ.. ? හරි අපි ලොකු අයියා.. පොඩි අයියා.. කියලා කියනවානම් ඇයි වැඩිමහල් මස්සිනා බාල මස්සිනා කියලා කීවම වරදක් නෑ කියලා මට හිතුණා..

හැබැයි සමහරක්වෙලාවට මාමාවරූ දූලා දෙන්නේ බලෙන්ම පෙරැත්ත කරලා.. එහෙම වුණ මස්සිනා කෙනෙක් කියනවා මෙහෙම කවියක්...


අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට  
බින්න මඟුලකට බහදී මෙමා හට  
අප්පා ලෙසට වුණි අඹුවක්‌ එදා සිට
උපන් රටට යැමට දැන් හිතෙයි මට"


කසාද බැන්දයි කියන්නකෝ.. ඉතින් මොකද කරන්නේ... බින්න විවාහයක් වුනොත් මෙහෙම දෙයක් වෙනවා.. මම කලින් ලිපියේ කිව්වේ.. මේ බින්න විවාහයේදී ගෙනි යන්න ඕනේ දෙවල්  තියෙන්නේ මේ කවියේ..

තක්‌ක තරිකිට බින්න දොං දොං  
පැළේ යට හැරමිටිය දොං දොං  
බොලේ කෝ තල අත්ත දොං දොං
  මලේ දිය හුළු අත්ත දොං දොං"

මොනවාද බොල ගෙනියන්න ඕනේ... බලමු.. හැරමිටිය.. ඒ මොකටද.. මොකද දන්නවාද. නැන්දම්මා.. හෝ භාර්යාව පලයං කිව්වොත් රෑ වෙලා  හැරමිටිය ඕනේ වෙනවා සතා සීපාවාගෙන් ආරක්ෂා වෙන්න... එතකොට තල් අත්ත මොකටද මොකටද දන්නවාද වැස්සක් ආවොත් එහෙම..  අයේ හුළු අත්ත.. මොකද රෑ කළුවරේ යන්න එපායේ.. ඒකයි... ඉතින් 

නැන්දම්මට මේ බෑණා පොඩ්ඩ වෙනස් වෙන විදිහ බලන්න...

අලුත් පිට බෑනා ගෙදර එන විට
මලුත් පුදා දුව කැන්දා දෙති ළඟට
කලුත් ගොසින් බෑණා ගෙදර එන විට
බලුත් නොවටීය බෑණා නැන්දාට...”


අද ඕන්න පළ කලේ ඉස්සර නෑනා මස්සිනා විවාහ පිළිබදව අයෙත් ලිපියකින් හමුවෙමු.. එහෙනම් ජය වේවා..

Friday, July 25, 2014

කසාදෙට ලෑස්තිද? (3 වන ලිපිය)




කලින් ලිපියේ අපි කතා කරා ලංකාවේ අතීතයේ තිබ්බ විවාහ ක්‍රම පිළිබදව..බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් කියවලා එන්න... අපි කතාකරපු මේ විවාහයන් අතරින් සිංහල ජනයා විවාහ ක්‍රමය වූයේ කපු මහතෙක් ලවා  පවුලට පෙළපතට තරාතිරමට ගැලපෙනවාද කියලා බලලා සහකාරයෙක් හෝ සහකාරියක් හොයන්න කියනවා.. ඉතින් මේ මගුල් කපුමහතා තමයි ඉතිරි ටික කරන්නේ .. ගැලපෙන යැයි සිතන අයගේ ජන්ම පත්‍රය සමග විවාහ අපේක්ෂිත පුද්ගලයාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා පොරොන්දම් ගැලපෙනවාද කියලා බලනවා.... දැන් කාලේ මේ මගුල් කපු මහත්වරු අඩුයි .. මේ වෙනුවට දැන් කොම්පැණි හැදිලා තියෙනවා.. අනික දැන්කාලේ සමාජ වෙබ් අඩවි... වලින් එහෙම හොයා ගන්නවානේ....

පොරොන්දම් 20ක් තියෙනවා...

 මේ එක එක පොාරොන්දමේ එක එක ගති ස්භාවයන් කියවෙනවා.. මම එච්චර ජ්‍යෝතිෂය පිළිබද හසල දැනුමක් තියෙන අයෙක් නොවේ...  ඒක හින්දා මම මේ ලිපිය උපුටාගත් එකක්.. මොකද හැමදේම කතා කරනවා කීවනේ....මම ලිපියක් කියෙව්වා ඒ ලිපිය ඔයාලාටත් කියවන්න දානවා.. පුළුවන් නම් මේ ලිපිය ලියපු කෙනාට උපකාරයක් කරන්න.. අදහසක් දාලා දිරිමත් කරන්න.. ඒක වටිනවා... ලින්ක් එක පහතිත් දාලා ඇති...



 ............ගෙදර අය බලන්න කලින් පොරොන්දම් බලන්න අසද?..........

01) නැකැත් පොරොන්දම
02) වෘක්‍ෂ පොරොන්දම
03) ගණ පොරොන්දම
04) ආයුෂ පොරොන්දම
05) මහේන්ද්‍ර පොරොන්දම
06) පක්‍ෂි පොරොන්දම
07) ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම
08) භූත පොරොන්දම
09) යෝනි පොරොන්දම
10) ගෝත‍්‍ර පොරොන්දම
11) රාශි පොරොන්දම
12)වර්ණ පොරොන්දම
13) රාශ්‍යාධිපති පොරොන්දම
14) ලිංග පොරොන්දම
15) වශ්‍ය පොරොන්දම
16) නාඩි පොරොන්දම
17) රජ්ජු පොරොන්දම
18) දින පොරොන්දම
19) වේධ පොරොන්දම
20) ග‍්‍රහ පොරොන්දම


 __මේ ගැන වැඩි විස්තර ඕනේ නම් අපේ බ්ලෝග් අවකාශයේ සිටින වයලීනෝ සහෝදරයා ලියු පෝස්ට් එකක් තියෙනවා.. එතනට ගිහින් බලන්න.. මෙන්න ලින්ක් එක... _______

ඔන්න පොරොන්දම් ගැන .. තවමත් ඒවගේ ටික ටික ඉතිරි වෙලා තියෙනවා.. දැන්නම් මේවා කොම්පියුටර් වලින් එහෙමත් හදලා දෙනවානේ ඕන්.. මම ඔය ගැන ඊට වඩා කියන්න යන්නේ නෑ....  

ඊයේ දිනයේ මම කසාදේ කසාදේ ලිපිය පළ කලාට පස්සේ මහේෂ් රත්නායක  සහෝදරයා
(h) කොමෙන්ට් එකක් දාලා තිබ්බා විවාහ වර්ග අටක් තියෙනවා නේද කියලා.. දැන් ඒ  ගැන තමයි මේ සදහන් කරන්නේ.. ස්තූතියි හැමදෙනාගෙම අදහස් වලට.. 

පැරණි පොත්පත් වල තියෙනවා විවාහ ක්‍රම 8ක්... 


1. බ්‍රහ්ම විවාහය

2 දේව විවාහය

3 සෘෂි විවාහය

4 ප්‍රජාපත්‍ය විවාහය

5. අසුර විවාහය

6. ගාන්ධර්ව විවාහය

7 රාක්ෂ්‍ය විවාහය

8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වේ.

මේ ගැන වැඩි විස්තර ඊළග ලිපියෙන් දැනගනිමු.. මොකද ලිපිය දිග්ගැස්සෙන්නත් හොදනෑනේ...

එහෙනම් ඊළග ලිපියට ආරම්භයක් තියලාම මෙසේ අවසන්කරනවා.. 


කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ නම්.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

Thursday, July 24, 2014

කසාදේ ... කසාදේ....... (2 වන ලිපිය)

 
හරි ඔක්කොටෝම සුභ උදෑසනක් වේවා කියලා පතනවා...  :) මම මෙම ලිපි පෙළ ආරම්භ කරන්න හිතන් කලින් ලිපියක් දැම්මා.. මම හිතුවටත් වඩා ඒකට ප්‍රතිචාර තිබ්බා.. මොකද මෙච්චරම කසාදේ කියන වචනයට ආකර්ෂණයක් තියෙන්නේ කියලා හොයලා බලන්න ම වටිනවා.. එහෙනම්... අද ඉදන් ඕන් හැම දෙනාටම වැදගත් ලිපි පෙළක ආරම්භයක් වෙයි එහෙනම්....

ඒ ලිපියෙහි නම “කසාදේ නම් කසාය හරි තිත්ත බෙහෙතකී“ කියන ලිපියෙහි මාතෘකාව ටිකක් ඝෘණාත්මක උනත් එයට ආකර්ශනය වෙන ප්‍රමාණය වැඩී වගේ... x-) නෑ නෑ එහෙම නොවෙන්ඩත් පුළුවන්. [-( හිතන්න මෙහෙම මේ ලිපිය පෝස්ට් කරාට පස්සේ ඕන් එක එක සින්ඩි වලින් මේ පෝසට් එක පෙන්නවා.. 

** මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනේ.. ඔය හත්මාළුව.. මාතලන්ගේ සින්ඩි... වලට එහෙම**  හිතලා බලන්න දවසකට ලිපි 100, 200 ඒ සින්ඩි වලට එකතු වෙනවා... කවුරු හරි ඔතනට ගිහිල්ලා ඒකේ තියෙන ලිපි ටිකේ මාතෘකා ටික කියවනවා.. එතකොට ඒ ඒ පුද්ගලයා විවධ වූ තමුන්ගේ කැමත්තට අනුව එක එක මාතෘකා වලට යනවා... හිතලා බලන්න එහෙම නෙවේද කියලා.. අද මේ ආපු පෝස්ට් එකත් ඔයා තෝරගත්තේ ඔයාගේ කැමැත්ත අනුව... එක්කෝ ඔයා කසාද බදින්න ඉන්න කෙනෙක්.. එක්කෝ කසාද බැදපු කෙනෙක්..කොතන හරි කොනක ඔයා කසාදෙට කැමැත්තක් තියෙනවා....

හරි අපි පටන් ගමු...  ඉස්සෙල්ලාම අපි විවාහය කියන වචනය මොකක්ද කියලා බලමු.. ඒ වචනයේ අර්ථය මොකක්ද කියලා..  

                                    වි - විශ්වාසය
                                    වා- වාසනාව 
                                    හ - හෘද සාක්ෂිය
                                    ය - යහපත් ගමන

ඔබ මේ විවාහය කියන වචනයෙන් හරියටම අර්ථ දැක්වෙන දේ ගැන හිතලා බැලුවද.. මේ කියන කාරණාවන් හැම එකක්ම විවාහ ජීවිතයේ ශක්තිමත් කරනවා.. අපිට විශ්වාසය නැත්නම් .. ඒ පවුල් ජීවිතය අවුල් වෙනවා.. වාසනාව කියන දේත් එහෙමයි.. ඒ හැම එකකටම වඩා හෘද සාක්ෂිය අත්‍යවශ්‍ය වෙනවා..  බලන්න මේ වචනයෙන්ම ඒ දේ හදුන්වලා තියෙන විදිහ..

ඒ නිසා අපි  මේදේවල්  දැනගෙනම ඉදිරියට කතා කරමු... මුලින්ම කියන්න ඕනේ  විවාහය කියන දේ දෙවන උපත කියලා හදුන්වනවා.. මොකද මෙයින් පස්සේ ජීවිතයේ සාර්ථක හෝ අසාර්ථක බව තීරණය වෙන නිසා...හිතලා බලන්න ඇත්තද කියලා...

කිසියම් සමාජයක පැවැත්ම උදෙසා මෙම විවාහය කියන දේ බලපානවා...කියන එක. ඒ කියන්නේ පරපුරක් බිහි කිරීමට අපිට කාන්තා පුරුෂ  දෙදෙනෙක් එක්වීම තිබෙන්න ඕනේ..  

ඔබ එවිට කියයි ඉතින් ඒකට විවාහ වෙන්න ඕනේයෑ කියලා.ඒත්  අපේ  රටේ මේ විවාහ කියන්නේ මේ විතරක්ම නෙවේ.. ඊට වඩා ශක්තිමත් බැදීමක්.. අනාගත පරපුර පවත්වාගෙන යන එකයි (ඒ කියන්නේ දරුවන් සෑදීම) , ඔවුන් රැක බලා ගැනීම, පෝෂණ්‍ය කිරීම, හොද නරක කියා දීම.. හොදින් ඉගැන්වීම යහපත් ලෙස සමාජයේ ස්ථාවර ලෙස සිටීමට පුලුවන් පුරවැසියෙක් ලෙස බිහිකීරීම කියන මේ කාරණා සියල්ලම අයත් වෙනවා...

වෙන රටවල් වල තිබෙන්නේ මීට වඩා වෙනස් ක්‍රමයක්.. හැබැයි අපේ ආසියාතික රටවල බොහෝවිට මේ දේවල් තියෙනවා.. 

අපි අද කතා කරමු පළමුවෙන් ලංකාවේ අතීතයේ තිබූ විවාහ පිළිබද..මේ දේ ඔබ අසා නොතිබෙන්න පුළුවන්..

ඉස්සෙල්ලා කියන්න ඕනේ ලංකාවේ කලින් නම් මේ රෙජිස්ටර් කරනවා කියන එක තිබ්බේ නෑ.. ඒක වෙනුවට තිබ්බේ දෙන්නාගේ කැමැත්ත මත එකගෙයි අඹුසැමියන් විදිහට ඉන්න එක.. බ්‍රිතාන්‍ය ජාතීන් විසින් තමයි මේ මේ නීති විවාහය කියන එක ඇති කරන්නේ.. 

ලංකාවේ පෙර තිබ්බ විදිහට කිසිම බලහත්කාර බැදීමක් නොදමා.. දෙදෙනාගේ විශ්වාසය මත දිවි තිබෙන තුරා මේ විවාහය පවත්වාගෙන යෑමයි.. කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් විසින් මේ දේ පිළිනොගෙන නීති විවාහය කියන දේ හදුන්වා දුන්නා.. පහත රට ප්‍රදේශයේ පැවතුනේ නීති විවාහය මොකද පහත රට ප්‍රදේශය බොහෝකල් බ්‍රිතාන්‍ය ජාතීන්ට අයත් වෙලා තිබුණ නිසා .. ඒත් උඩරට ප්‍රදේශයේ නම් බොහෝ කාලයක් යනකම් තිබුණේ මේ අපි කලින් සදහන් කල විශ්වාසය මත ගොඩ නගාගත් විවාහයයි..


ලංකාවේ විවාහ ක්‍රම කිහිපයක් තිබ්බා.. මතකද පොඩිකාලේ සමාජ අධ්‍යයනය විෂය තුල තිබ්බා.. ඉතිහාස විෂයෙත් තිබ්බා.. ඒ පාඩම් කරද්දි අපි හරි ජොලියෙන් අහනවා.. ඒත් එක්කම දාර්ශනික ටෝක් දෙනවා..


මොනවාද ඒ විවාහ...
               1) දීග විවාහ
               2) බින්න විවාහ
              3) එකගෙයි කෑම
              4) අන්ත:පුර
              5) හුවමාරු විවාහ
              6) ඇවැස්ස විවාහ(නෑනා මස්සිනා විවාහ)

මතකද මේදේවල්.. කමක් නෑ අමතක නම් මතක් කර ගන්නකෝ...

දීග විවාහ කියන්නේ මනමාලයා විසින් මනමාලිය කැන්දාගෙන එන එක...  බින්න විවාහ කියන්නේ මනමාලියගේ ගෙදරට මනමාලයා ගොස් පදිංචි වීම.. මෙහෙම ඉදිද්දි නම් කියනවා කොළපතයි හුලු අත්තයි අතේ තියන එහෙට යන්න ඕනේ කියලා. මොකද ගෙදර භාර්යාව හෝ නැන්දම්මා පළයං කිව්ව දාට මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියලා.. මේදේ ගැන දැන්නම් මොඩ් කරලා ගන්න ඕනේ... ටෝච් එකයි කාර්පට් එකයි කියලා කියමුකෝ..    :d 

 එකගෙයි කෑම කියන්නේ සහෝදරයන් කීප දෙනෙක් එක් භාර්යාවක් කැන්දාගෙන ඒම... ඒ සහෝදරයෝ හැම දෙනාම මේ භාර්යාවත් සමග ලිංගිකව හැසිරෙන අතර ඔවුන් අතර කිසිම ඊර්ෂියාවක් නොතිබීමයි.. මේහිදී මොවුන්ට දාව උපදින දරුවන්ට හැම කෙනාම තමාගේ දරුවෙක් ලෙස සැලකීමයි.. මෙහිදී මෙය සිදුකරනට හේතුව ලෙස දකින්නේ දේපළ බෙදීම වැළැක්වීමයි.. මෙහිදී භාර්යාවට කිසිම සැමියෙක් ප්‍රතික්ෂේප කරන්න බැ.. එතකොට කොහොමද බොල මේ එක එකා එක වැරම...නෑ නෑ  b-(  මේකටත් ක්‍රමයක් තිබ්බා.. ඒ කියන්නේ භාර්යාවත් එක්ක සැමියෙක් ඉන්නා විට ඔහුගේ අමුඩ ලේන්සුව දොරේ එලිලනවා.. 
ඒක සංකේතයක්.. 

අන්ත:පුර කියන්නේ රජවරුන්විසින් භාර්යාවන් බොහෝ දෙනා තබා ගැනීමයි.. මෙයින් වංශවත් බව නිරූපණය වෙලා තියෙනවා.. ඒත් එක්කම  මේ දේ කරන්නේනම් හේතු කිහිපයක් තියෙනවා.. මේ හැම කෙනා එක්කම අඹුසැමි සබදතා පැවැත්වීම නිසාම නෙවෙයි. එක් දෙයක් නම් රාජ්‍යයට තර්ජනයක් ඇති නොවෙන්න.ඒ කියන්නේ තර්ජනාත්මක ප්‍රදේශයක සිටි කෙනෙක්ගේ දුවෙක් විවාහ කර ගැනීම නිසා එම තර්ජනය මග හැරෙනවා.. ඒ කියන්නේ රාජ්‍යත්වය ස්ථාවර කර ගැනීමට...


ගැමියන් අතර තිබ්බ හුවමාරු විවාහ ක්‍රමයෙන් වෙන්නේ තමාගේ සහෝදරියක් වෙනත් කෙනෙකුට පාවා දී ඒ පුද්ගලයාගේ සහෝදරියක් කසාද බැදීමයි.. මේ විවාහය හුවමාරුවක් නේ වෙන්නේ නේද...

අනෙක් එක තමයි කතා කරන්න ඕනේම .. නෑන මස්සිනා විවාහ... මේකනම් අපේ සාහිත්‍යයේත් සදහන් වෙලා තියෙන දෙයක්.. අහලා ඇතිනේ වර්තමානයෙත් ජනප්‍රිය විරිදුවක් තියෙනවා.. 



හැබැයි වර්තමානයේනම් මේ විවාහය පිළිගන්නේ නෑ, මොකද එක ලේ ඥාතී කම් විවාහ වලදී උපදින දරුවන්ට නිලීන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙන නිසා..  

හරි මතුවට කතා කරමු ඇති නේ. කියවන්නත් එපා වෙනවානේ.. ඊළග තව කතා කරමු.. 

කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

Monday, July 21, 2014

කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

කසාදය කියන්නේ මොකක්ද.... කියන එකට විවිධ වූ පිළිතුරු ලබා දීමට පුළුවන්...  මම ටිකක් කියන්නද? ඔබේ උත්තරෙත් මේ අතර තියෙනවාද කියලා බලන්න...

කසාදය කියන්නේ අමු අඹයක් වගේ ... කන්නේ නැති මිනිහාගේ කටට කෙළ උණනවා.. උනත් ..කන මිනිහාතමයි ඒකේ ඇඹුල දන්නේ...

කසාදය කියන්නේ වගකීම් ගොඩක්...

කසාදයද... කසාදය කියන්නේ  වටිනා දෙයක්...

මේලෙස හෝ මේ ආසන්නයේ යන උත්තර තිබෙන්නට පුලුවන....

කෙසේ නමුත් කසාදය කියන්නේ මිනිසුන් පරිණාමය වීමේදී සංස්කෘතික වශයෙන් ගොඩනගාගත් සාධකයක්... අපි පසු ලිපි වලින් මේ කසාදය හෙවත් විවාහය පිළිබද විස්තරව කතා කරමු... මේ ලිපිය ආරම්භක ලිපිය ලෙස යොදන ලිපියක්....

මේ අපේ ගීතයට වටිනා නිර්මාණ රැසක් කල ප්‍රේම කීර්තිද අල්විස් රචකයා දැකපු විදිහ.. හොදයිද කියලා බලන්න... 

මේකෙදී යාළුවෙක් කසාද බදිනවා.. ඉතින් අනික් යාළුවෝ විසින් අර මනමාලයාට(තමාගේ යහළුවාට) විවාහය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නේ මේ විදිහට...


එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී....

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී...

ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්. එම්. ජයරත්න

“මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්

 ඔය සින්දුවට වර්තමානයේ යාළුවෝ ටිකක් මෙහෙම නැටුවාලු...


අපි ඊළග ලිපියෙන් කතා කරමු.. විවාහය ගැන.. අදට ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා..... !