add

Showing posts with label පද්‍ය. Show all posts
Showing posts with label පද්‍ය. Show all posts

Sunday, May 18, 2025

ආදරය

 


ඉවකරලා

ඉවකරලා

දැම්මා නේද 

ඇඟට හුජ්ජ........... 

බලපංකෝ යන්නේ කෝමද 

වැඩට...... 

ටොමී පල යන්න.. 

------------------------------------------------------------

ඉවකරලා 

ඉවකරලා 

දාන්න ඔ්නේ ඇඟට හුජ්ජ... 

බලපංකෝ 

මගේ තමයි 

උඹ හැමදාම 

ආදරෙයි මං උඹට......

 

https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Fnuciferatours.com%2Fblog%2Fcultural-diversity-of-sri-lanka&psig=AOvVaw2YxIhtfLebiFxFPzkh7GTq&ust=1747624567217000&source=images&cd=vfe&opi=89978449&ved=0CBEQjRxqFwoTCMiHrv6GrI0DFQAAAAAdAAAAABAE

ඒතෙර වන්නට 

ඇත දුෂ්කර මාවතක් 

තනි තනිව 

සොයා චිත්ත විමුක්තිය

ආදර අවනඩුව

 



පැණි ඇති කියලා 

වැහුවට 

කටු ඇති කියලා 

පෙනුනේ නෑ 

ළං වෙනකම්ම

Saturday, May 17, 2025

නීති රීති

 


බලා වටපිට 

දුටුවොත් කවුරු හෝ

ඉතුරු කරලා මැනස් පෙන්වන........ 

බලා වටපිට

නොදුටුවොත්  කවුරුන් හෝ

මුනින් නමලා අඩියටම බොන ..........

 කෝපි කෝප්පය

ඒකයි අටයි +


බොන තරමට තේ 

හදන්න පුළුවන්  යෑ 

පොඩ්ඩක් ඉඳපන්

කේතලය රත් වෙනකං




Wednesday, July 23, 2014

ඇක්සිඩන්ට් එකක්..... ඇක්සිඩන්ට් එකක්...



අනේ අනේ
මෙහෙම දෙයක්
බීලා අපු බස්කාරයා
තඩි ලොරියක
පතබෑවිලා

හැටක්ම බස්එකේ අයලු
තුන්දෙනාම ලොරියේ අයලු
පස් දෙනෙක්ට මරු පෙනිලාලු
විසි දෙනෙක්ම ගැහැණු අයලු
පොඩි එවුන්ම දහ අටකුලු

හතර වටේ හිටිය උන්ගේ
දහ දෙනෙක්ම.. එකතුවෙලා
හරි හරියට වැඩ කරලා
ආපු ගියපු වාහන වල
මගී ටිකම අරන් ගිහින්...


***** මෙන්න දැන් ලැබුණු ප්‍රවෘතියක්.. අද පස්වරු 3 00 ට පමණ සිදුවූ දරුණු අණතුරකින්******

මැගී අක්කේ සුමණා අක්කේ
උඹලා දෙන්නා දන්නවාද
ඇක්සිඩොන් එකක්ලු
මහරගම ටිකක් එහා

අනේ ලතා කී දෙනෙක්ද
මැරිලා ඇත්තේ
ගොඩක් එහෙම මැරිලා නැද්ද
කීයක් දැන් හොස්පිටල්ද

සෑහෙන අය අමාරුවෙන්
කාගේ උණත් වැරදි එකා
අල්ලා දෙක තුන ඇනලා
මැරූවා නම් ඔය දේ නෑ,.................

අනේ අනිච්චං.....!

** නිමිත්ත... සියවස් දෙකක පවතින් මිනිසුනගේ චිත්ත චෛතසික විපර්යාසය 

Saturday, July 19, 2014

පිය සෙනෙහසට කව් ගී ලිය වූණා මදිද....?

මට මේ ලගදි දවසක ෆේස් බුකියේ දකින්න ලැබුණා ලස්සන කියමනක්... මෙක හරිම නිර්මාණාත්මකයි... ඒක කලේ කවුද කියලානම් දන්නේ නෑ... ඒක දන්න කෙනෙක් ඉන්නවානම් කොමෙන්ට් එකක් දාන්න.. මොකද අනුන්ගේ අදහස් මගේ වගේ දාන එක හරි නෑනේ.. (ඕන් මම කිව්වා මේක මගේ අදහසක් නෙවේ කියලා )  හැබැයි පට්ට....







ඉතින් මේ ගැන කියවෙද්දි ඇත්ත වගේ නේ.. අපේ තාත්තලා අපිට ආදරය කරනකොට ඒක පෙන්නන්නේ ඉතාමත් අඩුවෙන්.. ඒක ගීත සාහිත්‍ය යෙත් අඩුවෙන් තියෙන්නේ.. ඒත් මම මේ ගීත ටිකක් දානවා.. මොකද අපිට දෙමාපියන්ගේ වටිනාකම දැනෙන නිසා..


අද මේ පෝසට් එක දිග හැරෙන්නේ ආදරණීය තාත්තාවරුන් වෙනුවෙන්...

මට තියෙන දුක මේ සින්දු ඇහෙනවාත් අඩුයි...දැන් ඇහෙන ටකරන් සින්දු එක්ක මේවා අහලකින් වත් තියන්න බෑ...



කරදිය ගැඹරේ......



කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...//

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ


අම්මා සදකි




අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ
මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

පද රචනය -  මාලනී ජයරත්න
සංගීතය     - රෝහණ වීරසිංහ
ගායනය     -    ටී ඇම් ජයරත්න

කැරකෙන රෝදේ







මගේ දුවේ




මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

සේපාලිකා මල් බිමට බැහලා
ඇවිදින්න යන වෙලාවයි....

නිල් තාරකා බිම බලාගෙන 
වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොළව කෙතරම් සුන්දරද
මගේ දූත්  තනියම හිනාවෙයි...

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

ඝණ කළුවරට අප පෙම් කලොත්
ඉර – හද තරුවලට ණයගැතියි

ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි.

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

කරුණාරත්න දිවුල්ගනේ.

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ.





රත්තරං දුවේ අපේ රත්තරං දුවේ...
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉගිල කුරැළු කූඩුවෙන්
සංතෝසයක් නෑ සිතේ... //

සංතෝසයක් නෑ සිතේ.... //
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්..
සංතෝසයක් නෑ සිතේ.....

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්නනේ
ඉගිලිලා ගොසින් තනපු කූඩුවක් අරන්
නැවත එන්න පියඹලා දුවේ..... //

නැවත එන්න පියඹලා දුවේ....//
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරං
නැවත එන්න පියඹලා දුවේ...
අදට එන්න පියඹලා දුවේ..
ඇවිත් යන්න එන්න සුදු දුවේ......

ගායනය - රෝහණ වීරසිංහ සමග නන්දා මාලිනී
පද රචනය - ඩොක්ටර් කාලෝ ෆොන්සේකා..

දුවේ නුඹ මගේ ප්‍රාණයයි....



දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //


‍දූ මා වගේ නේද නෑ අම්මා වාගේ





ගායනය - ක්ලැරන්ස්...

හින්දි සින්දුවක්.. ලස්සනම සින්දුවක් පිය සෙනෙහස ගැන..




Movie/album: Ek Phool Do Mali (1969)
Singers: Prabodh Chandra Dey (Manna Dey)
Song Lyricists: Prem Dhawan
Director: Devendra Goel
Music Label: Saregama
Starring: Sanjay Khan, Balraj Sahni, Sadhana Shivdasani
Release on: 7th May, 1969

මේ සින්දුවේ විස්තර ගත්තේ   මෙතනින්...

ජය වේවා.....

Monday, July 14, 2014

නොහැරමි ඔබව මගේ සිතින්.....

මට නොහැක හැර යන්න
ඔබේ  දෙනෙත් යුග
සිහිවේ යළිදු
පෙර කලෙක
සිටි විලස..
මොහොතින් මොහොත
මොහොතින් මොහොත
අළුත් වෙවී...
නැවුම් වෙවී....

සසර එක ලෙස පැමිණ
යළිදු අප හමු වුණද
අපිට ඇත බාධකයන්
යළිත් වෙන්වෙන ලෙසට


 යළිදු අප එක්වුණද..

යා යුතුය හැර දමා..
ලොවෙහි පවතිනා.. දුක
නිවන මගක් සොයා

මා ඔබව හැර යන්නේ
ඔබටත් ලොවටත්
ඇති ආදරය නිසා බැව්
වැටහේවි මතු දිනක....

එවිට සියල්ලෝම සනසත හැකී
මා සිතු ලෙස............


Saturday, March 29, 2014

අවසන් බුද්ධ වචනය

මට කවියක් හම්බ වුනා.... මට හිතුනා මේ කවියටම මාත් කවි ටිකක් එකතු කරොත් හොදයි කියලා....


ඇයි ආනන්ද ඔබ ඔය හැටි         අඩන්නේ

හැඩුවට කවුද ලොව නොමැරී      සිටින්නේ

මරණය සමගමය මිනිසා             උපන්නේ

බුදු වුන දා ඉදන් මම මෙය           කියන්නේ

 ---------------------------------------------------------------------------------------------------------------------------

අප්පමාදෝ අමත පදන්
පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තානමීයන්ති
යේ පමත්තා යතා මතා

සසරේ නිසරු බව ඔබ හොද හැටි        උගත්ත
තේරම ලොවේ පවතින සැම දේ       ඇත්ත
පැවසුවේ මම තුන් ලොව පවතින      සත්ත
ආනන්දයනි සිතන්න මේ දේ            මත්ත


ඇතිවන සැමදේම නැතිවී             යන්නේය
උපදින විටම මරනය පසු             එන්නේය
ඉක්මන් වෙන තරමට සුව            එන්නේය
සසරෙන් එතරට යා හැකි             වන්නේය.

දුක් කරදර පොදි බැදගෙන අපි       සැවොම
සසරේ සැරි සරන හේතුව              දන්නේද
එක හේතුවයි මා කිවුවේ               සැමදාම
තණ්හාවය එය මතකෙට           එන්නේද

මගේ පිරිනිවන දුක ගෙන        එන්නේනම්
ඔබ එය අවබෝධ කර ගත       හැක්කේනම්
ඔබ හට දුක දැන ගන්නට             පුළුවන්නම්
අවබෝධය කර ගන්න ආනන්ද       දැන්නම්

ආනන්දයනි ඔබ මතකේ           පවතින්නේ
ධර්මය හොදින් අවබෝධය       කරගන්නේ
කිව්වට වැඩක් නෑ එය සැම        විට දන්නේ
අවබෝධය තමයි මම  වැඩදායී        වන්නේ

                                                                                                                ගිමන් නිවන නම්තෙර

Wednesday, March 26, 2014

සවුසිරියෙන් ඉතිරේවා..


මහනෙල් මල් පෙති විලසට
ඇගේ මුහුණේ දිදුලයි නෙත
සද මඩලක් පරදන ලෙස
ඈ පෙනේවි හද විල මැද

ලොව සරනා මද පවනේ
ගැටෙයි නිබද ඇගේ වරලේ
විහිදෙන මෘදු කෙහෙරැල්ලේ
සුවය ලදිමි මා සිතුසේ

චන්ඩ කිරණ හිරැ අඹරේ
කඩා හැලෙන රෑස් දහරේ
හෙළනු එපා හිරු රැස් කැන්
සියුමැලි ඇගේ වත කමලට

කිසිදින ඇය යනෙනා මග
හෙළනු එපා බාදක රැස
ඇය පතනා විසලට සැම
ඉටු වේවා නිබද සැවොම

සතුට සපිරි අනාගතේ
ඉසුරු නිබද පැතිරේවා
ඒ ඉසුරින් ඇගේ ලොවම
සවුසිරියෙන් ඉතිරේවා...


                              ගිමන් නිවන නිම්තෙර....

Monday, March 24, 2014

කිරිල්ලිය


කිරිල්ලියක් පියාවිදා
සැරි සැරීය ගුවන පුරා
කිරිල්ලිගේ ගමන බිමන
තාලය හද බැදුනි පුරා

ලස්සන අත්තටු සලමින්
ලස්සන ගී මිමිණවීය
මටත් හොරෙන් හදේ කොනක
සිතුවිල්ලක් පැන නැගීය

කදු මුදුනක කුඩු තනා
කෑම සොයා මෙහි එන්නා
කෑම රැගෙන ආපසු එන
අටියෙන් පියඹා යන්නා

කිරිල්ලි මගේම කරගන්න
සැරසුනි දිනකදි සතුටින
කිරිල්ලි මහ හඩක් නගා
කෑ ගසලා මෙලෙස කීය

මා අතහැර දමන් සගය
මට ඇත හිමි කරුවෙකු සොද
සැකයක් නෑ ඒ ගැන මට
යන්නට දෙනු මැනවි මෙමට..
                                                                                             
                                                                                              ගිමන් නිවන නිම්තෙර

මනෝ පුබ්බංගමා ධම්මා




මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්තේන
භාසතිවා කරෝතිවා
තතෝ නං සුඛමන්චේති
චයාව අනපායිනී
                                යමක වග්ගය 2 ගාථාව

කෙනෙකුගේ සෙවනැල්ල මෙන් පසු පස එන්නේ
කුලසය පමණි මහණෙනි එය දැන ගන්නේ
අප කල පිනත් එලෙසයි අප හමු වන්නේ
කුසලය අපේ ජීවිතයම බබලන්නේ

මනසෙන් සිතා අප කරනා හොද සැමදේම
අයත් වෙනවා මේ කුසලෙට සැමදාම
සසරෙහි ගමන කෙටි කරනා අප සැවොම
කරනට ඕනේ පින් පමණක් සැමදාම

මට්ටකුන්ඩලිය දෙව්ලොව ඉපදෙන්ට
චුතිසිත තමයි මුල් වුනේ එහි ඉපදෙන්ට
මිනිසුන් කරන කියනා දෙය අන්තිමට
සිහියට නැගෙනවා මහණෙනි දැනගන්ට
                           
                                       ගිමන් නිවන නිම්තෙර

Sunday, March 23, 2014

අක්කොච්ඡි මං අවධි මං


අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති
වේරං තේසං න සම්මති
                           ෴යමක වග්ගය 3 ගාථාව෴

වෛරය සංසිදුවනා බෙහෙතයි කියන්නේ
මහණෙනි සියළු දෙය අතහැර අප යන්නේ
අල්ලාගෙන සිටිනා විට දුක් බෝ වන්නේ
කවදාවත් සසරේ ගැලවීමක් නොම දන්නේ

මට බැන්නේය ගැසුවේයැයි කියමිනනේ
වෛරය පසුපසින් ඇයි ඔබ එළවන්නේ
අනෙකා එක්ක වෛරය බැදුනොත් වන්නේ
ආපසු සසරේ සැරිසරන්නමයි වන්නේ

මෙත් සිත පතුරුවා ලෝතලයටම සිතින්
කලයුතු දේ ඒකයි අප සැවොම අතින්
වෛරය අතහැරලා සහයෝගයෙන් නිතින්
සසරෙහි සැපත අත්කරගනු මහණ සොදින්

                         ගිමන් නිවන නිම්තෙර



Thursday, March 20, 2014

ආදර වන්නම්

නුවන් දෙනුවන්
ලවන් හසකැන්
තනයි ලෝකය මනරම්

හසන් දෙලවන්
රුවන් කැල්මෙන්
නගයි සවනත සැනසුම්

අගුන් පුල්වන්
සදුන් ගල්වන්
කරයි හදවත සොරකම්

මලයි කැකුළයි
නටුයි බඹරුයි
නටයි ආදර වන්නම්....

ගිමන් නිවන නිම්තෙර 


Saturday, November 30, 2013

සෙනෙහස

සෙනෙහස
මාතුපෝතක කතාවෙහි මෙන්
ජීවිතය පරුදුවට තබා පීනා ගිය ලෙසට
මට නොහැක පීනන්නට ආර්ථික රෑල්ලට 
අසුවී මමත් ගිලෙන සද

ඇය නිතර නිරත වන 
කාර්යය හැර දමා
මා ගැන සොයන්නට
මා ගැන බලන්නට 
වෙලා ඇතත් ඇයට
මට නොහැක
වෙලාවක්
ඇය බලා සනහන්න
මේ 
වෙලාවෙහිද ඇත යටවෙමින්
කදු ගණන්
වැඩ ගොඩක්

ආර්ථික වින්නැහිය
ගසාලයි පණ නලට
කියන්නට සොයන්නට
කාලයක් නොපෙන්වා
දිනෙන් දින
පැයෙන් පැය
මරා ලයි මගේ පණ
ටක් ටික් ටක් ටික්
කියා බෙරි හන්දෙමින්

මෙයට වැරදි කාරයා
කවුරුන්ද යන වගට
තවම මම 
සොයන්නෙමි
පිළිතුරක්

තිබේනම් පිළිතුරක්
දමායනු මැනමි සද
ඔබට අත් වේය 
පින් ගොඩක්.........
රංග මධුශංඛ                                         

පිපෙණ මල

පිපෙණ මල

සතුටු විය
එකසිතින්
දැක ඔබේ පෙර ලකුණු

මතු දොහොක
ලොවම සුවද කරන
මලක් බව.........


ඔබට
සල්ලාලකම් කරන බඹරු
පියා සලන විට
හිරු දුටුව
සුරිය මල මෙන්
හැරෙන්නට හිත් දෙයි ද ඒ දෙසට

නමුත් සිතනු මැන තවම ඔබ
කැකුළක් බව
පරිසර අනුවර්තනය නොදත්......

රංග මධුශංඛ ..                                   

Thursday, January 17, 2013

සැමවිට දැනුනේ............

දහසක් නෙතු දුටු වෙමි මම
ලොව සැරිසරනා සැම විටදිම
එක නෙතු යුගලක් නොම වේ
මතකේ රැදුනේ

ඔබ හමුවු මල් දිනයේ 
නොසිතුනි මම සිටිනා බව
මගේ හදවත සිහිල් දියෙන් 
නැහැවෙනු දැනුනි.

කොයි කාටත් නොලද සතුට
අද මම අත්විදිනා බව
මට නොදැනිම සිනා 
පොදක් මුවගට රැදුනේ

පාළු අදුර රජකරනා 
අසල නොමැත කිසි බියකුදු
ඔබගේ රුව මගේ හදවත
පාළුව මැකුවේ

කාටත් නොව මගේ හදවත
දැන් දැන් අනුකම්පා සහගත
බැල්මෙන් බලනා බැව් 
සැමවිට දැනුනේ........................


රංගමධූ


Saturday, September 8, 2012

ගලන ගගකි ජීවිතේ.............




හෝලට් එකෙන් හෝල්ට්
එකට
මරු වෙවි
හති ඇර ඇර
දන ගාගෙන
බඩ ගාගෙන
දෙපය යොදා මහ කදු නැග
යන්නේ කොයි දෙසටද
කියා නොදන්නා
මම.......
කදු මුදුනක් වැනි යමකට
නැග බැලුවෙමි
ලෝකය දෙස......
සුන්දර මුත් පිට පෙනුමට
යටින් පෙනේ පොඩි පොඩියට
කෑ ගසනා මිනිසුන් රැළ
උන් කියනා දේ කුමක්ද
හඩ ඇසුනා යාන්තමට
දියව් දියව් අපිට දියව්
අපේ වැටුප අපිට දියව්
ඇසේ මට මර හඩ දී කෑ ගසනා
ඒ ගොර හඩ
තව තැනක පිහි ඇනුමකි
දෙදෙනෙකු හට මරණය දී

තවත් තැනක‍
පොඩි කෙල්ලක
අනාගතය ඉල්ලමින්
සිගමන් යදී
ලෝකයෙන්....

සමාජයේ  අතු ගංගා
වැටෙන තැනත්
මටද පෙනිනි
එතැන සිටපු
උතුමන් ටික
තම දිවි දී බේරාගයි
මිනිසුන් ටික
වැටෙන්නට නොදී මූදට
බේරුණු අය පිළිම තනයි
අර මිනිසුන් වදී පුදයි

ඒ අය කළ සේවාවත්
අගය කරයි. හොදම කියයි
මිය ගිය පසු උතුමන් ටික
අමතක වෙයි කළ කී දෑ

ටික කළකින් නැවත ඔවුන් සමාජයේ ගංගාවේ
පීණා යයි පෙර පරිදිම
ගලන ගගක ජීවිතේ
කිය කිය මහ උජාරුවට..........
                                          
රංග මධු