add

Showing posts with label පරිගණක ඉතිහාසය. Show all posts
Showing posts with label පරිගණක ඉතිහාසය. Show all posts

Thursday, September 6, 2012

පරිගණක ඉතිහාසයෙන් බිදක්... (3)

ටැබියුලේටින් යන්ත්‍රය


1980 දී ඇමරිකානු ජන සංගණන නිළධාරියකු වූ හර්මන් හොලේරිත් නැමති ජන සංගණන නිළධාරියා විසින් නිපදවන්නට යෙදුන යන්ත්‍රය ටැබියුලේටින් යන්ත්‍රය මගින් විසින් එකළ අවුරුදු අටක කාලයක් වැයවෙන ජන සංගණන කටයුතු ඉතා ඉක්මනින් සිදු කර ගැනීමට හැකිවිය...මෙහි පැවතුනේ ජෝෂප් ජැකුවාඩ්ගේ සිදුරු පත් සංකල්පයයි..

Tuesday, September 4, 2012

පරිගණක ඉතිහාසයෙන් බිදක්.....(2)

Difference Engine & Analytical Engine


1801 දී ප්‍රංශ ජාතික රෙදි වියන්නෙකු වූ ජෝශප් ජැකුවාඩ් (Joseph Jacquard) විසින් යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී.මෙහි විශේෂත්වය වූයේ මෙහි සිදුරු සහිත කාඩ්පත් භාවිතා කරමින් රෙදිවල විවිධාකාරයේ රටා මැවීමට හැකිවීමයි. මෙම නිර්මාණය ගුරුකොට ගත් චාර්ල්ස් බාබේජ් නම් ඉංග්‍රිසි ජාතික ගණිතඥයා විසින් 1833දී ඇනලිටිකල් යන්ත්‍රයක් නිපදවිය.කෙසේ නමුදු මෙය සාර්ථක කරගන්නට නොහැකිවිය. එයට හේතුව වූයේ එකල තිබූ දැනුම ප්‍රමාණවත් ඔහුගේ නිර්මාණය සදහා ප්‍රමාණවත් නොවීමයි.

Saturday, September 1, 2012

පරිගණක ඉතිහාසයෙන් බිදක්... (1)


අප අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණක ඉතිහාසය පිළිබදවයි.. අපටද වසර දහස් ගණනකට එහා විහිදී ගිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇත.අතීතයේ ජීවත් වූ විවිධ වු පුද්ගලයන්ගේ කැපකිරීම් මත වර්තමානය පෝෂණය වී පවතී..ඒ වු විශිෂ්ඨ පුද්ගලයන් අතින් නිමවු පරිගණකය අද වන විට ඉතා දියුණු තත්වයක පවතී.

පරිගණකය වනාහි වර්තමානයේ අත්‍යවශ්‍ය මෙවලමක් වී ඇත. වර්තමානය විශ්ව ගම්මානයක් ලෙස හදුන්වන්නේද මේ පරිගණකයත් සමග බැදුණු තාක්ෂණික දියුණුව නිසාය.ලෝකයේ කොතනක වුවදු සිදුවන සිදුවීමක් තත්පර කිපයකින් ලෝකයේ අනෙක් පස සිටින පුද්ගලයකුට සියසින්ම දැක ගැනීමට හැකියාව ලැබී ඇත්තේද, ඕනෑම දෙයක් ගෙදරටම ගෙන්වා ගැනීමද.,වෙනත් රටක සිටින විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම දක්වා වූ එකී මෙකී නොකී හැම අවශ්‍යතාවයක්ම සපුරා ගැනීමට මෙම තාක්ෂණය මහත් පිටිවහලක් වී තිබේ.වර්තමාණයෙහි පරිගණකය භාවිතා නොවන ක්ෂේත්‍රයක් සොයා ගැනීමට අපහසුය. එය එතරම්ම දියුණුවට හේතු කාරණා රාශියකි.අපි එය ඉදිරි ලිපි ඔස්සේ සොයා බලමු. අද මේ ලිපිය පෙළි ඔස්සේ සාකච්ඡාවට බදුන් කරෙනුයේ පරිගණකයේ ඉතිහාසය පිළිබදවයි..