add

Tuesday, October 30, 2012

මුදල් මාරුකරමුද ?:::::::::::::::::::::


ඔබට කවුරු හරි ඇවිත් කිව්වොත් අනේ මම කවදාවත් ඔයා මේ වගේ වැඩක් කරයි කියලා විස්වාස කරන්නේ නෑ කියලා... ඔයාට මොනවා හිතෙයිද ?
හ්ම්.......................
ඔබ හිතයි අනිවාර්යෙන්ම මම මොකක්ද කරලා තියෙන වරද කියලා.. ඒ එක්කම ඔබට හිතෙයි මේ මිනිහට පිස්සු කියලා.. සමහර වෙලාවට බයවෙයි...මොකක්ද මේ මනුෂ්‍යා කියන්නේ කියලා....ඔන්න මේ වගේ සිද්ධියක් මගේ යාළුවෙක්ට ළගදි සිද්ධ වුණා ... මිනිහා මොකක්දෝ හුටපටයකට පැටලිලා අනුනවයෙන් ජාමේ බේර ගත්තේ... ඔන් ඉතින් එහෙම කියද්දි ඔයාලා හිතෙනවා ඇති මෙක ලියන මමත් ඒ වගේ ඇති කියලා... මේන් වැන්දා මම ඕවට නෑ.
මම මේ කිව්වේ පොඩි සිද්ධීයක්... ඉතින් සමහර වෙලාවට පරිගණකය භාවිතා කරද්දි අපි හිතන විදිහට එහි පහසුකම් සපයා නෑ,. මම අදහස් කළේ මුදල් වර්ගය දිනය පෙන්වන විදිහ වගේ දේවල්..... ඉතින් අපි මේ අය අපට කැමති විදිහට හාදා ගන්න ඕනේ... නැත්නම් ඒ මිනිස්සු නිකන් වැඩකට ගන්න බැරි වෙනවානේ... ඉතින් අද කියලා දෙන්න යන්නේ මේ පරිගණකය භාවිතා කරද්දි කොහොමද මේ අපේ රටට ගැළපෙන විදිහට මුදල් වර්ග ඒහෙම වෙනස් කර ගන්නේ.....

අපි දැන් මේ XP මෙහෙයුම් පද්ධතියේ ගොඩාක් දේවල් කතා කරලා තියෙනවානේ. අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ අළුත් දෙයක් කියලා දෙන්න.. ඒ කියන්නේ පරිගණකය භාවිතා කරන  ආධුනිකයන්ට වැදගත් වන දෙයක්. අපි කතා කලානේ ඩෙස්ක්ටෝප් කියන්නේ මොකක්ද කියලා..

ආ ඔවු නේ ......

හරි ඉතින් අද ඒ ගැන කතා කරන්න නෙවෙයි අද හදන්නේ .. මේ මෙහෙයුම් පද්ධතියේ පාලක මැදිරිය සතු තවත්  එක් සුවිචයක් ගැන තමයි කියන්න යන්නෙ. පාලක මැදිරිය කියලා මම අදහස් කළේ Control Panel එක ගැන... හොදයි මේකේ යම් යම් දෙවල් අපි කතා කරලා තියෙනවා... අද අපි කතා කරන්න යන්නේ පරිගණකයේ භාෂාව හෝ මුදල් වර්ගය හෝ.. දිනය පෙන්වන ආකාරය ගැන හෝ.... අංක පෙන්වන එක වෙනස් කරන අයුරු ගැන කියලා දෙන්න...මේකට අපි භාවිතා කරන්නේ Regional and Languages කියන විධානය . 

Tuesday, October 9, 2012

ගුරුවරයා........................

ලොව රදා පවතින සාධක අතර අධ්‍යාපනය නැමති සාධකයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලොව ඉදිරියට ගමන් කරන්නේ කිසියම් පැරණි දැනුමක් උකහා ගෙන එයින්  නවමුකරණයක් බිහිවීම තුලිනි.. ලෝක ගුරු දිනය නිමා වී දැනට දවස් 2ක් ගෙවී ගියත් මේ ලිපිය ලියන්නට සිතුනේ.. රැල්ලක් ලෙස ඔක්තොබර් 06 දිනට ලිපි රැසක් දැමා සෙසු දිනයන් හීදි ගුරුවරයා පිළිබදව කිසිදු කතාවක් නොකරන බැවිනි...... 

Wednesday, September 26, 2012

හුරු සිනහා සිතින් ඔබ ඉන්නවානම්



දන්නෙම නැතිව කරුවලත් වැටුනා.. මට නොදෑනීම කාලය ගෙවුන ඉක්මන.. මම පැය 3කට වැඩිය කල්පනාවේ ඉදලනේ.ලෝචනා සමග මා සිටියේ සුන්දර කතා බහකය.. හදීසියේ නොනවත්වා ඇසුනු සීනු නාදයෙන් තිගැස්සුනු මම කළුවරේම අත පත ගා කාමරයේ බල්බය දැල්වා දොර ළගට ගියේ  හිතේ වෛරයද කැටි කරගෙනය.ඒ මාගේ හා ලොචනාගේ ලෝකය සුනු විසුනු කල බැවිනි....

ගෙදර කවුද............. සුපුරුදු හඩකින් පවසා.. නැවත දොරට ගැසීය..

Tuesday, September 25, 2012

ඔයාගේ RAM එක ගැන දන්නවාද ?

ඔයාගේ RAM කීයද?.............මගේ එක 512............. මගේ නම් 1Gb/2Gb

නිතර දෙවේලේ පරිගණකය භාවිතා කරද්දි ඇහෙන වාක්‍ය අතර ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක් තමයි මේ..... එහෙම කීවට මේකේන් වෙන කාර්යය දන්නේ බොහෝම ටිකදෙනයි. අද ලිපිය වෙන් වන්නේ මෙන්න මේ RAM එක පිළිබදවයි...

Tuesday, September 18, 2012

අපි නොදන්න Processor (02)

කලින් ලිපයේදී අපි කතා කළා මේ Processor පිළිබදව.. අද අපි කතා කරන්න යන්නේ මේ Processor පරිගණකයට සවි කිරීම කෙසේ සිදු කළ යුතුද.. මෙයට අවශ්‍ය උපාංග මොනවාද කියලා.. බලමු අද ලිපියෙන් ඒ ගැන...

දැන් අපි දන්නවා Processor වර්ග මොනවාද කියලා.. ඒකේ විස්තරත් අපි යම්තාක් දුරට දන්නවා.දැන් යම් තරමක දැනුමක් Processor පිළිබදව තිබෙනවා. හරි අපි දැන් බලන්නේ මේ Processor පරිගණකයට සවි කරන්නේ කෙසේද කියලා...

Sunday, September 16, 2012

'''''''''''''''''අපි නොදන්න Processor''''''''''''


පොරොන්දුවක් උණාම ඒක ඉටු කරන්න ඔනේ කියලා පොඩි කාලේ ඉදලාම ගුරුවරු, දෙමාපියන් කියලා දුන්නා. ඉතින් අද ලිපියෙන් යන්නේ මේ පොරොන්දුවක් ඉටු කරන්න.මම කලින් දවසක ලිපියකින් කිව්වා පරිගණකයේ කොටස් පිළිබදව.. කතා කරනවා කියලා.. පරිගණකයක් යනු කුමක්ද? කියන ලිපියෙදි තමයි මම පොරොන්දු උනේ.සමාවෙන්න ටිකක් කල් ගියාට....

ඉතින් අපි දැනට  කතා කරලා තියෙනවා.මොනවාද ආදාන, සැකසුම්, ප්‍රතිදාන උපාංගයන් කියාලා. (මොකා මොකා...... එහෙම එකක් කතා කළේ නෑනේ ඒ ලිපියේ..) ඇයි අපි කතා කලා අනේ....... ආදාන උපාංග - Input Device , සැකසුම් - processing Device , ප්‍රතිදාන - output Device,….කියලා....( හරි හරි කතා කරානේ.)