add

add

Saturday, November 30, 2013

සෙනෙහස

සෙනෙහස
මාතුපෝතක කතාවෙහි මෙන්
ජීවිතය පරුදුවට තබා පීනා ගිය ලෙසට
මට නොහැක පීනන්නට ආර්ථික රෑල්ලට 
අසුවී මමත් ගිලෙන සද

ඇය නිතර නිරත වන 
කාර්යය හැර දමා
මා ගැන සොයන්නට
මා ගැන බලන්නට 
වෙලා ඇතත් ඇයට
මට නොහැක
වෙලාවක්
ඇය බලා සනහන්න
මේ 
වෙලාවෙහිද ඇත යටවෙමින්
කදු ගණන්
වැඩ ගොඩක්

ආර්ථික වින්නැහිය
ගසාලයි පණ නලට
කියන්නට සොයන්නට
කාලයක් නොපෙන්වා
දිනෙන් දින
පැයෙන් පැය
මරා ලයි මගේ පණ
ටක් ටික් ටක් ටික්
කියා බෙරි හන්දෙමින්

මෙයට වැරදි කාරයා
කවුරුන්ද යන වගට
තවම මම 
සොයන්නෙමි
පිළිතුරක්

තිබේනම් පිළිතුරක්
දමායනු මැනමි සද
ඔබට අත් වේය 
පින් ගොඩක්.........
රංග මධුශංඛ                                         

No comments:

Post a Comment