add

Saturday, July 19, 2014

පිය සෙනෙහසට කව් ගී ලිය වූණා මදිද....?

මට මේ ලගදි දවසක ෆේස් බුකියේ දකින්න ලැබුණා ලස්සන කියමනක්... මෙක හරිම නිර්මාණාත්මකයි... ඒක කලේ කවුද කියලානම් දන්නේ නෑ... ඒක දන්න කෙනෙක් ඉන්නවානම් කොමෙන්ට් එකක් දාන්න.. මොකද අනුන්ගේ අදහස් මගේ වගේ දාන එක හරි නෑනේ.. (ඕන් මම කිව්වා මේක මගේ අදහසක් නෙවේ කියලා )  හැබැයි පට්ට....







ඉතින් මේ ගැන කියවෙද්දි ඇත්ත වගේ නේ.. අපේ තාත්තලා අපිට ආදරය කරනකොට ඒක පෙන්නන්නේ ඉතාමත් අඩුවෙන්.. ඒක ගීත සාහිත්‍ය යෙත් අඩුවෙන් තියෙන්නේ.. ඒත් මම මේ ගීත ටිකක් දානවා.. මොකද අපිට දෙමාපියන්ගේ වටිනාකම දැනෙන නිසා..


අද මේ පෝසට් එක දිග හැරෙන්නේ ආදරණීය තාත්තාවරුන් වෙනුවෙන්...

මට තියෙන දුක මේ සින්දු ඇහෙනවාත් අඩුයි...දැන් ඇහෙන ටකරන් සින්දු එක්ක මේවා අහලකින් වත් තියන්න බෑ...



කරදිය ගැඹරේ......



කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...//

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ


අම්මා සදකි




අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ
මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

පද රචනය -  මාලනී ජයරත්න
සංගීතය     - රෝහණ වීරසිංහ
ගායනය     -    ටී ඇම් ජයරත්න

කැරකෙන රෝදේ







මගේ දුවේ




මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

සේපාලිකා මල් බිමට බැහලා
ඇවිදින්න යන වෙලාවයි....

නිල් තාරකා බිම බලාගෙන 
වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොළව කෙතරම් සුන්දරද
මගේ දූත්  තනියම හිනාවෙයි...

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

ඝණ කළුවරට අප පෙම් කලොත්
ඉර – හද තරුවලට ණයගැතියි

ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි.

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

කරුණාරත්න දිවුල්ගනේ.

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ.





රත්තරං දුවේ අපේ රත්තරං දුවේ...
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉගිල කුරැළු කූඩුවෙන්
සංතෝසයක් නෑ සිතේ... //

සංතෝසයක් නෑ සිතේ.... //
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්..
සංතෝසයක් නෑ සිතේ.....

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්නනේ
ඉගිලිලා ගොසින් තනපු කූඩුවක් අරන්
නැවත එන්න පියඹලා දුවේ..... //

නැවත එන්න පියඹලා දුවේ....//
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරං
නැවත එන්න පියඹලා දුවේ...
අදට එන්න පියඹලා දුවේ..
ඇවිත් යන්න එන්න සුදු දුවේ......

ගායනය - රෝහණ වීරසිංහ සමග නන්දා මාලිනී
පද රචනය - ඩොක්ටර් කාලෝ ෆොන්සේකා..

දුවේ නුඹ මගේ ප්‍රාණයයි....



දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //


‍දූ මා වගේ නේද නෑ අම්මා වාගේ





ගායනය - ක්ලැරන්ස්...

හින්දි සින්දුවක්.. ලස්සනම සින්දුවක් පිය සෙනෙහස ගැන..




Movie/album: Ek Phool Do Mali (1969)
Singers: Prabodh Chandra Dey (Manna Dey)
Song Lyricists: Prem Dhawan
Director: Devendra Goel
Music Label: Saregama
Starring: Sanjay Khan, Balraj Sahni, Sadhana Shivdasani
Release on: 7th May, 1969

මේ සින්දුවේ විස්තර ගත්තේ   මෙතනින්...

ජය වේවා.....

Ishq (2012) | ආදරය….

සුභ දවසක් වේවා හැමෝටම...

තවත් චිත්‍රපටයක් අරන් ආවා ඕන්.. බලන්ඩ.. මම කලින් දැම්ම Life Is Beautiful (2012)  කියන ෆිල්ම් එකට පස්සේ මේ Ishq (2012) | ආදරය…. කියන ෆිල්ම් එකට සබ් එක දැම්මේ.. මම කලින් ලිපියෙම වගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට කරපු සබ් එකයි ලිපියයි මෙන්න මේ විදිහට දානවා ඕන්...


සුභ පතනවා.. හැමෝටම ..බයිස්කෝප් ඩොට් එල්කේ.. වෙබ් අඩවියටත් සුබ පතන ගමන්.. මගේ 4වන උපසිරැසි ගැන්වීම මෙලෙසින් එක්කරනවා…
ටික දවසක් ගියා අලුත් ෆිල්ම් එකක් දෙන්න. ඒකට කමක් නෑ, මොකද අදත් මම Romance කැටගරි එක යටතේ තිබෙන. IMDB Ratings වල 7.5 / 10 අරන් තියෙන පස්ට තෙලුගු ෆිල්ම් එකක්. ඉතින් මේක ඉන්නේ ටිකක් තාරුණ්‍ය විසේ තියෙන කොල්ලෙක්. රාහුල් කියලා. ඒ කියන්නේ මේක හින්දි ෆිල්ම් නමක් වගේනේ. මේක තෙලුගු. මේකේ ඩිරෙක්ටර් තමයි වික්‍රම් කේ කුමාර්. මේකේ ප්‍රධාන නළුවා නිතින් ජනප්‍රිය නළුවා. ප්‍රධාන නිලිය නිත්‍යා මිනියොන් ටිකක් විසේකාර කෙල්ලෙක් ගේ චරිතයක් තමයි රගපාන්නේ.
මේ දෙන්නාගේ ආදර කතාව තමයි ගලන් යන්නේ.. ඉතින් මම කතාව කියන්න දෙයක් නෑ,. ඔයාලා බලලාම රස විදින්නකෝ. ආදරේ විතරක් නෙවෙයි.. හැමදේම මේ ෆිල්ම් එකේ තියෙනවා…සුන්දරයි.
එහෙනම් හැමෝටම ජය පතනවා.. තවත් ෆිල්ම් එකකින් ඔයාලා හමුවෙන්නම්.
ටේයිලර් එකත් මෙන්න මේ විදිහට දානවා...


 මෙතනින් ගිහින් බා ගන්න....

Friday, July 18, 2014

ඔහොම හිනා‍වෙනකොට උඹ - ‍ලස්සනයි උමා...


“ඔයා හිනාවෙනකොට හරි ලස්සනයි...“  මා ඒ ලෙස ඇයට කීවේ ඇය නොනවත්වා සිනාසෙන බැවිනුත්.. එයින් මා ලැජ්ජාවට පත් වු බැවින් විය යුතුය....

ඉතින් ඕකට ඔය හැටි හිනාවෙන්න ඕනේද... ඇයි ... ඔයා හදත් එක්ක හිනාවෙන අය දැකලම නැද්ද...? 

නී ඔයියාට හීනා... වුණා නේවෙයිනේ.....

ඇයි මම පැයගානක් උමා මෙතනට වෙලා.. මම හිතුවේ වෙනදා එන පැත්තෙන්ම එයි කියලා...ඔයා හැමදාම නමුණු කුල බැහැලනේ එන්නේ....

දන්නෙම නැතිව රෑ වුණා.... හද පායලා.. තිබුණ නිසා මම හද දිහා බලාගෙන හිටියේ. ඒත් එක්කම මට කලින් කරපු කියපු දේවල් මතක් වුණා..... ඒකයි හිනාගියේ..

මම දැක්කා කට ඇරගෙන තමා හද දිහා බලාන හිටියා... හි:.. හි....

මම අද පොඩ්ඩක් පරක්කු වුණා තමා... අද වැඩ කරන තැනට අපේ ලොකු මාත්‍යා ආවා.. අර තේ දළු කිරණ තැන.. ඉතින් මම ඉන්නවා.. ඉන්නවා.. යන්ඩ වෙන පාටක් නේ.. ඒම ඉන්නකොට සෙල්ලම්මා නැන්දා ආවා.. මම ටක් කීලා කූඩේ එයියාට දීලා .. දුගෙන ආවා.. එතකොට... 

හි.. හි.. දැන් ඔයියා හදට  හිනා වුණා.... හි හි....

“ඔහොම හිනා වෙනකොට හරි ලස්සනයි... “  මම ඇයට කීවේ.. මගේ හීතේ ඇතිවුණ හැගීම..

අනී යන්න සමන් යන්..න ඔයා මට වීලු කරනවා...මට හිනාව නතර කරගන්න තමා අමාරු...

මට ලැජ්ජයි ඔයා ඔම කීයන කොට....

ලස්සන තිලකය .. දෑත පුරා වළලු... ලස්සන සාරියට ඔයා ගොඩාක් ලස්සනයි උමා.. මම හැමදාම කියන්නේ ඒකනේ.. සරස්වතී වගේ කියලා....

ෂ්.. මොනවා කීනවාද දන්නෑ.ඒක නෙවෙයි...... මට ඔයියාගේ අම්මා හේම කැමති වෙයිද?


මම තවම ඒ ගැන කිව්වේ නෑ උමා ... මට කොහොමත් ඔයාව අත්හරින් බෑ... මොන ප්‍රශ්නේ ආවත් අපිට ඒකට කොහොම හරි  මුණදෙන්න ඕනේ.. අනික අපි විතරක් නෙවෙයිනේ සිංහල දෙමළ ආදරය කරන අය....

හ්ම්... මම බාරයක් තමා වුණා... කදිර දේවාලෙට.. ස්වාමි අපි ගැන බලයි.. ස්වාමී.. ළග දුක කීවාම ඕව කෙනෙක්ට උදව් කරනවා...

ඒක හොදයි උමා.... අන්තිමේදී... අපිට මේ හිම ප්‍රශ්නයකටම උත්තර හොයා ගන්න පුලුවන්වෙයි.... මම ඇයට ළං වූයේ... මේ තියෙන ගැටළුවලට සහනයක් කොයි වෙලාවක ලැබෙයිද යන සැකයෙන්...



ගීතයකට ලියවුණු කතාවක්.. මේ ගීතය අහලා බලන්න... දැනෙයි ඔබට ... මේ වගේ හැගීමක්.. ...



තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි..
කිම‍ ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට
ඔහොම හිනා‍වෙනකොට උඹ - ‍ලස්සනයි උමා...

නුඹේ වත මඬල සඟවා - මුවා වෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය - පාළුවෙයි උමා..
සීත මීදුමේ තිරපට - වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට - බලාපන් උමා...

කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් - ඉති‍රි වෙද උමා...

ජය වේවා.... 

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (6 වන කොටස)

මගේ දැක්ම තුල පුද්ගල ස්වීයත්වය

පුද්ගලයන් ගත් කල විවිධ වු ස්වීයත්වදාරීන් සිටිති. පුද්ගලයෙකුට පුද්ගලයෙකු 100% සමාන කිරීමට බොහෝ සේ අසීරු වුවත් යම්තාක් දුරට පුද්ගලයන් වෙන් කර හ`දුනා ගැනීමට හැකිය.

වර්තමානය තුළ පුද්ගල ස්වීයත්වය විවිධ මානයන් ඔස්සේ සංකීර්ණ වු ගති ලක්ෂණ සමූහයකින් සමන්වීත වු සංකල්පයකි. මෙහිදී කුඩා දරුවන් , යෞවනයන්, මැදි වියේ පසු වන්නන් හා මහල්ලන් අතර වු මේ කියන්නාවු ස්වීයත්වය මම දන්නා පරිදි විග‍්‍රහ කිරීමට උත්සහ දරමි.
 
දරුවන්

 
වෛද්‍ය විද්‍යාව මත දරුවකු මවගේ කුස තුල සිටියදී මවගේ චර්යාව හා මානසික ශක්තීන් පිළිබ`ද අවබෝධයක් ලබා ගනී. යන මතය පිළිගනී. මෙයින් අප ඒකල හා වර්තමානය පිළිබ`ද සංසන්දනය තුලින් අවබෝධයක් ලබා ගනීමු.

20 වන සියවසෙහි ජීවත් වු දරුවන් හා 21 වන සියවසෙහි ජීවත් වන දරුවන් අතර සැබෑ වෙනසක් පවති. එය කුමක්ද ? මෙයට සමාජ පරිවර්තන බොහෝසේ බලපා ඇත.

කුමක්ද මේ සමාජ පරිවර්තනය යනු. අතීතයේ ලංකාවෙහි පැවතී දරුවකු ලැබීමට සිටියදී ගන්නා ලද ආහාර රටාව, ගති පැවතුම්. ඇ`දුම් පැළදීම්, කතා බහ, දරුවන් ලැබීමට සිටිනා වු මවට දක්වන ගෞරවය  සැබෑ වෙනසකි.

එනම් දරුවකු ලැබීමට සිටින බව දැනගත් පසු ඇයගේ සැමියා, දෙමාපියන්, නෑදැයන් ඇයව මහත් වු කරුණාවෙන් යුක්තව රැුක බලා ගනී. මේ රැකවරණය තුළ ඇයගේ ජීවන රටාවද, ඇ`දුම් පැළදුම් රටාවද, ආහාර රටාවද, කතා බහද බොහෝ සේ සුමට සරල හා දරුවාගේ සුව පහසුව මත පදනම් වී තිබිණි. 

තවද ආගමික පරිසරයක් මත මව ජීවත් වේ. පින් දහම් කිරීම ස`දහාත් යහපත් වු සිතිවිලි නිරන්තරයෙන් පසුවෙති.  පසුව දරුවා ලැබීමෙන් පසු ඇය විසින් දරුවා හට මාතෘ ස්නේහය උපරිමයෙන් දක්වන අතර දරුවාට මව් කිරි ලබාදීමද ඒත් සම`ගම ඇයගේ උණුසුමද ලබා දීමද සිදුකරයි. 

සාහිත්‍ය සම`ග දරුවා මෑත් නොකර ඇය විසින් දරු නැළවිලි ගී මගින් දරුවාගේ නිර්මාණාත්මක හැකියාව හා දරුවාගේ සිතිවිලි ,සංවේදී බව, අගය කිරීම වැනි වු ගුණාංගද වර්ධනය කෙරිණි. මෙම නිසා එකල මිනිසුන් සංවේදී නිර්මාණාත්මක හැකියාවන් බහුල පිරිසක් ලෙස හැදින් විය හැකිය. 

වර්තමානයෙහි මේවා සම්පූණයෙන්ම වෙනස් මගක් ගනී. කුඩා දරුවා පිළිසි`ද ගත් මොහෝතේ පටන් මව ඇයගේ ශරීරය පිළිබ`ද උනන්දු වෙයි. ආහාර පාන පාලනයකින් තොරව ලබා ගන්නා අතර රැුකියාවක් කරන්නියක් නම් නිතර දෙවේලේ ප‍්‍රශ්න සමූහයකට මැදී වි ජීවත් වන්නීය. ආගමික පරිසරයෙන් බැහැරව හුදෙක් විනෝදය ස`දහා පමනක් ඇය තුළ කැමැත්ත දක්වයි.

දරුවන් ලැබුණ පසු එම දරුවාට මව් කිරී දීමද අවම කරන ඔවුන් දරුවා සාදා ගැනීමට සේවිකාවකට බාර දෙයි. තවද දරු නැළවිලි ගී වෙනුවට සීඩි තැටි සංගීතය දරුවාට ඇසෙන්නට සලස්වයි. දරුවා සම`ග එක්ව කාලය ගෙවා දැමීමට ඇයට කිසිසේත්ම වේලාවක් නැත. ඇයට අවශ්‍ය තම ශරීරයෙහි හැඩය ගැන හෝ තම රැුකියාව පමණකි. මෙලෙසින් බිහිවන දරුවා තුල නිර්මාණාත්මක හැකියාව. කරුණාව , දයාවද ,අන් අයට සැලකීම , උදවු උපකාර දක්වන බව මිත‍්‍රශීලිත්වය ඉතා පහළ මට්ටමක පවතී. 

වර්තමානයෙහි කුඩා දරුවන් පෝෂණය වන්නේ දෙමාපිය පරිසරය මත නොවේ.රූපවාහිනි මාධ්‍යය මෙයට ප‍්‍රබල බලපෑමක් එල්ල කර ඇත. සෑම කුඩා දරුවකු තුළම වර්තමානයේ වීරවරයන් වන්නේ තම පියා නොව කාඞ්බොඞ් වීරයන්ය. උදාහරණ ලෙස බෙන් 10, ස්පයිඩර් මෑන්, වැනි මන:කල්පිත වු චරිතයන්ය. මෙයින් ඔවුන්ගේ හැසිරීම් තුලද දැකිය හැකිය. පෙර පාසල් වල අධ්‍යාපනය ලබනා කුඩා දරුවන් තුල වර්තමානය වන විට පාලනය කල නොහැකි වු ප‍්‍රයෝගකාරී චර්යාවන් රැුසක් ඇතිවී ඇත. මෙයින් ගම්‍ය වන්නේ වර්තමානය තුල දරුවා ජීවත් වන්නේ ආක‍්‍රමණශීලි වු ලෙස බවය. සෑම කුඩා දරුවකුම වාගේ තම පොත් කවරයෙහි, එසේ නැත්නම් පැන්සල් පෙට්ටියෙහි මෙම වීරයන්ගෙන් පුරවා පවතී. 

මෙලෙසින් පිරිමි දරුවා හැඩ ගැසෙන අතර ගැහැණු දරුවන් කැමැත්ත පල කරන්නේ බොළ`ද වු නාට්‍යයන් කෙරෙහිය. ආදරය , යෞවනත්වය ,ලිංගිකත්වය වැන්නේ සමන් විත මෙම නාට්‍යය ගැහැනු දරුවාගේ සිත් දිනා ගනී. උදාහරණ ලෙස සුජාත දියණ, අභීත දියණි, පබා, බො`ද මීදුම් වැනි ටෙලි නාට්‍යය මත ඇයගේ චරිතය ගොඩ නැගේ. මම පසුව පැහැදිලි කිරීමට යන සමාජ පීඩනයන්ටද මෙම ලක්ෂණ ද තව දුරටත් පැහැදිලි කිරීමට බලාපොරෙත්තු වෙමි.

මෙම නිසා ගැහැනු ළමුන් කුඩා කලම ආදර සම්බන්ධතා වලට පෙළඹේ. ගැහැණු ළමුන් පමණක් නොව පිරිමි ළමුන්ද මේ කියන්නා වු කරුණට අදාල වේ. එකල පැවතී උසස් පෙළ ආදරය වර්තමානයේ ශිෂ්‍යත්ව ආදරයට විතැන් වී ඇත. මෙය සත්‍යයකි. වර්තමාන සමාජයේහි පවතින නව ප‍්‍රවණතාවයන්ය.

තවද වර්තමානයෙහි පවතින ළමා අපචාර සීග‍්‍ර ලෙස වර්ධනය වී ඇත. මත්ද්‍රව්‍යය වලට පෙළඹ වීම වැනි වු කරුණු හේතුවෙන් ළමා පරපුර දුසිරිත් වලින් ගහන වු සුන්දර නොවු අසුන්දර ළමා කාලයක් උරුමකම් කීමට සිදු වී ඇත.

යෞවනයන්

 
දරුවන් ලබන්නා වු අත්දැකීම් අනාගතයෙහි පෞර්ෂත්වයට බලපාන බව න්‍යාය තුලින් ස්වීයත්වය යන ලිපියෙහි සදහන් කර ඇත. වර්තමාන යෞවනත්වය ආදරය, ලිංගිකත්වය, සමාජ ශීලිත්වය වැනි කරුණු කාරණා ඔස්සේ විතැන් වී ඇත. 

යෞවනත්වයට පත්වන්නේ කවරදාද අන්න එතැන් සිට ඔහු හෝ ඇය පෙළඹෙන්නේ තම අනාගතය , රැුකියාව පිළිබ`ද නොව තම ආශාවන් ඉටු කර ගැනීමටය. සමස්ථයම එලෙසය කියා හංවඩු ගැසීමට නොහැකි නමුත් වර්තමාන යෞවන පරපුරෙන් 95%කම මෙම තත්වය දැක ගත හැකිය.


මැදිවියෙහි පුද්ගලයන්

මෙකල පවතින සාධක නම් ශාරීරික දුබලතාවන්ට හා ලෙඩ රෝගයන්ට පත්වීමය.අනෙක් අතෙන් තම දරු දැරියන්ගේ අනාගතය පිළිබ`දවත් ඔවුන්ගේ දරුවන් දැක ගැනීමේ ආශාවත් තම දරුවන්ගේ සතුටත් මොවු බලාපොරොත්තු වේ. මේවා තුලට ඔවුන්ගේ පෞරුෂත්වය ගොඩනැගේ. ශාරිරික දුබලතා ඔස්සේ මානසික දුබලතාවයනට පත් විය හැක. ලෙඩ රෝග ස`දහා බියද මෙහිදී පෞර්ෂය ස`දහා බලපායි.

මහල්ලන්

 
මේ කාලය තුල ඔවුන් පතන්නේ තමාට තමාගේ දරුවන් සලකාවී යන මානසික තත්වයයි. නමුත් මෙය සිදුවන්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. වර්ථමානයේ පවතින ආර්ථික රටාවත් සම`ග පුද්ගලයන් මෙසේ පෙළඹෙන බව කිව මනාය. නමුත් මුලදී පැවසූ පරිදි තම දෙමාපියනට සැලකු පරිදි තම දරුවන් දැක ආදර්ශයට ගත් බව ඔවුන්ට වැටහෙන්නේ එවිටය. මක්නිසාද යත් තම දරුවන්ගේ චිත්තය ගොඩ නැගෙන්නේ තම දෙමාපියන්ගේ කි‍්‍රයා කලාපය මතය. 

තවද මරණය ස`දහාද මොවුන් බිය වෙති. තමා සතු සියල්ල නැතිවේය යන බිය නිසාද මොවුන් මානසිකව ඇද වැටිම සිදුවේ.

මේ කරුනු නිසාත් ආගමික වපසරිය තුල පවතින විශ්වාස ඇදහිලි, මත ඔවුන් මේ භවයේ කළ කී දැ සිහිවීමද පෞරුෂත්වයට බලපායි. මා මේ පිළිබ`ද සමාජ පීඩනය තුල පෞරුෂත්වය යන පරිච්ෙඡ්දයෙහි සවිස්තරව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. 

මෙලෙසින් ඛන්ඩනය සිදුකලේ අවබෝධ කර ගැනීමේ පහසුවටය. සමස්ථයක් ලෙස පුද්ගල ස්වීයත්වය පිලීබ`ද ඉහත දැක්වූ න්‍යායන් සම`ග ගත් කල යම් අදහසක් ගත හැකි අතර තවද එය සාදක සහිතව ඔප්පු කළ හැක.

එහෙනම් ඔබට ජය වේවා....!

Thursday, July 17, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (5වන කොටස)

සමාජ ඉගෙනුම න්‍යාය

සමාජ ඉගෙනුම් න්‍යායෙහි  න්‍යාය වන්නේ පුද්ගලයා සමාජයෙන් චර්යාව හැඩ ගස්වා ගන්නා බවයි. එනම් ඔහුගේ චර්යාව බිහිවී ඇත්තේ  සමාජයෙහි පවතින් යම් යම් ආදර්ශයන්ට අනුවය. ඇය හා ඔහු සමාජයෙන් ආදර්ශයනට තමන් ග‍්‍රහනය කර ගන්නාවූ කරුණු ඔස්සේ චර්යාව හැඩ ගස්වා ගන්නා බවයි.

මේ පහළින් දාලා තියෙන පින්තූරය දිහා බැලුවොත් ඔයාලාට දැන ගන්න පුළුවන් මේ න්‍යාය සරලව....


මෙයට අනුව ගත් කල සමාජයේ පවතින්නාවු යම් ආදර්ශයක් පිලිබ`ද මූලික අවධාරණය කරන අතර එය අවධානයෙන් යුක්තව ගවේෂණය කරයි. මින්පසුව එළඹෙන්නේ එම ගවේෂණය කරන්නා වු පුද්ගල චර්යාව තම ශාරීරික හැකියාව මත අනුකරණය කිරීමට පෙළඹීමයි. පරිසරය කෙරෙහි පුද්ගලයාත් අන්‍යෝන්‍යව බලපාන බව ඔවුන්ගේ මතයයි. 

මෙයට අනුව  සමස්ථයක් වශයෙන් සමාජයෙහි වෙසෙන පුද්ගලයින් තම චර්යාව, පෞරුෂත්වයහැඩ ගස්වා ගෙන ඇත්තේ  සමාජයෙන් ලබන අත්දැකීම්, ආදර්ශයන්ගෙන් බවයි. ඇතැම් හැසිරිම් රටා, ඒ ඒ අවස්ථාවලට හැසිරිය යුතු ආකාරය , ආදිය රූපවාහිනිය හෝ චිත‍්‍රපට දර්ශන වලින් පවා පුදගලයින් ඉගෙන ගෙන ඒ අනුව හැසිරෙන බව පැහැදිලිය.


වර්තමානයේ පවතින සමාජ පීඩනය යටතේ මා ඉදිරියේදී සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වෙමි.


අද ලිපියේ කරුණු සුළු වෙන් ලීවට මේකෙන් කියවෙන අදහස ටිකක් සංකීර්ණයි....


ඔබට ජය... !

Wednesday, July 16, 2014

Life Is Beautiful (2012) | ජීවිතය සුන්දරයි. [සිංහල උපසිරැසි සමඟ]



චිත්‍රපට කියන්නේ අපේ ජිවිතයට සම්බන්ධ දෙයක්නේ... ඉතින් අපි විවිධ වු චිත්‍රපට බලන්න ආසයිනේ. මම අද ඔයාලාට චිත්‍රපටයක් අරන් ආවා.. මේකට සබ් කරලා නම් ටික කාලය්වෙනවා.. මේ චිත්‍රපටය බලලාම ඔයාලා අදහස් කියන්නකෝ..

මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය උදෙසා කල නිර්මාණයක් ... ඔයාලා දන්නවා ඇති නේ නේද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය... ඒ ගැන ආයේ මම කතා කරන්නේ නෑ.. මම මෙහෙම කියන්නම් කෝ.. නොම්බර එකේ වෙබ් අඩවියක් කියලා... මම ඒකට දාපු ලිපිය එහෙම් පිටින්ම දානවා ඕන්.. මොකද නැත්තම් මට ආයෙත් කතාව මෙතන කොට කොට ඉන්න වෙනවා.....


උපුටා ගැනීම බයිස්කෝප් වෙබ් අඩවිය.. අයිතිකරු රංග මධුශංඛ නිසා ආයේ ඒක අහන්ඩ දෙයක නෑනේ...



මුලින්ම විකි සහෝදරයාට ස්තූති වන්ත වෙනවා, මේ කරන වැඩේට… අද මම ගෙනාවා තෙලිගු ෆිල්ම් එකක්… මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම….. මේ ෆිල්ම් එක IMDb 10 න් 6.2ක් අරන් තියෙනවා.. IMDb වල මේ වගේ රෑන්ක් එකක ගන්නවා කියන්නේ සුපිරී තමයි… මේ චිත්‍රපටය කරලා තියෙන්නේ Sekhar Kammula.. මේ ෆිල්ම් එක විනාඩි 167 පුරා දුවනවා…වාද බයිලා නැතිව කෙළින්ම කතාවට යමුකෝ.

ජීවිතය කියන්නේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස දුක සැප කියන මේ සියල්ලෙන්ම පිරුණු එකක්නේ… ඉතින් මේ ජීවිතයේ වටින්නේ මොනවගේ දේවල්ද? එහෙම කිව්වොත් ඔයාලාට ගැටලුවක් වෙයි නේ? මෙහෙම අහන්නම්කෝ. ජීවිතයේ වටින්නේ සල්ලිද ආදරයද? මේ ෆිල්ම් එකේන් ඔයාට කියලා දෙන්නේ මේදේ ගැන.

මේ ෆිල්ම් එකේ සීනු,චින්නි සහ සත්යාද කියන්නේ සහොදර සහෝදරියෝ.. අම්මා එකපාරටම මෙයාලා මාමලාගේ ගෙදර යනවා…යද්දි පොරොන්දු ටිකක් ගන්නවා. සීනුට කියන්නේ කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. සත්‍යා ට කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. චින්නිට කියන්නේ කවදාවත් අඩන්න එපා කියලා…

එච්චරයි කියන්නේ.. ඔයාලා මේක බලලම කියන්නකෝ…. බලලා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න..එකපාරටම අම්මා මෙයාලාව මාමලාගේ ගෙදරට යවන්නේ ඇයි…. ? එයාලා වුණු පොරොන්දු ඉටුකරන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක බලලාම කොමේන්ට් පාරක් දාන්න.. මොකද මට දැනගන්න පුළුවන් ඔයාලා ඒ චිත්‍රපටයෙන් මොකක් හරි දෙයක් ගත්තා කියලා…
ඕන් එහෙනම් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයකුත් දැම්මා ඕන්....


මෙතනින් ගිහින් බාගන්න...... සිංහල සබ් එකත් මෙතනම ඇති... ටොරන්ට් තමා ඉතින් ඩව්න්ලෝඩි කරන්න වෙන්නේ......