add

Sunday, January 5, 2014

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....





සිංහල අපි හරිම වාසනාවන්තයි... මොකද අපිට අලුත් අවුරුදු දෙකක්ම තියනවානේ... මම එහෙම කීවට අමනාප වෙන්න එපා.. මම මෙහෙම කීවේ අපිටම ආවේනික වූ අපේ සංස්කෘතිය මගින් අපට හිමිකර දුන් අනර්ග දායාදයක් වූ සිංහල අලුත් අවුරුද්දත්.......... ඊට අමතරව අපි පෙරදිග ක්‍රමය එනම් ක්‍රි.ව ක්‍රමය තුල බෙදූ දින වකවානු තුල පැමිණෙන අලුත් අවුරුද්දත්  යන මේ දෙකම සමරන්න උරුමකාරයෝ වීම එක හින්දයි... මේ සමරන  හැම අලුත් අවුරුද්දකම මුලික හරය වන්නට ඔනේ තමන්ගේ සිතිවිලි අලුත් කරගෙන නවමු හැගීමකින් ඉදිරි අනාගතයට මුහුණ දීමට... තරහ මරහා අමතක කර... අලුතින් යමක් සිත තුලට ඇතුල් කරගෙන අලුත් ජීවිතයක් ගත කරන්න අදිටන් කර ගැනීමනේ.......


හොදයි මම නම් අවුරුද්දට සුබ පැතුම් එස් එම් එස් වලින් යාළුවන්ට යැව්වා... හි හි ඒ අය අහන්නේ ඔච්චර දිග එස් එම් එස් එකක් කියවන්න පුලුවන්ද කියලා... ඉතින් මම කල්පනා කරා ඒ එස් එම් එස් එක් නිම්තෙර පාඨක හැමෝටමත් ඒ අයුරින්ම පුදන්න...... සමහර අය අහනවා ඒකත් ඒ එස් එම් එස් එකේ තිබ්බද කියලා...

එහෙනම් ඕන් මේක කියවලා මුට පිස්සු කියලා කියන්නෙ එහෙම නෑ. හරිද....

අලුත් බලාපොරොත්තු පොදි බැදගෙන
අලුත් සිහින ඇතිරෑ 
අප යන මාර්ගයේ 
තවත් එක් නැවතුම් පොළක්
අසල අප හැමදෙනාම
රෑදී සිටින්නෙමු....
(මේ මොහොතේ සිතමු මෙලෙස)

රංගගෙන් විශ් එකක්

සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන


වියරු ගිණිදැල් නොවෙමු – වනය අවුලා තබන
සිසිල දෙන වැස්සවෙමු – දැවෙන කැළයට වසින


සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු - එකම ගගකට වැටෙන


නපුරු හීනය නොවෙමු - ළමුන් නිදි සුව බිදින
සොදුරු අඩහැරය වෙමු – දනන් නින්දෙන් මුදන


සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු  - එකම ගගකට වැටෙන

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..... සැමට.....

ඕන්න ඕකයි විශ් එක... හි හි... මේක සින්දුවක්නේ..... කියලා තව කෙනෙක් කියයි... ඔව් මේක සින්දුවක්
මේක මට හිතුනේ හැම කෙනාම බලන්නේ අවුරුද්දට සුබ උපන් දිනයක් කියන්නනේ.. ඉතින් මමත් ඒ විදිහටම අලුත් අවුරුද්දට සුබ පැතුවා...

අසාමාන්‍ය ලෙස....
මේක ගුණදාස කපුගේ ශූරින් විසින් ගායනා කරන්නට යෙදුන ගීතයක්.. මට හිතුනා මේ ගීතේ අර්ථය හොදයි අපේ සිත තුලට ඇතුලත් කර ගන්න කියලා... 

මේ අලුත් අවුරුද්දේ අලුත් වෙන්න... මේ පැරණි ගීතය කොහොමද උදව් වෙන්නේ කියලා හිතනවා ඇත.. ඒත් හිතන්න සොහොයුර සොහොයුරියනි... මේ ගීතයේ අර්ථය කිසි දවසක පැරණී වේද කියලා....

නෑනේ.. අපි මේ සින්දුව අහමු එතකොට තව ටිකක් සැරට අලුත් අවුරුද්දේ සිතට අලුත් සිතුවිල්ලක් දමාගත හැකි... 

එහෙනම් ආයුබෝවන් හැමෝටම .......

Saturday, November 30, 2013

සෙනෙහස

සෙනෙහස
මාතුපෝතක කතාවෙහි මෙන්
ජීවිතය පරුදුවට තබා පීනා ගිය ලෙසට
මට නොහැක පීනන්නට ආර්ථික රෑල්ලට 
අසුවී මමත් ගිලෙන සද

ඇය නිතර නිරත වන 
කාර්යය හැර දමා
මා ගැන සොයන්නට
මා ගැන බලන්නට 
වෙලා ඇතත් ඇයට
මට නොහැක
වෙලාවක්
ඇය බලා සනහන්න
මේ 
වෙලාවෙහිද ඇත යටවෙමින්
කදු ගණන්
වැඩ ගොඩක්

ආර්ථික වින්නැහිය
ගසාලයි පණ නලට
කියන්නට සොයන්නට
කාලයක් නොපෙන්වා
දිනෙන් දින
පැයෙන් පැය
මරා ලයි මගේ පණ
ටක් ටික් ටක් ටික්
කියා බෙරි හන්දෙමින්

මෙයට වැරදි කාරයා
කවුරුන්ද යන වගට
තවම මම 
සොයන්නෙමි
පිළිතුරක්

තිබේනම් පිළිතුරක්
දමායනු මැනමි සද
ඔබට අත් වේය 
පින් ගොඩක්.........
රංග මධුශංඛ                                         

පිපෙණ මල

පිපෙණ මල

සතුටු විය
එකසිතින්
දැක ඔබේ පෙර ලකුණු

මතු දොහොක
ලොවම සුවද කරන
මලක් බව.........


ඔබට
සල්ලාලකම් කරන බඹරු
පියා සලන විට
හිරු දුටුව
සුරිය මල මෙන්
හැරෙන්නට හිත් දෙයි ද ඒ දෙසට

නමුත් සිතනු මැන තවම ඔබ
කැකුළක් බව
පරිසර අනුවර්තනය නොදත්......

රංග මධුශංඛ ..                                   

Monday, July 1, 2013

system system... design .. design... ඉගෙන ඉගෙන ගන්නවාද ගන්නවාද?

මේ දවස් වල අපිට අලි අලි ප්‍රශ්න... මොකද අපිට මේ දවස් වල සිස්ටොම් කියලා මොකක්දෝ එකක් උගන්නනවා... ඇත්ත කියන්න එපායේ විලි ලැජ්ජයි කියන්න. පොඩි පොඩි අවස්ථාවලදී අහන ප්‍රශ්න වලට ලාවට කොර වෙනවා.. මොනවා කරන්නද ඉතින්... එහෙම කියලා ඉගෙන ගන්නේ නැතුව ඉන්ටැ...
ඉතින් මම හිතුවා අපි ඉගෙන ගන්න පාඩම් වලින් අපි ගත්ත දේවල් සාරංශයක් විදිහට දැම්මොත් හොදයි කියලා.. මොකද අපි වගේම හීනියට කොර වෙන අය තව ඉන්න හින්දා.. ඉතින් නමෝ විත්තයෙන්ම අපි වැඩ ටික පටන් ගමු මෙන්න මෙහෙම...
පද්ධති එහෙම නැත්නම් සිස්‍ටම් (System) කියලා දෙයක් අපි මේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන ශිල්පයේදී ඉගෙන ගන්නවා... ඉතින් මේකේ තියෙන පද්ධති ගැන දැන ගන්න කලින් අපි දැන ගමු සාමාන්‍යයෙන් පද්ධතියක් කියන්නේ ‍මොකක්ද කියලා..... ඉතින් පද්ධති කීවහම.. අපිට හුරු වචනයක් නේ.. ඒත් කවුරු හරි පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා ඇහුවම.. කියා ගන්න වචන එන්නෙ නෑ.. (හිතේ තියෙනවා... එත් කියා ගන්න බෑ....)

මුලින්ම අපි බලමු පද්ධති කියන වචනය අපිට හුරු ඇයි කියලා... ඔයාලා පොඩි කාලේ විද්‍යාව ඉගෙන ගනිද්දි... පද්ධති ගැන ඉගෙන ගන්නවා... 
  1. අස්ථි පද්ධති
  2. ආහාර ජීර්ණ පද්ධතිය
  3. රුධිර සංසරණ පද්ධතිය
  4. ස්නායු පද්ධතිය
  5. ශ්වසන පද්ධතිය
  6. වසා පද්ධතිය
  7. බහිස්‍රාවීය පද්ධතිය
  8. ප්‍රජනන පද්ධතිය (මේ පද්ධතිය ගැන අපි කතා කරනවාට කැමති නෑ.. මොකද අපේ සංස්කෘතියත් එක්ක මේක.. චීයා කියලනේ කියන්නේ........... )
ඉතින් මේ ගැන වැඩි දුරටත් කතා කරමුකෝ. මම එක උදාහරණයක් ගන්නම්කෝ... ආහාර ජීර්ණ පද්ධතිය.... ඉතින් මේ පද්ධතිය ගැන කතා කරද්දී ඔයාලට තේරෙයි මොකක්ද මේ පද්ධතියක් කියලා හදුන්වන්න තියෙන්න ඕනේ ලක්ෂණ කියලා......

කන්න කීවහම අපේ අයියලා ලිමිට් නෑනේ..  ඉතින් කන අයගෙන් ඇහුවොත් එහෙම කන්නේ ඇයි කියලා කියන්නේ බඩගින්නටනේ කියලා.. හරි ඇත්ත. අපි හැමදේම කරන්නේ කන්ඩ තමා... බලන් ගියපුහම... අපි කන්ඩ ජීවත් වෙනවාද  නැත්නම් ජීවත්වෙන්න කනවද කියලා ත් සැකයි වෙලාවකට.. අපි කන්නේ බඩ ගැන්නට ද?.. හ්ම් ඔවු එක අතකින් ඒක ඇත්ත.. අපි කන්නේ අපේ ශරීරයට ශක්තිය ලබා ගන්න.. ඒ කියන්නේ පෝෂණය ලබා ගැනීම‍ට..  ඉතින් අපි කන ආහාර ජීර්ණය කර පෝෂණය ශරීරයට රැගෙන ඉවත ලෑමට තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය සැකසිලා තියෙන්නේ...

අපි කතා කරමුකෝ මේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන.. අපි කෑම මුඛයට දමා ගෙන හොදට හපනවා හපලා ගිලිනවා.. ඉතින් මේ කෑම යන්නේ ගලනාලය දිගේ එහෙම යන්නේ ඛේටයත් එක්ක හොදින් ඇඹරිලා. ඉතින් අපි මුඛය වැඩ කරන වාරයක් පාසා අක්මාව වෙත ආහාර ජීර්ණය කිරීමට අවශ්‍ය පරිසරය හැදෙනවා... ඒ තමයි ජීර්ණයට උදව් වෙන්න ඉතින් අපි ගිලින ආහාර යන්නේ ආමාශයට එහිදී රසායනික සංයෝගයන් සමග සංකලනය වෙලා යන්නේ කුඩා බඩ  වැල .. මහා බඩ වැල... ඉන්පසු ගුදයෙන් ඉවත ලනවා.. මේ සෑම දෙයකටම විවිධ වු ක්‍රියාකාරකම් පැවරිලා තියෙනවා.. මේ විවිධ වූ ක්‍රියාවන් කිරීමට විවිධ වු ආයුරින් ස්ථාන තියෙනවා.. මේ හැම එකක්ම වාගේ හරියට තමන්ගේ වැඩ නිම කිරීමෙන් අවසාන ක්‍රියාව වන ආහාර ජීර්ණ ක්‍රියාව නිසි ලෙස සිදු වෙනවා.. බැරි වෙලාවත් මෙයින් එක් කොටසක් හෝ අඩාල උනොත් සෑම ක්‍රියාවක්ම නිසි ලෙස සිදු‍වන්නේ නෑ...

දැන් තේරෙන්න ඇති මොකක්ද මේ පද්ධතියක් කියන්නේ කියලා.. මේකේ ලක්ෂණ කිහිපයක් තියෙනවා... 
  1. කුමක් හෝ එක් අරමුණක් තිබීම
  2. විවිධ වූ කොටස් සමූහයක් තිබීම
  3. තනි තනිවමත් අන් අය සමගත් සාමුහික ක්‍රියාකාරිත්වයක් තිබීම. 
ඒ කියන්නේ අවසන් ලෙස මෙසේ පද්ධතියක් හදුන්වන්න පුළුවන් .. ඒ තමයි.. යම්කිසි එක් අරමුණක් වෙනුවෙන් සාමුහිකව හා අන්තර් ක්‍රියාවන් මගින් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාකරන සම්පත් සමූහයක් යන්නයි..

ඉතින් මේ. පද්ධතියේ හරය.......මේ පද්ධතින් විවිධ අයුරින් බෙදනවා.. මම ඒක හෙමින් සැරේ දාන්නම්.. අදට නවතිනවා.. 
ඔක්කොටම ජය වේවා.. හොදේ... 
මම මධූ...........

Tuesday, June 18, 2013

හිත හදා ගන්න බෑ...............

වැස්ස දවස් වලවත් කුඩයක් ගෙන්න බැරිද ඔයාට... ඇය මගෙන් එලෙස ඇසුවේ තරහකින් නොවන බව මම දනිමි...

වැස්සට කුඩයක් අරන් ආවොත් කොහොමද මම  ඔයත් එක්ක යන්නේ එකට.... මම සිනාමුසු මුහුණින් පිළිතුරක් දුන්නෙමි...

ඇය මට හෙමින් පාරක් ගැසීය.. එය ගැසුවේ‍ වෛරයෙන් නොව හුරතල් සිනාවක්ද සමගය... 

අපි කොහෙද අද.... යන්නේ.....  ඈ මගේ මූණට එඹී ඇසූ සැටි මට මතක් විය...

අපි අද යමු මාළිගාවට......  හිත ටිකක් සැහැල්ලු කර ගන්න...

මාත් ආසයි.. ඒත්.... මට බයයි.......... අදුරන කවුරු හරි ආවොත්...

ඇයි බයවෙන්නේ.. යමු.. එහෙම කිසිදෙයක් වෙන්නේ නෑ.... 

තද වරුසාවේ වුවද ‍අපි දෙදෙනා සෙමින්  එක කුඩය යට තුරුලුවී මාළිගාවේ දෙසට පා තැබුවෙමු....

මා දැන් සිටින ස්ථානය ඇයත් සමග එදා  ගත කළ ස්ථානයේය.. දළදා හාමුදුරුවන් පේන මානේ එදා අපි එකට හිදගෙන වන්දනා කලේ දහසක් බලාපොරොත්තු පොදි බැදගෙනය... 

මම ප්‍රාර්ථනා කළේ ඇයගේ සතුට සැමදා පවතිවා.. ඇ‍යට කිසි අනතුරක් නොවේවා.. කියන අහිංසක ඉල්ලීම පමණයි.....

ඒත් අද මම පැමිණියේ ඒ අහස උසට බැදි බලා පොරොත්තු සියල්ලම බිදී කඩා වැටුනු මගේ සිහින ලොව යළිත් ගොඩ නගා ගැනීමටය.... 

මගේ දුක කියාගන්න කිසිවෙක් නොමැති වූ නිසාත් මා මේ ලොව තනිවී ඇතැයි හැගීම නිසාත්.... මම අද දළදා හාමුදුරුවන්ට මගේ දුක කිමට මාළිගාවේ උඩු මහලට පැමිණියෙමි.. එදා අපි දෙදනා සිටි තැනට පැමිණ මම හිදගත්තේ හදවතේ කොනක ඇති වු සියුම් වේදනාවත් සමගය.. කෙසේ හෝ ගෙවුනු අවුරුදු දෙකක කාලය තුල මම ඇයට කිසිදු හිතේ දුකක් නොදීමත් මගේ මේ වේදනාව තිවෘර වීමට හේතුවක් වීම ඉවසා සිටීමට මට නොහැක..., ඇයට මගේ ආදරය නොවැටහීම නිසා මම වරදක් කලා යන හැගීම මම තව තවත් මානසිකව වද දෙන කාරුණක් විය. ඒ හැගීම නිතර මගේ ම‍නසේ  රකුසෙකු ලෙස මදෙස විලිස්සාගෙන සිටින බව හැගෙන්නේ .. සිතේ දුක රදවමිනි...

දළදා හාමුදුරුවන්ට මගේ දුක කියා පැය ගණනක් වුවද සිටීමට හැකිය.. නමුත් මට මෙහි කෑගසා හැඩිය නොහැක.. මගේ දෙනෙතට කදුළු පිරීම මෙහි සිටින අනෙක් වන්දනාකරුවන්ගේ අවධානය යොමු වීමට හේතුවක් විය.. කෙසේ වෙතත් මම මෙතන වැඩි වෙලා සිටිය නොහැකි තැන නැගිට පහල මහලයට ගියේ ඇයත් එක්ක සිටි තැන මගේ හදවත නැවත වරක් පෑරීමටත් අතීතය වෙත මගේ සිත නිරායාසයෙන් ගමන් කරන නිසාත්ය...

මම වෙනදා මෙන් පාරේ යෑමට පවා නොහැකි මට්ටමක පවති.. සැම තැනම ඇගේ මතකයන් පිරී පවති. පාරක් පාරක් ගානේ ඇයත් සමග අත්වැල් පටලා ඇවිද්ද සැටි මගේ මතකයට පැමිණිම නිසාය.. කෙසේ හෝ බස් රථයට පැමිණීමට බස් නැවතුම් පොළට එන අතර මග .. 


හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
මා සදා හඩනවා - මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

මම මදක් නතර වී ඒ ගීතයට  සවන් යොමු කළෙමි... මාගේ ජීවිත කථාව එහි ගැබ්වී ඇති බව මට හැගී ගියේ නිරායාසයෙනි...

ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ  - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා

මේ විකි හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමට හැකියාව ලැබිණි.. මම එතැන නිසොල්මන්ය.. හදවත මට වඩා වේගයෙන් අතීතය හා සම්බන්ධ වී ඇයත් සමග සිටි සුන්දර සිහින නැවත චිත්‍රපටයක්‍ මෙන් මවා පාන්නට විය...

හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

මම මේ දුක කෙසේ විද ගම්ද .. කෙසේ ..... ඇයගේ මතකය අත් හරිම්ද.. කෙනෙකු ඇත්නම් පවසන්න... මේ දුක කෙසේ විද ගන්නේ කෙසේද කියා...


හිත හදාගන්න බෑ....

Saturday, June 15, 2013

ආදරය තුළ ආරක්ෂාව....


හරි ලිපි ලියන්ඩ ගියපුවාහම පිස්සු හැදෙනවා.... මොකද  මේක ලියන්නේ සෑහෙන වැඩ රාජකාරි බහුල කාලයක.. මොකද විභාග කියන්නේ අපිට එකපාරට එක වෙලාවට එන දෙයක්නේ.. කාලයක් වේලි වේලි තියලා ..... විභාග තිබ්බාම අපි අසරණ වෙනවා.. එතකොට තමයි අපිට තරු පේන්නේ...

‍හරි මොක වුණත් ඉඩක් ලැබුණු වෙලාවට අනිවාර්යෙන්ම ලිපියක් දානවා කියන ඉලක්කය උඩ ඉන්නවා.. ‍ඉතින් මේකටත් වේලාවක් වෙන් කර ගත්තා.....

හරි අපි කලින් ලිපියෙන් කතා කරා මොකක්ද මේ ආදරය කියන්නේ කියලා.. ඔයාලට අමුත්තක් දැනෙන්න ඇති මම ‍වර්ග කළ හැටියට ... මොකක්ද ඒ... වර්ග කිරීම... මෙලෝ රහක් නෑ කියලා කියන අයත් හිටින්ඩ ඇති. කොහොම වෙතත් මම මේ විදිහට වර්ග කළේ යම් කිසි හේතුවක් ඇතුව.....


ආ -    ආරක්ෂාව
ද -     දයාව
ර  -   රස්නය
ය -   යහපත 

මම මේකේ අළුත් දෙයක් එක්කරා.. මම දැකපු බොහෝ ලිපි වල තිබ්බේ ආදරය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා


ආ -    ආරක්ෂාව
ද -     දයාව
ර  -   රාගය
ය -   යහපත

මම ඒකට එකග වෙන්නේ නෑ.. මොකද අපි අම්මට ... තාත්තට.... සහෝදර සහෝදරියන්ට ආදරය කරනවා.. එ‍්කෙදි අපි රාගික හැගීමක් ගන්නේ නෑ.. මේ වර්ග කිරීම මම කියන විදිහට ගැලපෙන්නේ නෑ,..

මම දාපු විදිහට මම විග්‍රහ කරන්නම්...

ආරක්ෂාව....

ආරක්ෂාව කියන එක අපි හැමොටම තියෙන අවශ්‍යතාවයක්.. ඒකනේ අපි තාප්ප ගහගෙන.. සිකියුරිටි කැමරා හයිකරගෙන අපි ජීවත් වෙන්නේ.... 

ඉතින් මේ  සදහා අපි ආරක්ෂක භටයෝ ... යොදා ගන්නවා.. අපි ඒ අයට ගැලපෙන පඩියක්.....දෙනවානේ.. ඉතින් අපි ඒ අයට ආදරෙයි කියනවාද......?

නෑ අපි ආරක්ෂාව දෙන හැම කෙනෙකුටම ආදරෙයි කියන්නේ නෑ.. ඒක ආදරය නෙවෙයි.. එතකොට ආදරය කියන්නේ මොකකද? මගේ දැක්ම අනුව ආදරය  තුල  ආරක්ෂාව කියන්නේ අනෙකාගෙන් කිසිවක් බලාපොරොත්තු‍ නොවී තමන්ගේ ජීවිතයේ ආත්ම තෘප්තිය මත සිදුකරන කැප කිරීමක් ... 

මේක එක එක්කෙනාගේ දැක්ම අනුව වෙනස් වෙනවා..... සමහරු කියන්නේ මම එයාව මගේ ඇස් දෙක වගේම ආරක්ෂා කරනවා කියලා. හැබැයි සමහර අයනම් ඒ ගැන තැකීමක් කරන්නේ නම් නෑ,. මට හම්බෙලා තියෙනවා නොයෙක් වර්ගයේ පෙම්වතුන්. මොකද මම ඉගෙන ගන්න විෂයත් එක්ක මට සමාජය පිළිබද අවධානයෙන් සිටිය යුතුවෙන නිසා...

හිතන්න ආරක්ෂාව කියලා ඒ අය කරන්නේ පෙම්වතිය පස්සෙන්ම යනවා.. ඒ කියන්නේ ආරක්ෂාව මත ඇයට නොයේක් අයුරින් තහන්චි දානවා.. මේහෙම කරන්න .. මෙහෙම කරන්න.. මම කීව නේ එහෙම කරන්න එපා කියලා.. මම කිවනේ ඔයාට ‍ෆේස්බුක් යන්න එපා කියලා.. මම කීවනේ ෆෝන් ඔෆ් කරන්න එපා කියලා.. ඇයි ෆෝන් ඔෆ් කරේ.. ඇයි ෆෝන් ඔන් කරගෙන ඉන්නේ. දැන් මොකද කරන්නේ.. ඔයා කාගෙත් එක්කද ඉන්නේ.. ඔයා යන්න එපා මට නොකිය කොහෙවත්.. බ්ලා බ්ලා බ්ලා

මේක ආදරයද....

ඇත්තටම මේක ආදරය කියලා නම් මම කියන්නේ නෑ,. පෙම්වතා පෙම්වතිය ගැන හොයන්න ‍ඕනේ නමුත් ඉහත කීව අයුරින් කීවොත් ඒ ක ආදරය නම් වෙන්නේ නෑ .. ඒකට හේතු ගොඩාක් තියෙනවා කියන 

  • රාගික ආකර්ශනය..
  • සැකය
  • සමාජයේ මිත්‍යා විශ්වාස
  • ‍පරිසරයෙන් ඔහුට හෝ ඇයට අසන්නට ලැබෙන දේ

මේ වගේ ගොඩාක් දේවල් මේ ඉහත සදහන් කර වාරණයන්ට හේතු වෙනවා.. එහෙනම් අපි මොකක්ද කරන්නේ...

අපි කරන්න ඕනේ ආදරය ගැන කරන අයට නොදැනෙන්න අපි ඇය ගැන හෝ ඔහු ගැන සොයා බැලීම නොවේද... ඒකෙදි සමහර අය තමන්ගේ යාළුවෝ තෝල්කයෝ කර ගන්නවා.. මේක එක අතකට බොහෝම බරපතල දෙයක් ......... මොකද මේකෙදි පෙම්වතිය හෝ පෙම්වතාගේ නිදහස බාදා වෙනවා.. එවිට ඔහු බලන්නේ ඔබට හොරෙන් යම් යම් දේ කිරීම.. අනික මේකෙද යහළුවා යෙහෙළිය හැමදේම කියන්නෙත් නෑනේ. ඕකට ලුණු ඇඹුල් දාලා.... සෝස් එහෙම දාලා.. කොත්තුවක් තමා දෙන්නේ.. තමන්ගේ අදහසුත් එක්ක. ඉතින් මේකෙදි වෙන්නේ තම පෙම්වතා හෝ පෙම්වතිය කෙරෙහි අනිසි සැකයක් උපදවා ගන්නවා.. මොකද පෙම්වතා හෝ පෙම්වතිය තමන් දන්නා හදුනන තම කෙනෙක් එක්ක කතා කරන එක .. යන්නේ මහා ගිනි ජාලාවක් වෙලා..

මේකෙදි මැදිහත් සිතින් එම එන ආරංචි අසා.. තමාට එන ආරංචිය කෙලින්ම තම පෙම්වතා හෝ පෙම්වතියගෙන් නිවී සිටින වෙලාවට අහලා දැන ගන්න... එතකොට එයා ඇත්ත විස්තරය කියයි.. මතක තියාගන්න නිවුනු වෙලාවක... තරහ ගිය වෙලාවක ඇහුවොත් ඉතින් එදාම ගාල ගෝට්ටියක් වෙලා තමයි නවතින්නේ...ඉතින් මේක සාර්ථකයි.. මොකද මේකෙදි හැම කෙනාගෙම හිතත් නිවෙනවා.. ගැටළුත් අඩුවෙනවා.. 

තව දෙයක් හැම පෙම්වතාම පෙම්වතියම ඇත්ත කියන්නෙත් නෑ.. මේකෙදි ඔබ ඉවසීම තුල ඇත්ත ‍නැත්ත සෙවිය යුතු‍වෙනවා.. මම කියන්නෙ නම් තමාම එය සොයා බැලීම වටිනවා.. මොකද තමා දකින දෙය අනෙක් අය කියනවාට වඩා සිය දහස් ගුණයකින් වටින නිසා...

තව ගොඩාක් දේවල් ඉතින් ආරක්ෂාව යටතේ කතා කරමු.. අදට මේ පොඩි දැනමුතුකම අනුගමනය කරලා බලන්නකෝ.. ඉතින්... එතකොට ඔය හිත් රිදීම් අවම වේවි.. 

අදට ආයුබෝවන්....