Tuesday, June 18, 2013

හිත හදා ගන්න බෑ...............

වැස්ස දවස් වලවත් කුඩයක් ගෙන්න බැරිද ඔයාට... ඇය මගෙන් එලෙස ඇසුවේ තරහකින් නොවන බව මම දනිමි...

වැස්සට කුඩයක් අරන් ආවොත් කොහොමද මම  ඔයත් එක්ක යන්නේ එකට.... මම සිනාමුසු මුහුණින් පිළිතුරක් දුන්නෙමි...

ඇය මට හෙමින් පාරක් ගැසීය.. එය ගැසුවේ‍ වෛරයෙන් නොව හුරතල් සිනාවක්ද සමගය... 

අපි කොහෙද අද.... යන්නේ.....  ඈ මගේ මූණට එඹී ඇසූ සැටි මට මතක් විය...

අපි අද යමු මාළිගාවට......  හිත ටිකක් සැහැල්ලු කර ගන්න...

මාත් ආසයි.. ඒත්.... මට බයයි.......... අදුරන කවුරු හරි ආවොත්...

ඇයි බයවෙන්නේ.. යමු.. එහෙම කිසිදෙයක් වෙන්නේ නෑ.... 

තද වරුසාවේ වුවද ‍අපි දෙදෙනා සෙමින්  එක කුඩය යට තුරුලුවී මාළිගාවේ දෙසට පා තැබුවෙමු....

මා දැන් සිටින ස්ථානය ඇයත් සමග එදා  ගත කළ ස්ථානයේය.. දළදා හාමුදුරුවන් පේන මානේ එදා අපි එකට හිදගෙන වන්දනා කලේ දහසක් බලාපොරොත්තු පොදි බැදගෙනය... 

මම ප්‍රාර්ථනා කළේ ඇයගේ සතුට සැමදා පවතිවා.. ඇ‍යට කිසි අනතුරක් නොවේවා.. කියන අහිංසක ඉල්ලීම පමණයි.....

ඒත් අද මම පැමිණියේ ඒ අහස උසට බැදි බලා පොරොත්තු සියල්ලම බිදී කඩා වැටුනු මගේ සිහින ලොව යළිත් ගොඩ නගා ගැනීමටය.... 

මගේ දුක කියාගන්න කිසිවෙක් නොමැති වූ නිසාත් මා මේ ලොව තනිවී ඇතැයි හැගීම නිසාත්.... මම අද දළදා හාමුදුරුවන්ට මගේ දුක කිමට මාළිගාවේ උඩු මහලට පැමිණියෙමි.. එදා අපි දෙදනා සිටි තැනට පැමිණ මම හිදගත්තේ හදවතේ කොනක ඇති වු සියුම් වේදනාවත් සමගය.. කෙසේ හෝ ගෙවුනු අවුරුදු දෙකක කාලය තුල මම ඇයට කිසිදු හිතේ දුකක් නොදීමත් මගේ මේ වේදනාව තිවෘර වීමට හේතුවක් වීම ඉවසා සිටීමට මට නොහැක..., ඇයට මගේ ආදරය නොවැටහීම නිසා මම වරදක් කලා යන හැගීම මම තව තවත් මානසිකව වද දෙන කාරුණක් විය. ඒ හැගීම නිතර මගේ ම‍නසේ  රකුසෙකු ලෙස මදෙස විලිස්සාගෙන සිටින බව හැගෙන්නේ .. සිතේ දුක රදවමිනි...

දළදා හාමුදුරුවන්ට මගේ දුක කියා පැය ගණනක් වුවද සිටීමට හැකිය.. නමුත් මට මෙහි කෑගසා හැඩිය නොහැක.. මගේ දෙනෙතට කදුළු පිරීම මෙහි සිටින අනෙක් වන්දනාකරුවන්ගේ අවධානය යොමු වීමට හේතුවක් විය.. කෙසේ වෙතත් මම මෙතන වැඩි වෙලා සිටිය නොහැකි තැන නැගිට පහල මහලයට ගියේ ඇයත් එක්ක සිටි තැන මගේ හදවත නැවත වරක් පෑරීමටත් අතීතය වෙත මගේ සිත නිරායාසයෙන් ගමන් කරන නිසාත්ය...

මම වෙනදා මෙන් පාරේ යෑමට පවා නොහැකි මට්ටමක පවති.. සැම තැනම ඇගේ මතකයන් පිරී පවති. පාරක් පාරක් ගානේ ඇයත් සමග අත්වැල් පටලා ඇවිද්ද සැටි මගේ මතකයට පැමිණිම නිසාය.. කෙසේ හෝ බස් රථයට පැමිණීමට බස් නැවතුම් පොළට එන අතර මග .. 


හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
මා සදා හඩනවා - මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

මම මදක් නතර වී ඒ ගීතයට  සවන් යොමු කළෙමි... මාගේ ජීවිත කථාව එහි ගැබ්වී ඇති බව මට හැගී ගියේ නිරායාසයෙනි...

ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ  - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා

මේ විකි හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමට හැකියාව ලැබිණි.. මම එතැන නිසොල්මන්ය.. හදවත මට වඩා වේගයෙන් අතීතය හා සම්බන්ධ වී ඇයත් සමග සිටි සුන්දර සිහින නැවත චිත්‍රපටයක්‍ මෙන් මවා පාන්නට විය...

හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

මම මේ දුක කෙසේ විද ගම්ද .. කෙසේ ..... ඇයගේ මතකය අත් හරිම්ද.. කෙනෙකු ඇත්නම් පවසන්න... මේ දුක කෙසේ විද ගන්නේ කෙසේද කියා...


හිත හදාගන්න බෑ....

Saturday, June 15, 2013

ආදරය තුළ ආරක්ෂාව....


හරි ලිපි ලියන්ඩ ගියපුවාහම පිස්සු හැදෙනවා.... මොකද  මේක ලියන්නේ සෑහෙන වැඩ රාජකාරි බහුල කාලයක.. මොකද විභාග කියන්නේ අපිට එකපාරට එක වෙලාවට එන දෙයක්නේ.. කාලයක් වේලි වේලි තියලා ..... විභාග තිබ්බාම අපි අසරණ වෙනවා.. එතකොට තමයි අපිට තරු පේන්නේ...

‍හරි මොක වුණත් ඉඩක් ලැබුණු වෙලාවට අනිවාර්යෙන්ම ලිපියක් දානවා කියන ඉලක්කය උඩ ඉන්නවා.. ‍ඉතින් මේකටත් වේලාවක් වෙන් කර ගත්තා.....

හරි අපි කලින් ලිපියෙන් කතා කරා මොකක්ද මේ ආදරය කියන්නේ කියලා.. ඔයාලට අමුත්තක් දැනෙන්න ඇති මම ‍වර්ග කළ හැටියට ... මොකක්ද ඒ... වර්ග කිරීම... මෙලෝ රහක් නෑ කියලා කියන අයත් හිටින්ඩ ඇති. කොහොම වෙතත් මම මේ විදිහට වර්ග කළේ යම් කිසි හේතුවක් ඇතුව.....


ආ -    ආරක්ෂාව
ද -     දයාව
ර  -   රස්නය
ය -   යහපත 

මම මේකේ අළුත් දෙයක් එක්කරා.. මම දැකපු බොහෝ ලිපි වල තිබ්බේ ආදරය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා


ආ -    ආරක්ෂාව
ද -     දයාව
ර  -   රාගය
ය -   යහපත

මම ඒකට එකග වෙන්නේ නෑ.. මොකද අපි අම්මට ... තාත්තට.... සහෝදර සහෝදරියන්ට ආදරය කරනවා.. එ‍්කෙදි අපි රාගික හැගීමක් ගන්නේ නෑ.. මේ වර්ග කිරීම මම කියන විදිහට ගැලපෙන්නේ නෑ,..

මම දාපු විදිහට මම විග්‍රහ කරන්නම්...

ආරක්ෂාව....

ආරක්ෂාව කියන එක අපි හැමොටම තියෙන අවශ්‍යතාවයක්.. ඒකනේ අපි තාප්ප ගහගෙන.. සිකියුරිටි කැමරා හයිකරගෙන අපි ජීවත් වෙන්නේ.... 

ඉතින් මේ  සදහා අපි ආරක්ෂක භටයෝ ... යොදා ගන්නවා.. අපි ඒ අයට ගැලපෙන පඩියක්.....දෙනවානේ.. ඉතින් අපි ඒ අයට ආදරෙයි කියනවාද......?

නෑ අපි ආරක්ෂාව දෙන හැම කෙනෙකුටම ආදරෙයි කියන්නේ නෑ.. ඒක ආදරය නෙවෙයි.. එතකොට ආදරය කියන්නේ මොකකද? මගේ දැක්ම අනුව ආදරය  තුල  ආරක්ෂාව කියන්නේ අනෙකාගෙන් කිසිවක් බලාපොරොත්තු‍ නොවී තමන්ගේ ජීවිතයේ ආත්ම තෘප්තිය මත සිදුකරන කැප කිරීමක් ... 

මේක එක එක්කෙනාගේ දැක්ම අනුව වෙනස් වෙනවා..... සමහරු කියන්නේ මම එයාව මගේ ඇස් දෙක වගේම ආරක්ෂා කරනවා කියලා. හැබැයි සමහර අයනම් ඒ ගැන තැකීමක් කරන්නේ නම් නෑ,. මට හම්බෙලා තියෙනවා නොයෙක් වර්ගයේ පෙම්වතුන්. මොකද මම ඉගෙන ගන්න විෂයත් එක්ක මට සමාජය පිළිබද අවධානයෙන් සිටිය යුතුවෙන නිසා...

හිතන්න ආරක්ෂාව කියලා ඒ අය කරන්නේ පෙම්වතිය පස්සෙන්ම යනවා.. ඒ කියන්නේ ආරක්ෂාව මත ඇයට නොයේක් අයුරින් තහන්චි දානවා.. මේහෙම කරන්න .. මෙහෙම කරන්න.. මම කීව නේ එහෙම කරන්න එපා කියලා.. මම කිවනේ ඔයාට ‍ෆේස්බුක් යන්න එපා කියලා.. මම කීවනේ ෆෝන් ඔෆ් කරන්න එපා කියලා.. ඇයි ෆෝන් ඔෆ් කරේ.. ඇයි ෆෝන් ඔන් කරගෙන ඉන්නේ. දැන් මොකද කරන්නේ.. ඔයා කාගෙත් එක්කද ඉන්නේ.. ඔයා යන්න එපා මට නොකිය කොහෙවත්.. බ්ලා බ්ලා බ්ලා

මේක ආදරයද....

ඇත්තටම මේක ආදරය කියලා නම් මම කියන්නේ නෑ,. පෙම්වතා පෙම්වතිය ගැන හොයන්න ‍ඕනේ නමුත් ඉහත කීව අයුරින් කීවොත් ඒ ක ආදරය නම් වෙන්නේ නෑ .. ඒකට හේතු ගොඩාක් තියෙනවා කියන 

  • රාගික ආකර්ශනය..
  • සැකය
  • සමාජයේ මිත්‍යා විශ්වාස
  • ‍පරිසරයෙන් ඔහුට හෝ ඇයට අසන්නට ලැබෙන දේ

මේ වගේ ගොඩාක් දේවල් මේ ඉහත සදහන් කර වාරණයන්ට හේතු වෙනවා.. එහෙනම් අපි මොකක්ද කරන්නේ...

අපි කරන්න ඕනේ ආදරය ගැන කරන අයට නොදැනෙන්න අපි ඇය ගැන හෝ ඔහු ගැන සොයා බැලීම නොවේද... ඒකෙදි සමහර අය තමන්ගේ යාළුවෝ තෝල්කයෝ කර ගන්නවා.. මේක එක අතකට බොහෝම බරපතල දෙයක් ......... මොකද මේකෙදි පෙම්වතිය හෝ පෙම්වතාගේ නිදහස බාදා වෙනවා.. එවිට ඔහු බලන්නේ ඔබට හොරෙන් යම් යම් දේ කිරීම.. අනික මේකෙද යහළුවා යෙහෙළිය හැමදේම කියන්නෙත් නෑනේ. ඕකට ලුණු ඇඹුල් දාලා.... සෝස් එහෙම දාලා.. කොත්තුවක් තමා දෙන්නේ.. තමන්ගේ අදහසුත් එක්ක. ඉතින් මේකෙදි වෙන්නේ තම පෙම්වතා හෝ පෙම්වතිය කෙරෙහි අනිසි සැකයක් උපදවා ගන්නවා.. මොකද පෙම්වතා හෝ පෙම්වතිය තමන් දන්නා හදුනන තම කෙනෙක් එක්ක කතා කරන එක .. යන්නේ මහා ගිනි ජාලාවක් වෙලා..

මේකෙදි මැදිහත් සිතින් එම එන ආරංචි අසා.. තමාට එන ආරංචිය කෙලින්ම තම පෙම්වතා හෝ පෙම්වතියගෙන් නිවී සිටින වෙලාවට අහලා දැන ගන්න... එතකොට එයා ඇත්ත විස්තරය කියයි.. මතක තියාගන්න නිවුනු වෙලාවක... තරහ ගිය වෙලාවක ඇහුවොත් ඉතින් එදාම ගාල ගෝට්ටියක් වෙලා තමයි නවතින්නේ...ඉතින් මේක සාර්ථකයි.. මොකද මේකෙදි හැම කෙනාගෙම හිතත් නිවෙනවා.. ගැටළුත් අඩුවෙනවා.. 

තව දෙයක් හැම පෙම්වතාම පෙම්වතියම ඇත්ත කියන්නෙත් නෑ.. මේකෙදි ඔබ ඉවසීම තුල ඇත්ත ‍නැත්ත සෙවිය යුතු‍වෙනවා.. මම කියන්නෙ නම් තමාම එය සොයා බැලීම වටිනවා.. මොකද තමා දකින දෙය අනෙක් අය කියනවාට වඩා සිය දහස් ගුණයකින් වටින නිසා...

තව ගොඩාක් දේවල් ඉතින් ආරක්ෂාව යටතේ කතා කරමු.. අදට මේ පොඩි දැනමුතුකම අනුගමනය කරලා බලන්නකෝ.. ඉතින්... එතකොට ඔය හිත් රිදීම් අවම වේවි.. 

අදට ආයුබෝවන්....

Wednesday, June 12, 2013

ආදරයයි අකුරු සතර ඉන්............


ලිපිය හෙට දාන්නම් කියලා කීවට ඒක ලියා ගන්න කාලයක් නැති උනා ... මොනවා කරන්ඩද ඉතින්.. හරි අද වෙලාවක් හම්බවුන වෙලාවේ මම හිතුවා ලිපියක් දැම්මොත් ‍හොදයි කියලා... මගේ කලින් ලිපියත් එක්ක සම්බන්ධයි ‍ඔන්න මේ ලිපියත්.. ඒක කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවානම් මෙතනින් යන්ඩ හොදයි.....

හරි වැඩේට බහිමු.. කොතනින්ද අපි පටන් ගන්නේ......  
හොද තැනක් වෙන්ඩ එපායේ නමෝ විත්තේන්ම... මම මෙහෙම පටන් ගන්නම්... මම පටන් ගන්න ‍හිතුවේ අපි ආදරය කියන්නේ මොකක්ද කියන තැනින්.... 

ඉතින් අපි අනෙකාට ආදරය කරනවානේ....... (ඇත්තටම ආදරය කරන්නේ කාටද කියන එක නෙවෙයි මෙතනදි වැදගත්..) අපි පොඩි කාලේ ඇහුවාම අම්මාට තාත්තාට කොච්චර ආදරේද කියලා අත දික්කරන්ඩ පුළුවන් උපරිම දික්කරලා කියනවා මම මෙච්චර ආදරෙයි කියලා.. අපි යෞවනයෙක්ගෙන් හෝ යෞවනියකගෙන් ඇහුවොත් ඔයා ආදරය කරන ඒක්කෙනාට කොච්චර ආදරේද කියලා... එයා කියයි මගේ මුළු ජීවිතය වුණත් එයාට දෙනවා කියලා....ඒයා මගේ පණ කියලා..... (ඇත්තටම නම් ඒහෙම කරයි කියලා හිතෙනවාද ? ) කමක් නෑ ... අපි කතා කරමුකෝ.... පස්සේ කාලෙක අපේ දරුවන්ට ආදරය කරනවා.. මැරීගෙන සල්ලි හොයලා  කන්ඩ අදින්ට හොයලා දීලා උස් මහත් කරලා... ඔවුන්ගේ අනාගතය ගැන දුක් වෙනවා.. එතනත් තියෙන්නේ ඒ ආදරය මයි... මේ ආදරය යන වචනය හැම කාලෙකදීම යෙදෙනවා.. ‍ඉතින් මේ ආදරය කියන වචනයෙන් කියවෙන අදහස එකම මනුෂ්‍ය හැගිමක් නිරූපනය වනවා කියලා හිතෙනවා.. නේ.....

මම පොඩි ඇඩ් එකක් දාන්නම්.. ඒක බලලා ආයේ මේ ලිපිය කියවන්ඩ‍කෝ... ඒක ඉන්ෂුරන්ස් ඇඩ් එකක් උනත් ලස්සන අදහසක් දෙනවා.. වාණිජ පරමාර්ථයකින් උනත් මේක හැදුවට අදහස බොක්කටම වදිනවා....


බැලුවද... දැන් තේරෙනවා ඇති ආදරය කියන්නේ මොකක්ද කියලා.....මට මේ ලිපි‍ 100ක් ලිව්වත් ලියාගන්ඩ බැරි  තරම් දෙයක් මේ ඇඩ් එකෙන් නිරෑපනය වෙනවා... හරි කොහොම හරි ආදරය කියන්නේ.. විශේෂයෙන් අනෙකාට පේන්න ... බෝඩ් ලෑලි උස්සන් . මම ඔයාට ආදරෙයි කියලා කියන දෙයක් නොවෙයි කියලා ඔයාලට හැගී යනවා ඇති.. ඉතින් ‍මෙහෙම කියමුකෝ.. අපි ආදරය කරන කවුරු වුණත් මේ වගේ ආරක්ෂාවක්.... බලාපොරොත්තු වෙනවා.. ආදරය තුල තියනවා මේ හැම දේම..

ආ -    ආරක්ෂාව
ද -     දයාව
ර  -   රස්නය
ය -   යහපත

මම මේ අකුරු හතරට දෙන අර්ථයයි.. (පණ්ඩිත ටෝක්ස් දාන්ඩ ගිහිල්ලා කොර වෙයිද දන්නේ නෑ) ඉතින් මේ අකුරු හතරේ කියවෙන් අර්ථය හරියට ක්‍රියාත්මක කලොත් ඔයා සැබෑ ආදර වන්තයෙක් / ආදර වන්තියක්..  ඇත්තටම ආදරය කරද්දි පාර්ෂව දෙකෙන් එක් පාර්ශවයක අත් හැරීමක් තියෙන්ඩ ඕනේ... මේක සෑබෑ ආදරය නම් අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට වුවද කැප කරන්න පුළුවන් වෙන්න ඕනේ. (මේ මගේ අදහස් හොදේ... ඔයාලට කැමති අදහසක් තියෙනවානම් පල්ලෙහා ‍කොමෙන්ටුවේ ලියන්ඩ.)

ඉතින් අද මම මේ ලිපියෙන් කිවුවේ ආදරය කියන වචන හතරේ අරුත... ඊළග ලිපි වලින් අපි බලමු ආදරය ගැන තවත් වැදගත් කරුණු කිහිපයක්..........

එහෙනම් ආයුබෝවන් යාළුවනේ.... මම ගියා...... සින්දු කෑල්ලක් මතක් උණා කියන්ඩද...

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ .........

ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු...

මට ඔයා...

ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ...................